Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේ සති අන්තයේ රසදුනට එක වෙමින් දකුණු පළාත් සභා මන්ත්‍රී අනර්කලී ආකර්ෂා පල කල අදහස් කිහිපයකි මේ.


ඔබ දැන් විවාහ වන වයසේ පසුවන තරුණියක් නේද?
ඔව්. එහෙම වුණත් දැන්ම විවාහ වෙන්න මගෙ බලාපොරොත්තුවක් නෑ. යුද්ධය දිනලා රට සංවර්ධනය කරා යන ගමනේදී රටේ යොවුන් පිරිසට ලොකු වගකීමක් පැවරිලා තියෙනවා. රටේ සංවර්ධනය පිළිබඳව ඒකට මමත් කැපවෙලයි ඉන්නෙ.

  ඒ වගේ ම මම විවාහ වෙන්න බලාපොරොත්තු වෙන්නේ මගෙ ජීවිතය යම් කිසි මට්ටමකට ස්ථාවර වූ පසුවයි. එතෙක් විවාහ වෙන්න මගෙ අදහසක් නෑ.

අනර්කලී මොන වගේ කෙනෙක්ද?
මම ගොඩක් සංවේදී කෙනෙක්. ඉස්සර ගොඩක් දඟකාරයි. ඒත් දැන් එහෙම නෑ. දැන් මගෙ අදහස් පරිණතයි කියල මට හිතෙනව. ඒ වගේ ම සමාජ සේවයට ගොඩක් කැමැති, මේ රටට ගොඩක් ආදරේ ඇති යෞවනියක්. 
විදෙස් රටක පදිංචියට යාමට අවස්ථා කොතරම් තිබුණත් එහෙම නොයන්නෙ මේ රටට ඇති ආදරය නිසයි.
දේශපාලන කටයුතු නිසා ඔබ කලාවෙන් ඈත්වෙනවද?
කිසිසේත් ම නෑ. කලාවට සම්බන්ධ වූ නිසයි රටම මාව හඳුනාගත්තේ. කලාව නිසයි ජනතාව මට ආදරය කරන්නේ. මට මෙච්චර දුරක් එන්න ලැබුණේ කලාව නිසා.


හැබැයි පසුගිය කාලෙ දේශපාලන කටයුතුවලට වැඩියෙන් කාලය යෙදවිය යුතු නිසා කලා කටයුතුවලින් තරමක් දුරස් වුණා තමයි. ඒත් ඒක තාවකාලිකයි. මං කලාවේ හැමදාම රැඳිල ඉන්නව. හැබැයි මම දැන් මහජන නියෝජිත වරියක් නිසා මම බාරගන්න කලා නිර්මාණ පිළිබඳව දෙපාරක් හිතන්න මට සිදුවෙලා තියෙනවා. කලාව තමයි මගේ ජීවිතේ.


දකුණු පළාතට සේවය කිරීම කෙසේවෙතත් දැනටත් අනර්කලී ගාල්ලට පැමිණෙන්නේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහභාගී වන උත්සව වලට සහබාගි වීමට පමණි.  


සම්පුර්ණ ලිපිය 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter