Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

FireballsSunFire3ප‍්‍රබල සුර්ය කුණාටුවක් පෘථිවියට යොමු වනු ඇතැයි ජාත්‍යන්තර කාලගුණ විද්‍යා අංශ පවසයි. ශී‍්‍ර ලංකා වේලාවෙන් අද පෙරවරු 11.30 සිට 3.30 දක්වා කාලය තුළ කි‍්‍රයාත්මක වන මෙම සුර්ය කුණාටුව මගින් ආරෝපිත අංශූ වළාවන් පෘතුවියට එක් කරනු ඇතැයි ඔවුන් මත පල කරයි.

මේ සතිය මුලදී සුර්ය ගිනිදැල් අතර ඇති වූ ඝට්ටනයක් කුණාටුව ඇති වූ බව සඳහන් වන අතර මෙය වසර 05 කින් පෘථිවි කරා යොමුවන විශාලතම සුර්ය කුණාටුව ලෙස සැලකේ.

piumiනිලංජනා හා බොඳ මීදුම් හි රඟපෑ චරිත ඔස්සේ ජනප‍්‍රියත්වයට පත් පියුමි පුරසිංහ ලබන 24 වැනිදා මුදු මාරුකරන්නට සූදානම් වන බව වාර්තා වේ.
ඇය මෙසේ මුදු මාරුකර ගැනීමට සැරසෙන්නේ රෙමී රාඡ්ලාල් නැමැති තරුණයෙකු සමගය.
පියුමි හා රෙමිගේ ආදර කතාව තරමක් පරණ එකක්වුවද ඇය මෙය මාධ්‍යට මෙන්ම තමන්ගේ කිට්ටුම හිතවතුන්ගෙන්ද වසන්කර තිබිණි.

මොවුන්ගේ විවාහ ගිවිසගැනීම කොළඹ ගලදාරි හෝටලයේදි සිදු කිරීමට නියමිතය.පියුමි, රෙමී හඳුනාගෙන ඇත්තේ ඇගේ මිතුරියකුගේ මාර්ගයෙනි.‘රේමි’ එක්සත් ජාතික පක්ෂයෙන් ආණ්ඩුවට එක්වී අමාත්‍ය ධූරයක් ලබාගත් අයෙකුගේ කිට්ටුම හිතවතෙක් බව ද පැවසේ.

pensතනිව නිවසේ සිටි දෙදරු මවකට පෙරේදා (8 දා) ලෝක කාන්තා දිනයදා බලහත්කාරයෙන් ලිංගික අතවර කිරීමට තැත් කළ තරුණයකුගේ රහසඟ එම කාන්තාව විසින් මේස පිහියකින් කපා දැමූ පුවතක්‌ තඹලගමුව 99 ප්‍රදේශයෙන් වාර්තා වේ.

සිද්ධියට සම්බන්ධ පුද්ගලයා දැනට නාවුක හමුදාවේ සේවය කරන 22 හැවිරිදි නාවුක භටයකු ලෙස හඳුනාගෙන ඇති අතර ඔහු කන්තලේ මූලික රෝහලේ 7 වාට්‌ටුවේ පොලිස්‌ රැකවල් මත ප්‍රතිකාර ගනිමින් පසුවේ.

colombo_Docter 01ලංකාවේ ජීවත් වන අපි ආශ්චර්‍යයන් ඔනැ තරම් අසා තිබෙන්නට පුලුවන්. නමුත් යථාර්ථවත් ආශ්චර්‍යයක්් දකින්න අහන්න පමණක් නොවේ. අත්විදින්නත් අවස්ථාවක් ලැබෙන්නේ ඉතා කලාතුරකින්.දරුවන් අපිට සම්පතක්, ඒත් දරුවන් නොමැතිව දුක් විදිනි තරුණ අඹුසැමියන් අපේ රටේ කොපමණ ඇත්ද?  විවාහයට පත්වන කාන්තාවන්, පිරිමින්, ටික කලකට පසුව තමන්ගේම දරුවකු ගැන සිහින මවන්නන් බවට පත්වේ. නමුත් එය වසරින් වසර කල් යෑමත් සමග මුලින්ම අපහසුතාවයට පත් වන්නේ ගැහැණියයි. එය මේ සමාජ ක‍්‍රමය තුළ නිෂ්චිත වූ කි‍්‍රයාවලියකි.

නමුත් එය සැබෑවටම ප‍්‍රශ්නයක් කල යුතු කරුණකි. එය ගැහැණිය පමණක් නොව පිරිමියාද තම ක‍්‍රියාවලිය තුළ අසාර්ථකභාවය පෙන්නුම්කර තිබෙන නිසාය.

ඉතිහාසයේ එක් දිනක ඔබට දරුපල නොමැති බවට වූ වාර්තා ලැබී තිබෙන්නට පුලුවන. අනාගතයේදී යම් දිනක ඔබව එවැන්නක් බලාපොරොත්තු බිද වැටුනු වාර්තාවන් ලැබෙන්නේ නෑ යන්න කාට නම් කිව හැකිද?නමුත් දැන් ඒ මහා බලාපොරොත්තුව ඉටු කළ හැකි ඇයෙකු මිහිපිට ඉන්නවා කීවොත් එය අතිශොක්තියක් නොවේ.

sexසමලිංගික පේ‍්‍රමය නිත්‍යනුකූල බව ඉන්දියානු රජය පිළිගෙන ඇතැයි විදෙස් වාර්තාවල දැක්වේ.සමලිංගික සබඳතා නිත්‍යනුකූල කරමින් දිල්ලියේ අධිකරණයක් 2009 දී ලබාදුන් තීන්දුවක් පිළිගන්නා බව ඉන්දියානු රජය දැන්වීමත් සමග මෙම තත්වය ඇතිවී ඇතැයි පැවසේ.

ඉන්දියාවේ බි‍්‍රතාන්‍ය පාලනය පැවැති කාලයේදී සමලිංගික පේ‍්‍රමය සාපරාධී ක‍්‍රියාවක් ලෙස සලකන ලදී.මෙම අධිකරණ නියෝගය අභියෝගයට ලක් කරමින් සමලිංගික පේ‍්‍රමයට විරුද්ධව ගතානුගතික කොටස් අභියාචනා කර තිබුණද ඒ සඳහා මෙතෙක් තීන්දු ලැබී නොමැති බවද පැවසේ.

සමලිංගික අයිතීන් පිළිබඳ ක‍්‍රියාකාරිකයන්ගේ අදහස් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් මේ දිනවල විමර්ශනය කරමින් සිටින බවද මේ අතර, වාර්තා වේ.ඉන්දියානු රජය සමලිංගික පේ‍්‍රමය පිළිගනිමින් නිවේදනයක් නිකුත් කර ඇත්තේ එය සදාචාර විරෝධී කටයුත්තක් බව අධිකරණයේදී නීතිඥයන්ගේ දෝෂදර්ශනයට ලක්වීම නිසාය.

imagesරට පුරා ගණිකා වෘත්තියේ යෙදී සිටින්නියන් සහ එම ව්‍යාපාරය පවත්වාගෙන යන කුඩා මධ්‍යස්ථාන වැටලීමට විශේෂ නියෝග ලැබී ඇත.මේ අතර මහා පරිමාණයෙන් පවත්වාගෙන යනු ලබන ගණිකා මධ්‍යස්ථාන ආණ්ඩුවේ දේශපාලන ප්‍රබලයන්ගේ පූර්ණ ආරක්ෂාව යටතේ නීතිමය බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට කටයුතු යොදා ඇත. 

පොලිස් ආරංචිමාර්ග සඳහන් කරන්නේ මෙම වැටලීම් නියෝග කි්‍රයාත්මක කිරීමේ මුවාවෙන් ආණ්ඩුවේ ප්‍රාදේශීය දේශපාලඥයන් බොහෝ දෙනෙකු මෙම නිවාස කරා ඇදී යන බවය. ඔවුන් යනඑන තැනවලට පොලිස් ආරක්ෂාව ලබාදීමට කි්‍රයාකිරීම නිසා එම මධ්‍යස්ථාන වැටලීමේ අනතුර දුරු කෙරෙන බව හෙළිවේ.

windows-8-logoමයික්‍රොසොෆ්ට් සමාගම සිය නවතම පරිඝන මෙහෙයුම් පද්ධතිය වන windows 8 පර්යේෂණ අනුවාදයක් ලෙසින් එළි දක්වා තිබේ.එය windows ඉතිහාසයේ සුවිශේෂී පරිච්ඡේදයක් වනු ඇති බව windows සභාපති ස්ටීවන් සිනොෆ්ස්කි මාධ්‍යය වෙත පවසා ඇත. 

මෙම නව මෙහෙයුම් පද්ධතියත් සමගම ඇපල් හා ගූගල් ඇන්ඩ්‍රොයිඩ් පද්ධති සඳහා හොඳ තරඟයක් windows සමාගමට දියහැකි බව ඔහුගේ විශ්වාසයයි.

එසේම ෆින්ලන්තයේ නොකියා සමාගම සමගින් එක්ව ජංගම දුරකතන ක්ෂේත්‍රයේ නව වෙනසක් ඇතිකිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

වින්ඩෝස් 8 හි පර්යේෂණ අනුවාදය සඳහා preview.windows.com යන ලිපිනය ඔස්සේ පිවිසිය හැක.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter