Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ශෝභා දේව් අසම්මත පෙම් පුවතේ අවසානය රුදුරු ඛේදවාචකයකි. 60 දශකයේ ආකර්ෂණීය රංගන තරුව දේව්ට පෙම් බැඳි ශෝභා මෙදා යුගයේ ජනප්‍රිය රංගන තාරකාවකි. අසම්මත පෙමක පහස විඳිනා දේව් හා ශෝභා හරහා ‘වියපත් බඹරා’ සිනමා සිත්තම උත්සුක වන්නේ අසම්මත පෙමෙහි ආදීනව ලොවට ආදර්ශයක් එක් කිරීමටය.
‘වියපත් බඹරා’ හි ශෝභා 60 දශකයේ යොවුන් රංගන ශිල්පිනියකි. ඇය මෙදා යුගයේ ඔබේ සිත්ගත් සොඳුරු තාරකාවකි.
ඇය තනුජා වේ. තනුජා දිල්හානි . . . පුංචි තිරයෙන් නිතර දෙවේලේ ඔබේ නෙතු ගැටුණු ඇය මෙදා සිනමාව හරහා ද ඔබට සමීප වන සොඳුරු රුවැත්තියකි.
මේ දිනවල ‘වියපත් බඹරා’ හි ශෝභා ලෙසින් ප්‍රධාන චරිතයට පණ පොවන ඇය අද වන විට වඩාත් කතාබහට ලක් වී ඇත්තේ ද මේ චරිතය නිසාමය.
මීට පෙර ‘රෝස කැලේ’ හා ‘එකමත් එක රටක’ යන සිනමා නිර්මාණ හරහා ඔබ වෙතට පැමිණි ඇය පවසන්නේ ඇයට පුංචි තිරයේදීත්, රීදී තිරයේදීත් විවිධත්වයෙන් යුතු චරිත ලැබීම ඇගේ රංගන දිවියේ ඉදිරි ගමනට මනා රුකුලක් වන බවය.
‘වියපත් බඹරා’ හි ශෝභා කියන්නෙත් මට මෙතෙක් ලැබුණු චරිතවලින් නව මඟක් ගත් සුවිශේෂී චරිතයක්. අසම්මත පෙමක පැටළෙන ප්‍රේමවන්තියකගේ රුව ප්‍රතිනිර්මාණය කිරීමටයි මට එහිදී භාර වුණේ.
මෙහි එක් ජවනිකාවක් තිබුණා මත්පැන් පානය කරලා වෙරි මතින් රඟන යුවතියකගේ් ජවනිකාවක්. පෞද්ගලික ජීවිතයේ මෙවන් අත්දැකීමක් මා ලබලා නැහැ. පෞද්ගලික ජීවිතයේ නොලද අත්දැකීමක් වන එය මා හොඳින් කළා කියලයි මට හිතෙන්නේ. මෙතෙක් මා කළ ජවනිකා අතරින් මා සිත්ගත් ම ජවනිකාව මෙයයි.’
වියපත් බඹරා හි ඇය පෑ රැඟුමක් ඇය මතකයට නැං වූයේ එසේය.
සිනමාවට පිවිසීමට පෙර තනුජා ප්‍රේක්ෂකයන් අතරට පැමිණිියේ පුංචි තිරයෙනි. පුංචි තිරයේ බොහෝ ටෙලි නිර්මාණ සඳහා ඇය රංගනයෙන් දායක වෙද්දී වෙළෙඳ දැන්වීම් රැසක් ඔස්සේ ද ඇය ඔබේ නෙතු අතරේ ආකර්ෂණීය රංගන තරුවක් බවට පත් වුණේ නිරායාසයෙනි.
‘ඇත්තටම මා පුංචි තිරයට පැමිණෙන්නේ වේදිකාව හරහායි. ආනන්ද පොල්ගහවෙල මහතාගේ මාර්ගයෙන් තමයි මා ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වන්නේ. මගේ් මුල්ම වේදිකා නාට්‍යය තමයි ‘පාරාදීසය’. ‘අශ්ව ගුඩුං’ කියන්නේ මා රැඟු තවත් එක් වේදිකා නාට්‍යයක්. මෙහිදී මට මානෙල් වානගුරු මහත්මියව හඳුනා ගන්න ලැබුණා. ඉන් අනතුරුවයි මා පුංචි තිරයේ ටෙලි නාට්‍ය සඳහා රංගනයෙන් දායක වන්නේ.
මා රඟපෑ මුල්ම ටෙලි නාට්‍යය තමයි ‘නේත්‍රාංජලී’ කියන්නේ. ‘මායිම් නෑයෝ, ලෝගුව, නිම් වළලු, ආදරයට වෙස් බැන්දා, සක්විත්තෝ, අළු පාට හීන’ ඇතුළු ටෙලි නාට්‍ය රැසකටම මා රංගනයෙන් දායක වුණා. ඒ වගේම මා වෙළෙඳ දැන්වීම් රැසකට ද දායක වී තිබෙනවා.’ මේ දිනවල විකාශය වන එක් අතිශය සුන්දර කතා පුවතකි ‘සඳගිරි වලව්ව’. ගම්බද ගැමි යුවතියකගේ වෙස් ගෙන එහි දිවෙන ප්‍රධාන චරිත ද්විත්වය අතුරෙන් එක් චරිතයකට පණ පොවන්නීද තනුජාමය. මගේ රංගන දිවියේ මා හුඟක් දේ ඉගෙන ගත්තේ සමන් කුමාර ලියනගේ මහතා නිසයි.
ඔහු රංගනයට මනා සංයමය, අවැසි විනය ආදී බොහෝ දේ රංගන ශිල්පීන් තුළ ඇති කරන්න වෙහෙසෙන අධ්‍යක්ෂවරයෙක්. ඒ වගේම අපේ සැඟවුණු දක්ෂතා ඔහු එළියට ගන්නේ නිරායාසයෙන්. ඔහු ඇත්තටම කියනව නම් රංගන පාසලක්. ඉතින් මගේ් රංගන දිවියේදී ඔහුව අමතක කරන්න කිසිසේත්ම බැහැ.
තනුජාට රංගන දිවියේදී දක්ෂතා ඔප් නංවා ගැනීමට වෙසෙස් දායකත්වයක් ලබාදුන් සමන් කුමාර ලියනගේ මහතාව එසේ මතක් කරද්දී මේ දිනවල ඇය රූගත කිරීම් හි නියැළෙන ටෙලි වෘත්තාන්ත ගැන ද බොහෝ තොරතුරු පැවසුවාය.
නලීන් මාපිටිය අධ්‍යක්ෂණය කරන ‘බිනරි’ ටෙලි වෘත්තාන්තයේ සහ සමන් කුමාර ලියනගේ අධ්‍යක්ෂණය කරන ‘රන්තලිය වලව්ව’ හි රූගත කිරීම් මේ දිනවල සිදුවෙනවා. මඳක් කාර්යබහුල වුණත් එය මට එතරම්ම නොදැනෙන්නේ මගේ රංගන කටයුතු සඳහා මගේ සැමියා පණ්ඩුකගෙන් ලැබෙන නොමඳ සහයත්, මගේ නැන්දම්මාගෙන් ගේ දොර වැඩ කටයුතු සඳහා ලැබෙන නිබඳ සහයත් නිසාමයි.’
තනුජා එසේ කියාගෙන යද්දී තනුජාගේ මුවින් විටින් විට පළ වූයේ කලා ලොවේ ආධුනිකයන්ට ප්‍රවීණයන්ගෙන් ලැබෙන සහයෝගය ගැන නොසතුටකි.
‘කලා ලෝකයේ ප්‍රවීණ යැයි කියා ගන්නා ඇතැම් අය ආත්මාර්ථකාමීත්වය හිතේ පුරවගෙන ඉදිරියට එන ආධුනිකයන්ට නැඟී සිටින්නට අත හිත දෙනවා විනා කරන්නේ් ආධුනිකයන්ගේ කකුළෙන් ඇදීමයි. ඒත් ප්‍රවීණයන් යැයි කියා ගන්නා අය අතුරින් සැබෑ කලාකාමී අදහස් ඇති සුහදශීලී මානුෂීය හැඟුම් පිරුණු අයත් නැතුවාම නොවෙයි. නමුත් බොහෝ දෙනෙකු කුහක බවින් මිරිකී ගිය අය. මෙවැනි අය සමඟ නම් ඇත්තෙන්ම වැඩ කරන්න අමාරුයි.’
කලා ලොවේ ඇය ලැබූ අත්දැකීම් හමුවේ ඇයට පසක් වී තිබුණේ් කලා ලොව ගැන එවන් හැඟීමකි. කලා ලොව ගැන එසේ පවසන තනුජාගේ රංගන චාරිකාවේ වතගොත අතරට ඇයගේ ජීවන චාරිකාවේ වතගොත කිහිපයක් ද ඇය එක් කළේ මෙසේය.
‘මගේ අම්මා තාත්තා මගේ කලා ජීවිතයට ලොකු හයියක්. මගේ පවුලේ මට වැඩිමහල් සහෝදරියක් වගේම බාල සහෝදරියකුත් ඉන්නවා. ඒ වාගේම මල්ලි කෙනෙකුත් මට ඉන්නවා. මම දැනට පදිංචි වෙලා ඉන්නේ අතුරුගිරියේ මගේ සැමියා පන්ඩුක ශ්‍රී දයාන්ගේ නිවෙසෙයි. පන්ඩුක කියන්නේ ප්‍රවීණ කැමරා අධ්‍යක්ෂ කේ. ඩී. දයානන්දගේ පුතායි.
එලෙසින් පවුලේ විස්තර කියාගෙන යන තනුජාගේ මුවට සිනහවක් එක් වූයේ ඇයගේ දිවියේ සුවිශේෂී සැමරුමක් ළඟ ළඟම එන බව මතකයට නැඟීමෙන්. ඒ තනුජා, පණ්ඩුක අතිනත ගෙන එළැඹෙන 26 වැනිදාට වසරක් සැපිරීමයි.
පණ්ඩුක, තනුජා කැදැල්ලට වසරක් සපිරෙන මොහොතේ ඇයට සුබ පතන්නට මෙය කදිම අවස්ථාවකි. ඉතින් තනුජා ඔබගේ රංගන චාරිකාවටත්, විවාහ දිවියටත් අපෙන් සුබාසිරි!
සටහන – හර්ෂනී රුද්‍රිගු
සේයාරූ – චූලා පන්නිලගේ

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter