Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේ දිනවල ලෝක විනාශ පිළිබද බොහෝ ලිපි පල වනවා.පලවන බොහොමයක් ලිපි අසත්‍ය ඒවා වන අතර සත්‍ය ලිපි ඉතා අල්ප වේ.

පසු ගිය දා weeklyworldnews මගින් පල කල ලිපියකින් දැක්වුණේ 2012 වනවිට ලෝකය විනාශ කිරීම සදහා පිටසක්වල ප්‍රහාරක යානා තුනක් පැමිණෙන බවයි.එම පුවත අපේ රටේ එක් පුවත්පතකද පල කොට තිබුණා.

මේ දිනවල ලංකාව ඇතුළු ලෝකය පුරාම ඇතිවී තිබෙන දේශගුණික විපර්යාසය නිසා බොහෝ දෙනෙක් මෙය ලෝක විනාශයේ පෙරනිමිතිදැයි සැක පහල කරනවා. සියලු කරනු කෙරෙහි සැක පහල නොකොට ලෝක විනාශයක් ඇති විය හැකි කරුණු පිලිබද මුලින්ම සොයා බැලිය යුතුය.

පසුගිය කාලය පුරාම විවධ පර්යේෂණ වල ප්‍රතිපල ලෙස විද්‍යාඥයින් ලෝක විනාශයට හේතු වන්නාවූ ප්‍රධාන කරුණු කිහිපයක් සොයා ගෙන ඇත.සයන්ටික් ඇමරිකා සගරාව හෙළි කල පරිදි එම කරුණු මෙසේයි.

දේශගුණික විපරීථ ,පෘතුවි පෘෂ්ටයේ ඇතිවන විපරීථ හා විශ්වයේ සිදුවන ග්‍රාහක ගැටිම්ය. 

මෙම සිදුවීම් තුල පහත දැක්වෙන ඒවාද ඇතුලත්වේ.

  • පෘතුවියට කඩා වදින සුරිය ගිනි දැල්
  • ගෝලීය උණුසුම මුල්කොටගෙන සිදුවන ක්‍රියාවලි
  • මරණිය වසංගත
  • ගම කිරණ විශ්වයේ බුබුළු සංසිද්ධිය
  • ගිනි කදු පිපිරීම්
  • භූ චලන හා භූ විනාශයන්
  • ග්‍රාහක ගැටීම
2012 ලෝක විනාසය සිදු වන බව කියවන කතාවේ මුලාරම්භය වනුයේ මායාවරුන්ගේ දින දර්ශනය 2012 -12 -21 පසුව අවසන් වන බවත් ඉන් පසුව ලෝකය විනාශය සිදුවන බවට ගොඩ නැගුන කතාවයි.

ක්‍රිස්තුපුර්ව 2600 පමණ ආරම්භ වූ මාය ශිෂ්ටාචාරය සැබවින්ම ගණිත විද්‍යාව හා තාරක විද්‍යාව අතින් ඉතා ඉහල දැනුමකින් යුක්ත පිරිසක් වුහ.එම නිසා එම කාරණයද සුළුවෙන් බැහැර කල 
නොහැක.


නමුත් ලංකාව වැනි රටකට වඩා වැදගත් වනුයේ බුදු දහමේ හා ජෝතිශයේ අනුසාරයෙන් ලෝක විනාශය පිළිබද සත්‍ය අසත්‍ය සොයා යාමයි.බුදු දහමේ හා ජෝතිශයට අනුව ලෝක විනාශයක් සිදු වන්නේ කල්පයක් අවසන් වූ පසුවයි.එම නිසාම ලෝක විනාශය කල්ප විනාශය ලෙසින්ද හදුන් වනවා.


කල්පයක්         = මනු අන්තර 14
මනු අන්තර 1   = මහා යුග 71
මහ යුග 1         = අවුරුදු 4323000


ඒ අනුව ලෝක විනාශය සිදු විය යුත්තේ කල්පයක් හෙවත් මනු අන්තර 14 ක් අවසනයේදියි.නමුත් අප දැන් ගෙවා තිබෙන්නේ මනු අන්තර 6ක් පමණයි.

එම නිසා මෙම පැහැදිලිකිරීම් වලට අනුව 2012දී ලෝක විනාශයක් සිදු විය නොහැකියි.නමුත් 2012 දී කිසියම් භයානක උපද්‍රවයක් සිදුවන බවනම් ජෝතිෂ්‍ය මගින් පෙන්වා දෙනවා.

සොයා ගැනීම් වලට අනුව මෙය 2012 -12-12 වනදා සිදු විය හැකි අතර බොහෝ දුරට දැවැන්ත භුමි කම්පාවක් වීමට ඉඩ තිබේ. 

2012-12-12 වනදා උදැසන 5.30 ට යෙදෙන ග්‍රහචාරයක් නිසාවෙන් මෙම භූමිකම්පාව ඇතිවිය හැක.මෙම ග්‍රහ චාරය වන්නේ සුර්යා සහ පෘතුවිය අතරමැද සිටින ග්‍රහයින් එකම අංශගත හෙවත් එක පෙලට පිහිටිමයි.මෙම ග්‍රහචාරය යෙදුනුවිට පෘතුවියේ සමතුලිතබාවය නැතිවන අතර එහි ප්‍රතිපලයක් ලෙස කුමක් හෝ විපර්යාසයක් සිදු විය හැකියි.
1976 ජුලි 28 චීනයේ අලුයම 3.42 ට සිදු වූ මහා භූමිකම්පව සිදුවූ අවස්ථාවෙදිද ග්‍රහයන් එක පෙලට පිහිට තිබුණි.

1934 ජනවාරි 15 නේපාලයේ සිදු වූ දරුණු භුමි කම්පවේදීද සදු හා බුද්ධ ග්‍රහය එක පෙලට පිහිට තිබුණි.

2004 වසරේ ඉන්දුනීසියාවේ තිබූ භුමි කම්පවේදීද 2010 හයිටියේ ඇති වූ දරුණුතම භුමි කම්පා ඇති වුවේද ඉහත සදහන් කරන ලද ග්‍රහ යෝගයන්ට සමාන අවස්ථාවලදීය.
කෙසේනමුත් 2004 සුනාමි තත්වයෙන් පසු පරීක්ෂණ කල විද්‍යාඥයින් පෙන්වා දෙන්නේ ඉදිරි වසර 20 තුලදී 2004 හටගත් සුනාමි තත්වයට සමාන තත්වයක් හට ගත හැකි බවයි.ඉන්දියානු සාගරයේ අලුතින් සිදුවන භූ තැටි නිසා එම කලාපයේ ඇතිවන භූ චලන නිසා ලංකාව හා ඉන්දුනීසියාව ජාවා දුපත්වලට භිහිසුනු සුනාමි තත්වයන්ට අනාගතයේදී මුහුණ දිය හැකියි.


2012 උදාවන්නා වූ මෙම ග්‍රහචාරය නිසවෙන් භුමිකම්පාවක් අතිවුවහොත් එය ලංකාවටද බොහෝවිට බලපෑ හැක. නමුත් මෙම ග්‍රහචාරය අනුව මෙම ව්‍යවසනය සිදුවන්නේ ලෝකයේ කුමන කලාපයේද යන්න නිශ්චිතව කිව නොහැක. 
*ජෝතිෂ්‍ය අනාවැකිය - තිලක් ද සිල්වා මහතා 

හැටන් දික් ඔය ප්‍රදේශයේ කම්කරු පවුලක ගව පට්ටියක එලෙදෙනෙකු ඊයේ ඔලු දෙකේ වසු පැටියෙක් බිහිකළා.මෙහි විශේෂත්වය වන්නේ ඔලු දෙකේ වසු පටවා ඉතා නිරෝහි තත්වයේ පසු වීමයි.

ඉන්දියාවේ හිමාලයේ අවුලි හි පැවති පළමු දකුණු ආසියානු සීත සෘතු කී‍්‍රඩා උළෙලේදී රන් පදක්කමක් දිනා ගැනීමට ශී‍්‍ර ලංකාවේ අනීටා කුමුදුනී සමත් වුණා. ඇය මෙම රන් පදක්කම දිනා ගනු ලැබුවේ හිම මත ලිස්සා යෑමේ කාන්තා තරග ඉසව්වට සහභාගීවෙමින්. මෙරට කී‍්‍රඩා ඉතිහාසයේ හිම මත ලිස්සා යාමේ තරග ඉසව්වකින් පදක්කමක් දිනාගත් පළමු අවස්ථාව මෙය වනවා. ශී‍්‍ර ලංකාවේ උපත ලද අනීටා කුමුදුනී මේ වනවිට ස්විස්ටර්ලන්තයේ පදිංචිකාරිණියක් වන අතර, ඇය ශී‍්‍ර ලංකාවේ රාජ්‍ය නොවන සංවිධානයකද සේවය කර තිබෙනවා.

ශී‍්‍ර ලංකා ආරක්ෂක හමුදා අතින් පූර්ණ සන්නද්ධ පරාජයක් ලැබූ එල්.ටී.ටී.සංවිධානය සිය ඉදිරි මෙහෙයුම් සදහා කැනඩාව යොදා ගැනීමට ඉඩ ඇති බවට ඔත්තු සේවා විසින් කැනේඩියානු රජයට අනතුරු අගවනවා.

කැනඩාවේ ආරක්ෂක ඔත්තු සේවා බලධාරීන් උපුටා දක්වමින් ඔටාවා සිටිසන් පුවත්පත සදහන් කළේ මුහුදු මාර්ගයෙන් කැනඩාවට පැමිණෙන කොටි ක‍්‍රියාකාරීන්ගේ අරමුණ එය බවයි. කෙසේ නමුත් කොටින්ගේ කැනේඩියානු මෙහෙයුම් ජාලය කෙතරම් සංවර්ධනය වී ඇත් දැයි ඔවුන් නොදන්නා බව කැනඩාවේ ඔත්තු සේවා ප‍්‍රකාශ කර තිබෙනවා.


අග්නිදිග ආසියාතික රටක සිට ශී‍්‍ර ලාංකික දෙමළ ජාතික සංක‍්‍රමණිකයන් 400 කට අධික පිරිසක් කැනඩාවට මුහුදු මාර්ගයෙන් පැමිණීමේ සූදානම පිළිබද තොරතුරු හෙළිවීමත් සමගයි මේ බව අනාවරණය වී ඇත්තේ. මෙම නීතිවිරෝධී මුහුදු ගමන් කොටි ක‍්‍රියාකාරීන් විසින් සංවිධාන කරන අතර, ප‍්‍රධාන පෙළේ කොටි සාමාජිකයන් 50 දෙනෙකු පමණ එලෙස කැනඩාවට යාමට සූදානම්ව සිටින බවත් හෙළිවී තිබෙනවා.


දෙමළ සංක‍්‍රමණිකයන්ට මුහුදු මාර්ගයෙන් වඩාත් පහසුවෙන් ඕස්ටේ‍්‍රලියාවට යාමට හැකියාවක් ඇති බවයි ඔත්තු සේවා පෙන්වා දී ඇත්තේ. එහෙත් ඔවුන් කැනඩාවට පැමිණෙන්නේ ශී‍්‍ර ලංකාවේ බෙදුම්වාදයට යළි පණ දීමට බවට ඔත්තු සේවා කැනඩා රජයට අනතුරු අගවා තිබෙනවා.____________________________

LTTE may be using Canada as base of operations: Ottawa Citizen


Security intelligence authorities are warning that exiled Tamil rebel leaders are re-establishing their violent Sri Lankan separatist movement in Canada.

A well-placed federal government official told the Ottawa Citizen that they are unaware as to how far advanced it is, but their intent is pretty clear which is to set up a base-in-exile here for the leadership.

The warning accompanied a report late last week to senior government officials revealing that two southeast Asian smuggling syndicates are arranging the launch of two more shiploads of Tamil migrants to British Columbia in the coming weeks.

According to intelligence estimates the boats are expected to carry as many as 50 former Tamil Tiger rebel leaders and fighters.

Two previous cargo ships, Sun Sea and Ocean Lady, arrived off the West Coast last year and in 2009 carrying a total of 568 migrants, including several men the government suspects are former rebels.

_____________________________________

தப்பிச் சென்ற தமிழீழ விடுதலைப் புலிகளின் தலைவர்கள் சிலர், கனடாவில் மீளிணைவதாக புலனாய்வுத் தகவல்கள் வெளியாகியுள்ளன.

இது எந்த அளவுக்கு சாத்தியமானது என்பதில் தெளிவில்லை

எனினும் விடுதலைப் புலித் தலைமைகளின் இலக்கு அதுவென தெளிவாக தெரிவதாக கனேடிய அதிகாரிகள் சுட்டிக்காட்டியுள்ளனர்.

ஒட்டாவா சிட்டிசன் என்ற பத்திரிகை இந்த செய்தியை வெளியிட்டுள்ளது.

இலங்கையில் தனி ஈழத்தை கேட்டு போராடியதைப் போலவே கனடாவிலும் அவ்வாறான செயற்பாடுகளை மேற்கொள்ள அவர்கள் முயற்சிப்பதாக அதிகாரிகள் தெரிவித்துள்ளனர்.

ஏற்கனவே அங்கு சில விடுதலைப்புலிகளின் தலைவர்கள் தங்கி இருப்பதாகவும் அந்த புலானாய்வுத் தகவல்கள் தெரிவிக்கின்றன. தென்கிழக்கு ஆசிய நாடு ஒன்றில் இருந்து 400க்கும் அதிகமான இலங்கை அகதிகள் கப்பல் மூலம் கனடா செல்லவிருப்பதாக வெளியான தகவலை அடுத்து, இந்த எச்சரிக்கை விடுக்கப்பட்டுள்ளது.

கனடா நோக்கி செல்லவுள்ள இந்த அகதிகள் குழுவில், 50க்கும் அதிகமான தமிழீழ விடுதலைப் புலிகளின் தலைவர்கள் அடங்கியுள்ளதாக புலானாய்வு அதிகாரிகள் தெரிவிக்கின்றனர்.

விடுதலைப்புலிகளின் தலைவர்கள் ஒன்றிணைவதற்கு, கனடாவையே தளமாக பயன்படுத்துவதாகவும் கனேடிய புலனாய்வு அதிகாரிகள் வெளியிட்டுள்ள அறிக்கையில் சுட்டிக்காட்டப்பட்டுள்ளது.

தென்கிழக்காசிய நாட்டில் இருந்து அவுஸ்திரேலியாவுக்கு செல்வதே இலகுவானதாக இருக்கிறது

எனினும் மீள்ஒன்றிணைப்புக்காகவே விடுதலைப்புலிகளின் கனடாவை நோக்கியே வந்தவண்ணம் உள்ளதாக அவர்கள் தெரிவித்துள்ளனர்

ලංකාවේ වැඩියෙන්ම අලෙවි වන ඉලෙක්ට්‍රොනික උපකරණය මොකක්ද
කියල ඔබෙන් ඇසුවොත් ජංගම දුරකථනය ඔබේ පිළිතුර වේවි.
අද ලාංකීය සමාජයේ ජංගම දුරකථනය හුදෙක් සන්නිවේදන උපකරණයකට වඩා
සමාජයේ පුද්ගලයට හිමි තැන කියාපාන මිම්මක් වී අවසානයි.

ඉතින් මේ කියන්න යන්නේ ලෝකෙ තියන දැවැන්තම දුරකථන නිෂ්පාදන
සමාගමක් ගැන ඒ තමයි ......




මේ සමාගම සන්නිවේදන අංශයේ සෑම සේවාවක්ම සපයනවා
ෆින්ලන්තයේ දෙවනියට විශාලතම නගරය වන එස්පෝ හි මුලස්ථානය පිහිට තියනවා
පහතින් දිස්වෙන්නේ එයයි






මෙය මව් සමාගම වශයෙන් සලකා බැලුවිට අනෙක් අංශ රාශයක් ඔස්සේ සමුහ ව්‍යාපාරය විහිදී ගොස් තිබෙනවා





Siemens සමාගම සමග එක්වී පටන්ගත්ත මේක වර්තමානය වනවිට ලෝකයේ රටවල් 150 ක්‍රියාත්මක වනවා
සන්නිවේදන උපකරණ නිපදවන්නන් අතර ඉදිරියෙන්ම සිටින මෙය සේවකයන් 64,000 කගේ එකමුතුවෙන්
බිලියනයකට අධික පාරිභෝගිකයින් ප්‍රමාණයකට සේවා සපයනවා











මේක ලෝකයේ වටිනාකමින් ඉහලම ජංගම දුරකථන නිපදවන සමාගමක්
Signature Cobra නමින් හදුන්වන දුරකතනයක මිල $310,000 පමණ වෙනවා
ධනවතුන්ට පමණක් සේවා සපයන මෙය ගැනුම් කරුවන් ප්‍රමාණයට අනුව
නිපද වීම් කරනවා .
එංගලන්තයේ පිහිටා ඇති කර්මාන්තශාලාවේ නිපදවෙන මෙම නිපැයුම් පැරිසිය සිංගප්පුරුව වැනි
රටවල් කිහිපයක ඇති වෙළදසැල් වල විකිණීමට තිබෙනවා

මෙම දුරකථන වල ඉතා විශේෂ අංගයක් අඩංගු වෙනවා
"Vertu Concierge" නමින් හැදින් වෙන මෙය ක්‍රියාත්මක කිරීමට වෙනම key එකක් තියනවා
එමගින් ඔබට ලෝකයේ කොහේ සිටියත් lifestyle manager සමග සම්බන්ද වෙන්නට පුළුවන්
විනෝද සවාරි සංවිධානය සිට gourmet dining සේවා දක්වා ඔබට ලබා ගන්නට පුළුවන්












මේකට්ටිය ලෝකයේ භූගෝලීය සිතියම් නිර්මාණයේ සිට
Chrysler, Mercedes-Benz වැනි දියුණු රථ වාහන වල ඇති සදහා සිතියම් ලබාදෙනවා
GPS (Global Positioning System ) ජංගම උපකරණ නිපදවන්නන් වන සමාගම් වලට හා Yahoo! Maps, Bing Maps , MapQuest යන සියලු දෙනා
මෙහි සේවා ලබා ගන්නවා ඒ වගේම මයික්‍රොසොෆ්ට් සමාගම විසින් නිපදවන ලද
Flight Simulator X පරිගණක ක්‍රීඩාවට අවශ්‍ය දත්ත ලබා ගෙන තිබෙන්නේ මොවුන්ගෙන්.





දැන් අපි මේ සමාගම ගැන කරුණු ටිකක් දැනගත්තානේ.
එත් අපි හැමෝම දන්නා කියන ෆෝන් එකනේ NOKIA
ඔන්න ඉතින් මම ෆෝන් හදන හැටිත් ඔය ගොල්ලන්ට පොඩ්ඩක් විස්තර කරන්න හිතුව



මෙක්සිකෝවේ ,හංගේරියාවේ සහ චිනේ පිහිටි දැවැන්ත කර්මාන්තශාලා මගින් දිනකට දුරකථන 900,000
වැඩි ප්‍රමාණයක් නිපදවන බව ඔබ දන්නවද ?
සමාගම සිය නිපැයුම් කාර්ය සදහා වෙනත් කිසිදු සමාගමක් සම්බන්ද කර ගන්නේ නැහැ
අමු ද්‍රව්‍ය එකලස් කිරීමේ සිට අවසානයේ නිපැයුම බහාලන වල ඇසිරීම දක්වා සියල්ල සිදු කරන්නේ ඔවුන් විසින්මයි
මෙය ඔවුන්ගේ ලාභය වැඩි වීමට හේතුවක් වී තිබෙනවා
සාමාන්‍ය දුරකතනයක් නිපදවීමට $87 ගතවෙන අතර එය $129 ලෙස මිල නියම කරනවා එවිට
33% ලාභයක් ලබනවා .




පහතින් දැක්වෙන්නේ ෆින්ලන්තයේ NOKIA PHONE එකක් නිපද වෙන හැටි






දිනකට අමුද්‍රව්‍ය මිලියන ගණනක් මෙම ස්ථානයට ගෙන එනවා
ඒවා නිසිපරිදි ගබඩා කරන අතර පළමු පියවරේදී අවශ්‍ය අමුද්‍රව්‍ය
නියමිත් අංශයට ගෙනයනවා







ඉතා සියුම් උපාංග ප්ලාස්ටික් අසුරන වල හෝ reels of tape වල අසුරා තිබෙනවා






මෙහිදී Printed Circuit Board එක ඉපදවෙන අතර ඊයම් මිශ්‍රණයක් නියමිත ආකාරයට එයට ස්ථාන ගත වෙනවා







මම ඔයගොල්ලන්ට මුලින් කියපු Reels මෙහිදී වලට spindles ඇතුල් කරනවා
ඒවා මැෂිම ආධාරයෙන් printed circuit board එකේ නියමිත ස්ථාන වලට උපකරණ සවිකරනවා







මේ විදිහට දුරකතනයේ Circuit board එකට සියුම් අංග එකතු වෙනවා
ඉන් පසු විනාඩි 7 oven එකක් තුලට යොමු කර කලින් තබන ලද ඊයම්
පාස්සනු ලබනවා





පළමු තත්ත්ව පරික්ෂාව සිදුකරන අතර මුලික
උපාංග එක වීමෙන් පසු "flash and alignment" අංශයට පැමිණ ප්‍රථමික මෘදුකාංග
එක්වෙනවා





මෙහිදී චිප වල low-level settings සකස් වී පරීක්ෂණ රැසක් සිදුකර
අවශ්‍ය විදුලි සැපයුම සකසා සියල්ල නිවැරදිද යන්න බැලෙනවා






මෙහිදී කැමරා හා දර්ශන තිර සවි කිරීම මිනිස්
ශ්‍රමයෙන් සිදුවෙනවා






සැකිල්ල සවිකරන අතර පසුව පිටත ආවරණද
සවිකරනු ලබනවා





වැදගත් අවස්ථාවක් වන මෙහිදී දුරකතනට
IMEI අංකය ලබාදෙන අතර බැටරිය සවි කිරීමද සිදු කරනවා





මෙහිදී සිදු වෙන්නේ ඉතා සියුම් හෝ වැරදීමක් සිදුවී
ඇතිදැයි පරීක්ෂා කිරීමයි. මිනිස් ඇසක් පමණක් යොදා කරන මෙයින් පසු
බැටරිය බල ගැන්වෙනවා





සියලු උපාංග එකම අසුරණයක
බහා එයට බර්කොඩ් කේතයක් ලබා දෙනවා




අවසාන වශයෙන් පෙට්ටි වල අසුරන ලද
නිපැයුම වෙළද පොලට නිකුත් කිරීම සදහා
පිටත් කරනවා



ඔන්න ඉතින් ඔහොමයි NOKIA එකේ වැඩ වෙන්නේ

පසුගිය 12 වන දා කොළඹ දී .ආර් විජේවර්ධන මාවතේ පිහිටි සීනෝර් රෙස්ටුරන්ට් හි වාරිමාර්ග අමත්‍ය නිමල් සිරිපාල සිල්වා මහතාගේ ප්‍රධාත්වයෙන් සුපිරි සාදයක් පැවැත්වුනි.

සුපිරි කෑම බිම හා මත්පැන්වලින් සමන්විත මෙම සාදයට ඇමතිතුමාගේ හිතවතුන් හා මාධ්‍යවේදීන් කිහිප දෙනෙකු සහභාගී වී ඇත.

රුපියල් ලක්ෂ 10 කට වඩා වැය කොට පැවැත්වූ මෙම සාදයේ විශේෂත්වය වුයේ සාදයට සහභාගී වූ සියලු දෙනාට සමරු තිළිණයක් ලෙස රුපියල් 2000 කට ආසන්න වටිනාකමෙන් යුතු පෙන් ඩ්‍රයිව් ලබා දීමයි.



ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ වේග පන්දු යවන ලසිත් මාලිංග තමා ටෙස්ට් ක්‍රිකට් තරග වලින් සමු ගන්න බව නිවේදනය කොට ඇත.
ටෙස්ට් පිටියෙන් සමු ගත්තත් විස්සයි විස්ස හා එක්දින තරග සදහා දිගටම ක්‍රීඩා කරන බව ලසිත් මාලිංග ප්‍රකාශ කොට ඇත. 

ලසිත් මාලිංගගේ මෙම හදිසි සමු ගැනීමට හේතු වුයේ ඔහු මෙයට වසර කීපයකට පෙර පාදයේ ආබාධයකට ලක් වීමයි.


එම ආබාධයට ලක්වූ අවස්ථාවේ ඔස්ට්‍රේල්යානු විශේෂඥ වෛද්‍ය ඩේවිඩ් යංග් ඇතුළු වෛද්‍යවරුන්ඔහුට උපදෙස් දී ඇත්තේ පාදයේ අබාධය සුව කල නොහැකි බවත් ඉදිරියේදී ක්‍රීඩා කිරීමට වලකින ලෙසත්ය.

නමුත් ජනාධිපති මහින්ද රාජපක්ෂ ඇරයුමෙන් ජනාධිපති වෛද්‍ය එලියන්ත වයිට්‌ මහතා ලසිත් මාලිංග හට නේවාසිකව ප්‍රතිකාර ලබාදීමෙන් පසුව ඔහුගේ පාදයේ ආබාධය සුව විය.

නමුත් පාදයේ ආබාධය සුවවීමෙන් පසුව ටෙස්ට් තරග වලදී දිගින් දිගට මහන්සි වීම ඔහුගේ සෞඛ්‍යඅහිතකර වීම හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති ක්‍රීඩා විචාරකයෝ පවසයි.






















































Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter