Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය දිනවලදී මාගම්පුර වරාය පිලිබද නැගුනු චෝදනා පිලිබදව නි. ඇමැති නිර්මල කොතලාවල නිවේදනයක් කර තිබෙනවා. 


ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක් - අපිට සහතික ඕන නෑ


ලෝකයේ කිනම් හෝ රටකට සිය අභිමතය පරිදි වරායක්‌ ඉදි කිරීමේ හැකියාව පවතින අතර එසේ ඉදිකළ වරායක්‌ ජාත්‍යන්තර නෞකා සහ වරාය පහසුකම් ආරක්‍ෂණ නියාමන පද්ධතියට අනුව සහතික කළ යුතු අතර ජාත්‍යන්තර සමුද්‍රික සංවිධානයට ඒ බව දැනුම්දිය යුතුය. ඉන් අනතුරුව එමගින් එකී වරාය ආරක්‍ෂිත වරායක්‌ ලෙස ඔවුන්ගේ වෙබ් අඩවියට ඇතුළත් කෙරෙයි.

ශ්‍රී ලංකාව ස්‌වාධීන රාජ්‍යයක්‌ වන අතර අපගේ වරායන් පිළිබඳ වෙනත් කිසිදු රාජ්‍යයක්‌ මගින් ලබාදෙන සහතිකයක්‌ අවශ්‍ය නොවේ. ශ්‍රී ලංකාවේ පවතින වරායන් පිළිබඳ සියලු සහතිකයන් ශ්‍රී ලංකාවේ වරාය කටයුතු පිළිබඳ අමාත්‍යාංශය මගින් ජාත්‍යන්තර සමුද්‍රික ප්‍රවාහය වෙත නිකුත් කෙරේ. ශ්‍රී ලංකාවේ පවතින සියලු වරායයන් ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතට පත්වන අතර ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් හාබර් මාස්‌ටර්වරයා එකී වරායන්ගේ සමුද්‍රික හා යාන්ත්‍රික ගැඹුර පිළිබඳ මෙන්ම ඒවායේ පවතින ආරක්‍ෂිත නිර්ණායකයන් පිළිබඳ නිල තොරතුරු ලබා දෙයි.
පසුගිය නොවැම්බර් 18 වනදා හම්බන්තොට වරාය ජනාධිපතිතුමා විසින් විවෘත කලේ ජනතාවගේ අතිමහත් බලාපොරොත්තු මැදය.

දවසකට නැව් 4ක් වත් ඒවි - විමල්
වරාය විවෘත කිරීමට පෙර විමල් වීරවංශ ඇමති තුමා ඔහුගේ කතාවකදී කියා සිටියේ හම්බන්තොට වරාය පසුකරගෙන දිනකට නැව් 400 ක් පමණ යන බවත් එයින් දිනකට නැව් 4 ක් වත් මාගම්පුර වරාය විවෘත කල පසු  වරායට පැමිණෙනු ඇති බවය.

ආපූ නැව් සේරම ලංකාවේ නැව්
එහෙත් අද වන විට තත්වය එසේ නොවේ.මෙතෙක් වරායට පැමිණ ඇති සියලුම නැව් ලංකාවේ නැව් ය.මුලින්ම පැමිණියේ ශාන්ත ගෝමස්‌ මහතාට අයති "සේරුවිල" නම් නමැති නැව අතර එය පිටු පසින් පැමිණියේ නාවික හමුදාවට අයත් "ජෙට්‌ ලයිනර්" නෞකාවයි. තුන්වැනියට එහි පැමිණියේ වරාය අධිකාරියට අයත් කෝටි ගණනක් දී වරාය විවෘත කිරීම සදහා සැරසු "ප්‍රදීපා" නමැති බෝට්‌ටුවයි.

නමුත් ආණ්ඩුව දිගින් දිගටම කියා සිටියේ පලවෙනි නැව දෙසැම්බරයේ පැමිණෙන බවයි.එසේ නැව් පැමිණීමට වරායට විශේෂ දිනයක් ,මාසයක් අනවශ්‍ය අතර අදාල නීතිමය සුදුසුකම් සපුරා ඇත්නම් ඕනෑම මොහොතක අදාළ අවසරය ඇතුව නැවකට වරායට ඇතුල් විය හැකිය.මාගම්පුර වරායට නැව් නොපැමිණීම පිටුපස ඇති කාරණය වන්නේද වරායක තිබිය යුතු නීතිමය සුදුසුකම් සපුරා නොතිබීමයි.



බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි/ISP සහතිකය/වරායේ සිතියම තාම නෑ
ප්‍රධානම කාරණය වන්නේ නාවික නිතිය අනුව වරායක් විසින් ලබාගත යුතුව තිබෙන "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය මාගම්පුර වරාය වෙත මෙතෙක් නොලැබීමයි.ලොව නැව් ගමන් ගන්න සියලුම නැව් "බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි"සහතිකය යටතේ සිතියම් කරනු ලැබෙනු අතර වරායකට එය ලබාගැනීම නීතිමය අවශ්‍යතාවයක්ද වෙයි. 

"බ්‍රිටිෂ් ඇඩ්මිරල්ටි" සහතිකය නිකුත් කරනු ලබන්නේ අදාළ රටේ නාවුක බලධාරීන් විසින් නිසි මැනුම් කටයුතු නිම කර වරායේ යෝග්‍යතාව සහතික කිරීමෙන් පසුවයි. තවද වරාය සම්පුර්ණ කිරීමෙන් පසු වරායේ සිතියමක් නිකුත් කල යුතු වන අතර මාගම්පුර වරාය එය මෙතෙක් ඉදිරිපත්කොට නෑ.

තවත් නීතිමය අවශ්‍යතාවයක් වන වරාය සුරක්ෂිත බව තහවුරු කරන International Ship and Port Security Certificate සහතිකයද මාගම්පුර වරායට මෙතෙක් ලැබී නැහැ. 


බලෙන් නැව් ගෙන්වා ගැනීම

මෙම අවශ්‍යතා හැකි ඉක්මනින් සපුරා ගැනීම වෙනුවට රජය කරන්නේ බලෙන් නැව් වරායට ලගා කර ගැනීමටයි. චීනයේ සිට පොහොර ටොන් 12,000 කට වැඩි ප්‍රමාණයක්‌ පටවාගත් නැවක්‌ හම්බන්තොට වරායට යොමු කිරිමට රජය තීරණය කලා.නමුත් මාගම්පුර වරායේ ගැටළුකාරී තත්වය නිසා මුළු පොහොර තොගයම කොළඹ වරායේ ගොඩ බෑමට සිදු වුනා. 


ආසියාවේ ආශ්චර්ය කරමු
මෙම වරාය තැනීමේ නියමුවා වූ ආචාර්ය ප්‍රියත් බන්දු වික්‍රම මහතා වරාය ක්‍රේශ්ත්‍රය පිළිබද ප්‍රවීනයෙක් මෙන්ම උපාධිධාරියෙක්ද වනවා.නමුත් මෙවැනි ප්‍රබල දුර්වලතා එතුමාට මග හැරීමට නොහැකිවීම පුදුමයට කරුණක්.වඩා වැදගත් වන්නේ ජනතාවට පෙනෙන්න මාගම්පුර වරායට නැව් ගෙන්වීම නොව අවශ්‍ය නිත්‍යානුකුල පසුබිම සකස් කරගෙන වරායට කල ආයෝජනයේ ප්‍රතිලාභ ලබා ගැනීමයි. 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter