කඩුවෙල පදිංචි ලංකා දුම්කොල සමාගමේ විශ්‍රාමිකයකු වන ස්‌ටැන්ලි තිලකවර්ධන මහතා හැට තුන් හැවිරිදි වියේ පසුවන තිදරු පියෙකි.ඔහුගේ නිවසේ විශේෂත්වය වන්නේ ඉඩමේ තිබූ පොල් ගස ඉවත් නොකොට පොල්ගස මැදි කොට ගෙය ඉදි කිරීමයි.
"අපි මේ ඉඩම ගනිද්දි පොල් ගස් දෙකක් තිබුණා. ඉඩම පර්චස් දහයයි. ප්ලෑන් එක අනුව පොල්ගස් දෙකම කපන්නයි තිබුණේ. නමුත් මට හිතුන ගස මැදි කරල ගේ හදන්න. බලන් හිටපු හැම දෙනාම කිව්ව ඔය මොකක්‌ද කරන මෝඩ වැඩේ කියලා. ඒත් උඩ තට්‌ටුවෙ බැල්කනිය මැදින් පොල් ගහ යන විදිහට ගේ හැදුව.
පොල් කඩනකොට ගස් නගින කෙනා උඩ තට්‌ටුවට නැගල එතන ඉඳන් ගහට නගිනවා. ගෙට වැටෙන්නෙ නැති විදිහට පරිස්‌සමින් ගෙඩි කඩනවා.
අපේ මුළු පවුලටම මේ පොල් ගහ ඇති. අද පොල් ගෙඩියක් රුපියල් හැටක් විතර. පොල් ගස් කපපු කැපිල්ලට මේ මිලට තිබෙන එකත් ඇති. නීති ගෙනාවෙ පරක්‌කු වෙලා.
පාරේ යන හැම දෙනෙක්‌ම නතර වෙලා ගේ දිහා බලලා හිනා වෙලා යනවා.ඒකත් ලොකු දෙයක්‌නෙ."
දිවයින ඇසුරිනි

ලොකුම සුබ පැතුම්පත
ලොකුම සුබ පැතුම්පත පිරි නැමීම අදජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට සුබපැතීම සදහා නිර්මාණය කල ලොව විශාලතම සුබ පැතුම්පත අරලිය ගහ මන්දිරයෙන් පිටත කලාපයේ ලිබර්ටි වටරවුම අසල සකස් කල විශේෂ වේදිකාවකදී පිරිනැමීමට නියමිතය.ලොව විශාලතම සුබ පැතුම් පත ලෙස මෙය වාර්තා ගත වන බව මහාමාර්ග අමාත්‍ය කාර්යාලය පවසනවා.
ලෝකයේ ලොකුම සුබ පැතුම් පත
ලෝකයේ විශාලම සුබ පැතුම්පත මේ දිනවලදී ශ්‍රී ලංකාවේදී සුදානම් කෙරෙයි.ඌව මහා ඇමති ශෂින්ද්‍ර රාජපක්ෂ මහතාගේ උපදෙස්මත සුබ පැතුම්පත නිර්මාණය කරන්නේ සමන් ප්‍රසාද් හෙට්ටි ආරච්චි මහතාය. අඩි 40 ක් පළල, අඩි 90 ක් දිග සුබ පැතුම් පත ජනපතිගේ දෙවන පදවි ප්‍රාප්තියට සුබ පැතිම සදහා සැකසෙයි.ශෂින්ද්‍ර රාජපක්ෂ මහතා අතින් මෙම සුබ පැතුම් පත ජනපතිට පිළිගන්වන අතර එය ගිනස් වාර්තාවක් ලෙස ගිනස් පොතට එකතු විමට නියමිතය.
ලෝකයේ ලොකුම සුබපැතුම් පොත
ජනාධිපතිතුමන්ගේ උපන් දිනය වෙනුවෙන් සකස්කළ සුබපැතුම් ඇතුලත් ලොව විශාලම සුබපැතුම් පොත වෘත්තියෙන් මාධ්‍යවේදියෙක් වූ අනුර විජේනායක විසින් නිර්මාණය කොට ඇත. මෙය පිටු 2010 කින් සමන්විත වන අතර කිලෝ 7 1/2 ක් බරකින් යුක්ත වෙයි.මෙහි පළමු පිටුවේ සුබපැතුම සටහන් කරන ලද්දේ අග්‍රාමාත්‍ය දි. මු. ජයරත්න මහතාය.
ජනපතිතුමාගේ ඔක්ස්ෆර්ඩ් ගමනින් පසුව ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය සම්බන්ධයෙන් ගෙන ගිය දැඩි ප්‍රතිපත්තිය සම්පුර්ණයෙන් ලිහිල් කල තත්වයක් දක්නට ලැබුණි.ඒ සදහා වූ මුලික සිදුවීම වුයේ ශ්‍රී ලංකාවට ඒමට තහනම් කොට තිබු බන් කි මුන්ගේ ත්‍රිපුද්ගල කමිටුවට ශ්‍රී ලංකාවට පැමිණීම සදහා අවසර ලබාදීමට විදේශ අමත්‍යංශය කටයුතු කිරීමයි.
එම කමිටුව ඇමිණීම කෙරෙහි ආණ්ඩුවේම විවිධ පක්ෂ විරෝධය පල කිරීමේදීත් විදේශ අමත්‍යංශය ත්‍රිපුද්ගල කමිටුවට ලංකාවට පැමිණීමට ඉඩ දීම පසුපස රගපෑ ප්‍රධාන පුද්ගලයා වුයේ අන් කවරෙකුවත් නොව මෙයට පෙර අප විසින් හෙළි කල අරලිය ගහ මැදුරේ සර්පයා නොහොත් සජින් වාස්ය.
පසුගියදා ජනාධිපතිවරයා සජින් වාස් අධීක්ෂණ මන්ත්‍රී ධුරයට පත් කිරීමත් සමගම ඔහුට උපදෙස ලැබුනේ ජාත්‍යන්තර ප්‍රජාව සමග පවතින මතබෙදකම් හැකිතාක් දුරට අවමකර ගැනීමටත් බටහිර රටවල් සමග මිතුරු කමක් ගොඩ නැගීමටත් කටයුතු කරන ලෙසටයි.
ඒ අනුව සජින් අධීක්ෂණ මන්ත්‍රී ධුරය බාරගත් සැනින් කලේ විද්වත් කමිටුවට ශ්‍රීලංකාවට පැමිණීමට අවස්ථාවක් ලබාදීම මගින් එක්සත් ජාතීන්ගේ සංවිධානය සමග සුහදතාවයක් ගොඩ නාග ගැනීමට උත්සහ කිරීමයි.නමුත් සජින්ගේ මෙම වෑයමට මුලින්ම විරෝධය එල්ල වුනේ විමල් වීරවන්ශගෙනි.
ජ.නි.පෙ සාමාජික පියසිරි විජේනායක පසුගිය ද පුවත්පත් සාකච්චාවක් කැදවමින් කියා සිටියේ විදේශ අමාත්‍යංශයට කොටි රිංගගෙන ඇති බවත් එම දේශ ද්‍රෝහීන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසටය.ඒ අනුව මේ වන විට මුන්ගේ කමිටුවට ලංකාවට ඉඩ දීම තුල සජින් හා විමල් අතර සිතල යුද්ධයක් හටගෙන ඇත.

පසුගිය දිනවලදී මාගම්පුර වරාය පිලිබද නැගුනු චෝදනා පිලිබදව නි. ඇමැති නිර්මල කොතලාවල නිවේදනයක් කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් - අපිට සහතික ඕන නෑ
ලෝකයේ කිනම් හෝ රටකට සිය අභිමතය පරිදි වරායක් ඉදි කිරීමේ හැකියාව පවතින අතර එසේ ඉදිකළ වරායක් ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂණ නියාමන පද්ධතියට අනුව සහතික කළ යුතු අතර ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානයට ඒ බව දැනුම්දිය යුතුය. ඉන් අනතුරුව එමගින් එකී වරාය ආරක්‍ෂිත වරායක් ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙයි.
ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් වන අතර අපගේ වරායන් පිළිබඳ වෙනත් කිසිදු රාජ්‍යයක් මගින් ලබාදෙන සහතිකයක් අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පවතින වරායන් පිළිබඳ සියලු සහතිකයන් ශ්‍රී ලංකාවේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාත්‍යන්තර සමුද්‍රික ප්‍රවාහය වෙත නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින සියලු වරායයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් හාබර් මාස්‌ටර්වරයා එකී වරායන්ගේ සමුද්‍රික හා යාන්ත්‍රික ගැඹුර පිළිබඳ මෙන්ම ඒවායේ පවතින ආරක්‍ෂිත නිර්ණායකයන් පිළිබඳ නිල තොරතුරු ලබා දෙයි.
පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.
දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු වරායට පැමිණෙනු ඇති බවය.
ආපූ නැව් සේරම ලංකාවේ නැව්
එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස් මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට් ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.
නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.
බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියම තාම නෑ
ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි.
"බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.
තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ.
බලෙන් නැව් ගෙන්වා ගැනීම
මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක් පටවාගත් නැවක් හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා.
ආසියාවේ ආශ්චර්ය කරමු
මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි.