Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

“දර්ශනී සාලිය අයියාගේ ආදරය වෙනුවෙන් ධනුකගේ ආදරයට හරස්‌ වෙන්න හදන යුවතියක්‌. ඒ හින්දම ඇය නිතර නිතර ධනුක නැවතී ඉන්න සංසලාගේ ගෙදරටත් දුරකථන ඇමතුම් දෙනවා”.

මේ දිනවල පුංචි තිරයේ කා අතරත් කතා බහට ලක්‌වන්නේ “බොඳ මීදුම්” හි දර්ශනී ගැනය. දර්ශනී චරිතයට පණපොවන ඩයනා පෙරේරාටත් සැබෑ ජීවිතයේ එවැනි චරිත හමුවෙලා තියෙනවද කියලා දැනගන්න අපි අදහස්‌ කළා.

ඩයනා ගැන කෙටියෙන්

නම – ඩයනා නිරෝෂනී පෙරේරා

ගම – නුගේගොඩ
පාසල – නුගේගොඩ සමුද්‍රදේවි බාලිකාව
උපන් දිනය – අප්‍රේල් 09
ලග්නය – තුලා

කැමැතිම නිළිය – ස්‌වර්ණා මල්ලවආරච්චි

කැමැතිම නළුවා – රොෂාන් රවීන්ද්‍ර

ඇයි මේ අනුන්ගෙ ආදර කුරුළු කූඩු කඩල දාන්න හදන්නේ ?
ඒක ඉතිං තවත් චරිතයක්‌ විතරයි. මට ලැබෙන චරිතය ඒ ආකාරයෙන්ම නිරූපණය කරන නිසා වෙන්න ඇති ඔය විදිහේ ප්‍රතිචාර ලැබෙන්නේ. මම හිතනවා එම චරිතය සාර්ථකව රඟපාලා තිබෙනවා ඇති කියලා.

මගතොටේ යන එන කොට ප්‍රේක්‍ෂකයො මොනවද කියන්නේ ?


ගොඩක්‌ දෙනෙක්‌ අහන්නෙත් ආදර කුරුළු කූඩු කඩල දාන්න හදන්නේ ඇයි කියන කතාව තමයි. හැබැයි ඒ හැමදේටත් වැඩිය ගොඩක්‌ අය මාව අඳුරන්නේ සුධීරා කියලයි.


සාලිය අයියට ඔය තරම් ආදරෙයිද?
ඒක හුඟක්‌ම වෙන්නේ අම්මාගෙ බල කිරීමත් එක්‌ක. අම්මා හුඟක්‌ දුක්‌ විඳිනවා මේ ප්‍රශ්නය නිසා. අයියට තිබෙන ආදරයට වඩා අම්මාගෙ හිත සනසවන්න දුවෙක්‌ විදිහට ඒ දේවල් කරනවා.


හැබැයි ගොඩක්‌ ගැහැනු ළමයි ඔහොම නේද?
මට නම් ඒක අලුත්ම අත්දැකීමක්‌. එහෙම කරන අයත් ඇති.

ඒ වගේ චරිත ඔබට සැබෑවට හමුවෙලා නැතිද?
ම්…… නැහැ. මම ඒ වගේ අයව ආශ්‍රය කරලා නැහැ. ඒ වගේ අය හමුවුණේ මේ චරිතයේදී විතරයි. හැබැයි දර්ශනී වගේ අය අපේ සමාජයේ ඕනෑ තරම් ඉන්නවා.

මීනා කුමාරිගෙන් මොනවගේ සහයක්‌ද මේ චරිතයට ලැබෙන්නේ ?
ලොකු සහයක්‌ ලැබෙනවා. පුහුණුවීම් කරද්දී අඩුපාඩු තිබෙන තැන් හොඳින් අවබෝධ කරදෙනවා. විශේෂයෙන් ප්‍රවීණයන්ගෙන් හොඳ සහයක්‌ ලැබෙනවා.

දැන් වෙළෙඳ දැන්වීම්වල වැඩිය දකින්න නැත්තේ ඇයි ?
නිතර වෙළෙඳ දැන්වීම්වල දකින කොටත් ලැබෙන ආරාධනා අඩුවෙනවා. ගිය මාසෙ දැන්වීම් දෙකක රූගත කිරීම් කළා. ඒවා ඉදිරියේ විකාශනය වේවි.

වෙළෙඳ දැන්වීම් රංගනය හා ටෙලි නාට්‍ය රංගනය අතර වෙනසක්‌ තියෙනවාද?
ඔව්. අනිවාර්යෙන්ම. මට හිතෙනවා වෙළෙඳ දැන්වීම් රංගනය අමාරුයි කියලා. සමහර වෙලාවට තත්ත්පර දෙක තුනෙන් ඩයලොග් එකක්‌ දීලා කියනවා ඒ වෙලාවෙම කරන්න කියලා. අනික නිතර දකින්න තිබෙන නිසා එය හරියටම කළ යුතුයි.

මොකද හිතන්නේ රඟපෑම ලෙහෙසිද?

තමන් කරන ඕනෑම දෙයක්‌ ලෙහෙසි නැහැ. හැම විටම අපිට ඉගෙන ගැනීමට දේවල් තිබෙනවා.

තවමත් බැංකු රස්‌සාවල් හොයනවද?
දැන් නම් ඒ සිහිනය හිතිං ඈත්වෙලයි තියෙන්නේ. මම හුඟක්‌ උත්සාහ කළා. කලාවට පැමිණීමත් සමග එය හුඟක්‌ දුරට මග හැරුණා.

ඒ කියන්නේ වෘත්තියෙන් නිළියක්‌ වෙන්නද හදන්නේ ?
ඔව්. වෘත්තියෙන් රංගනය සහ නිරූපණයේ යෙදෙන්න තමයි සූදානම.

රඟපෑමට ආවට පස්‌සේ ලැබෙන ප්‍රතිචාර එහෙම කොහොමද?
හොඳයි. ඇත්තටම ජනප්‍රිය වෙන්න ඕනම කෙනෙක්‌ කැමැතියි. හැබැයි ඒ දේවල් තාවකාලිකයි කියන එක තේරුම් ගන්න ඕනෑ.

ගෙදර අය රඟපානවට කැමැතිද?

කැමැතියි. හැම තිස්‌සේම අම්මා මාත් සමග ඉන්නවා. ක්‍ෂේත්‍රයේ ඉන්න ඕනෑම කෙනෙක්‌ දන්න කතාවක්‌ ඒක.

පවුලේ විස්‌තර ටිකක්‌ කියමු නේද?
මමයි. අම්මයි, තාත්තයි.

දැන් නිරූපණ වැඩ කටයුතු එහෙම කොහොමද?
මේ දවස්‌වල ප්‍රසංග කිහිපයක්‌ තිබුණා. ඉදිරියේදීත් පැවැත්වෙනවා. එහිදී මම ඉදිරිපත් වෙන්නේ මනාලියන් නිරූපණයට විතරයි.

නිරූපණය කාන්තාවකට සුදුසුයි කියලා හිතනවද?
ඕනම කෙනෙකුට ඕනෑම ක්‍ෂේත්‍රයක්‌ නුසුදුසු වෙන්නේ තමන් වරද්ද ගත්තොත්. තමන් හරියට ඉන්නවා නම් ප්‍රශ්න මතු වන්නේ නැහැ.

ඩයනත් ක්‍ෂේත්‍රයට අහම්බෙන් ආපු කෙනෙක්‌ කිව්වොත් ?
අහම්බෙන් කියන්නමත් බැහැ. පොඩි කාලෙ ඉඳන් ආසාවකුත් තිබුණා. ඒ වගේම ආරාධනාත් ලැබුණා.

නවකයො නිසා ප්‍රවීණයන්ට අද තැනක්‌ නැහැ කියලා ගොඩක්‌ දෙනා කියනවා. ඔයාට මොකද ඒ ගැන හිතෙන්නේ ?
එහෙම දෙයක්‌ නැහැ කියලයි මම හිතන්නේ.

දැන් ඉතිං ආදර යෝජනාත් එනවා ඇති නේද?
අපොයි නැහැ. (සිනාසෙමින්) තවම ඒ ගැන බලාපොරොත්තුවක්‌ නැහැ.
හැබැයි ඔය වයසේ කෙනෙකුට ආදර අත්දැකීම් නැති වෙන්න බැහැනේ ?
ඔව්. මම නැහැ කියන්නේ නැහැ.

අද වෙනකොට ඒ දේවල්වලට මොකද වෙලා තිබෙන්නේ ?

තමන්ට නොගැලපෙන අය හම්බවුණහම අපි කලින්ම ඒ අයව අඳුරගෙන ඈත් වෙන එක වඩාත්ම හොඳයි

ඒ කියන්නේ ඔබටත් එවැනි අය හමුවෙලා කියලනෙ ?
ජීවිතේ එකම එක වතාවකදී මටත් නොගැලපෙන කෙනෙක්‌ හම්බවුණා. ඒ ඇරෙන්න ලොකු අත්දැකීම් මට

දිනේෂ් විතාන
ඡායා – නදුන් බදුගේ

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter