Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

උපේක්ෂා පසු ගිය දිනක දෙරණ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ෂෙහාන් බරණගේ මහතාට බැන වැදුනු සිදු වීමම පිලිබදව වඩා විස්තර සහිතව සති අන්ත පුවත් පතක වාර්තා වනවා.පහත දැක්වෙන්නේ එයයි.

පසුගිය සතියේ පැවැත්වීමට නියමිතව තිබු 360 වැඩසටහනට සහභාගී වීමට නියමිතව තිබුනේ විජිත් විජයමුණි සොය්සා මහතාටය.නමුත් අවසාන මොහාතේ තමන්ට හදිසි රාජකාරියක් පැවරුණු බව කියමින් ඔහු ඊට සහභාගී වීමට නොහැකි බව කියා සිටියේය.මේ නිසා වඩාත් අපහසුතාවයට පත් දෙරණ නාලිකාව අවසානයේ තීන්දු කලේ පසුගිය කාලයේ මහත් ආන්දෝලනයට තුඩු දුන් උපේක්ෂා සහභාගී වූ වැඩසටහන නැවත විකාශය කිරිමටය.
මේ ආකාරයට එම වැඩසටහන නැවත වරක් විකාශය වුවත් සමග උපේක්ෂාට නැවත වරක් හතර වටින් දුරකථන ඇමතුම් ලැබෙන්න වූ අතර එහිදී කතා කල බොහෝ දෙනා අගේ දේශපාලන නොදනුවත්බව පිලිබදව හාස්‍යයෙන් යුතුව කතා කල නිසා උපේක්ෂා සිටියේ දැඩි කෝපයෙන්ය.


මේ නිසා උපේක්ෂා කලේ දෙරණ නාලිකාවේ ප්‍රවෘති අංශයේ ප්‍රධානියා වූ ෂෙහාන් බරණගේ මහතාට දුරකථන ඇමතුමක් ලබා දීමයි.ෂෙහාන්ට දුරකථන ඇමතුමක් ලබා දුන් උපේක්ෂා ඔහුට දිගට හරහට බැන වදිමින්
 

"තමුසෙලා මොනවද මේ කරන්නේ? කාගෙන් අවසර අරගෙනද මේක ආයෙත් TV එකේ පෙන්නුවේ?"යනුවෙන් විමසා සිටියාය.

ඊට ඉතාමත් සන්සුන් ආකාරයෙන් පිළිතුරු දුන් ෂෙහාන් මහතා පළමුවෙන්ම කියා සිටියේ ඇය පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් බැවින් ඉවසීමෙන් යුතුව ප්‍රකාශ සිදු කරන ලෙසයි.
නමුත් ශෙහාන්ගේ වචනවලට ගරුසරුවක් නොකළ උපේක්ෂා දිගින් දිගටම කලේ බැන වැදීම නිසා ෂෙහාන් කලේ ඇමතුම විසන්දි කිරීමයි.
 

එසැනින් නැවත වතාවක් ශෙහාන්ගේ දුරකතනයට කතා කල උපේක්ෂා


"මම ඇනගත්ත ප්‍රෝග්‍රෑම් එකක් මොකටද යකෝ පෙන්නන්නේ,තමුසෙලට ඔහොම රිපීට් කරන්න ඕන නම් මගෙන් අහන්න තිබුන.ඇයි මගෙන් ඇහුවේ නැත්තේ?"

එහිදී ෂෙහාන් බරණගේ මහතා කියා සිටියේ වරක් රුපවාහිනියේ විකාශය වූ වැඩසටහනක් නැවත විකාශය සදහා එසේ අනුමැතියක් අනවශ්‍ය බවයි.
එහිදී දැඩි කෝපයට පත් උපේක්ෂා

"මම උඹල පස්සේ පන්නනවා,උඹලට යහතින් ඉන්න දෙන් නෑ" කියද්දී 
 ෂෙහාන් කියා සිටියේ කරුණාකර වැදගත් විදියට කතා කරන ලෙසයි. 

"ඔබ තුමී පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක්.ඔහම කතා කරන එක ඔබතුමිට ගැලපෙන් නෑ.ඉස්සෙල්ල කතා කරන්න ඉගෙන ගන්න".කියමින් නැවත වතාවක් ෂෙහාන් ඇමතුම විසන්දි කළේය.

එසැනින් නැවතත් උපේක්ෂා ශෙහාන්ගේ දුරකතනයට ඇමතුමක් ගත්තාය. 

"ඔයිට වඩා හොදයි ඕයි තමුසෙලගෙ......ගෙනල්ලා රෙද්ද ගලවල පෙන්නුවානම්" යනුවෙන් පවසද්දී ශෙහාන්ගේ ඉවසීමේ සීමාවද ඉක්මවා ගියේය.
 

"මේ උපේක්ෂා , මෙච්චර වෙලා මම ඔයාට හොදින් කතා කලා.ඔයාගේ ඔය ලස්සන මම හෙට උදේ රටටම කියනවා." කියද්දී උපේක්ෂා 
දුරකථනය විසින්දී කොට ඇත.පසුව උපේක්ෂාගේ දුරකතනයෙන් ෂෙහාන්ට SMS පනිවිදියක් ලැබුන අතර එයින් කියවුනේ "I HATE YOU ALL "යනුවෙනි.


ඉන්පසු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇමතු ෂෙහාන්, උපේක්ෂා තමාට කල තර්ජනය පිළිබද සියලු තොරතුරු පිළිබද දැනුවත් කළේය.ඉන් පසුව මතු ආරක්ෂාව සදහා ජනමාධ්‍ය අමාත්‍ය වෙත ලියුමක් යොමු කරමින් ෂෙහාන් බරණගේ මහතා පවසා ඇත්තේ තමාගේ ජිවිතයට යම් හානියක් වුවහොත් එයට වගකිව යුත්තේ උපේක්ෂා මන්ත්‍රී වරය බවය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter