Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මෙයට මාස දෙක තුනකට ඉහතදී පටන් විදුලි සංදේශන නියාමන කොමිෂන් සබාව විසින් අසභ්‍ය වෙබ් අඩවි තහනමට ලක් කිරීම ආරම්බ කරන ලදී.එය ආරම්භ වුයේ වෙයිද්‍යවරයකු විසින් ජනාධිපති තුමාට යවන ලද ලිපියක ප්‍රතිපලයක් ලෙසිනි.වර්තමානය වන විට එසේ තහනම් කරන ලද මුළු වෙබ් අඩවි ගණන 800 ඉක්මවයි.ඉවක් බවක් නොමැතිව අසභ්‍ය වෙබ් අඩවි තහනම් කිරීම විනා ඔවුන් මෙහි ඇති ප්‍රායෝගික පැත්ත කල්පනා කරේ නොමැත.ip adress එක තහනම් කරද proxy බාවිතය තුලින් දැනටමත් එම වෙබ් අඩවි වෙත පිවිසෙන ගණන ඉතා විශාලය.එය ලංකාවේ හොදම වෙබ් අඩවි 100 අතර ඇති අසභ්‍ය වෙබ් අඩවි වලින් හොදින් ඔප්පු වන කරුණකි.දිනෙන් දින නව වෙබ් අඩවි බිහි වීමත් තිබෙන අසභ්‍ය වෙබ් අඩවි ගණන ඉතා විශාල වීමත් නිසා හති වැටි සිටින විදුලි සංදේශන නියාමන කොමිෂන් සබාව දැන් ෆිල්ටර් ක්‍රමයක් හදුන්වා දිමට යයි.

ඊයේ දිනය වන විට ඔවුන් පුවත්පත් මගින් එම වෙබ් අඩවි වල සිටි කාන්තාවන්ගේ ජයාරූප නිකුත් කොට ඔවුන් හදුනා ගැනීමට සහය පැතුහ.සියලුම පුවත් පත් වලට මෙම ජායාරුප ලබා දුන්නත් එය පල කලේ ලක්බිම පුවත්පත පමණි.අනෙකුත් සියලුම පුවත්පත් එය පල කිරීම ප්‍රතික්ෂේප කලේ මෙය පෞද්ගලිකත්වය  පිළිබද ප්‍රශ්නයක් බවත්, පොලිසිය කුමන පදනම ඔස්සේ මේවා ලබදුන්නේන්ද යන්න ඔවුන් නොදන්නා බවත් නවීන තාක්ෂණය මගින් මෙම ජායාරුප සැකසු බවත් නොදන්නා බව කියමින්ය.


සැබවින්ම ලක්බිම පුවත්පත මගින් හෙළි කල එම ජායාරුප අතර ඉන්දියන් හා ලතින් කාන්තාවන්ද වුහ.ලංකාවේ වෙනත් රටවල මෙන් පෝර්න් ස්ටාර්ස් ලා නැත.සිටියද ඒ ඉතා අල්ප ගණනකි. බොහෝ සිටින්නේ තම පෙම්වතා විසින් රවටාගෙන හෝටලයකට ගොස් ඇයට හොරෙන් හෝ දෙදෙනාගේම කැමැත්තෙන් පටිගත කරන ලද දර්ශනය.මෙම ජායාරුප වල සිටි කිසිවෙක් මුදලට වෙනමම නිල්
චිත්‍රපටවල රග පැවේද නැත.මෙම සියලු දේට මුල්වන පිරිමියා නිදොස් කොට කාන්තාවන්ගේ රුව පමණක් හෙළි කොට තිබේ.මොවුන් විසින් ප්‍රසිද්ධ කල බොහෝ ජායාරුප පෙනී සිට ඇත්තේ එක් විඩියෝවකට පමණක් බව වාර්තා වෙයි. එසේ නම් ඒක දර්ශනයකට පමණක් පෙනී සිටීමෙන් පමණක් ඔවුන් පෝර්න් ස්ටාර්ස්ලා වනවාද?

කෙසේනමුත් බුදුන් වැඩි දේශයක් ලෙස ලංකාවේ සිදුවන මෙම කාම අපරාධ කිසි සේත් අනුමත කල නොහැක.නමුත් පිරිමින් විසින් රවටාගෙන හෝ කැමැත්තෙන් වීඩියෝගත කරන ලද දර්ශන කිසියම් ක්‍රමයකින් අන් යටත් කාන්දු වූ විට එහි සිටින කාන්තාවන් සෙවීමට පුවත්පත් වල ඔවුන්ගේ ජායාරුප පල කිරීමද අනුමත කල නොහැක.
 

විශේෂ ලියුම්කරුවකු විසිනි.

මේ සම්බන්ධව ඔබට විවිධ මත තිබිය හැක.ඒවා මෙහි සදහන් කරන්න 


ප්‍රසිද්ධ කරනලද නව ජායාරුප  




0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter