Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මෙයට මාස කිහිපයකට පෙර කොළඹ ජාතික රෝහලේ ඉපැරණි ගොඩනැගිල්ලක්‌ තුළ වසා දමා තිබූ අවුරුදු104 පැරැණි රහස්‌ කුටියක්‌ තුළ තිබී ලෝහමය සේප්පුවක් හමුවිය. 

අඩි අටක්‌ උස, අඩි හතරක්‌ පළල සහ අඩි අටක්‌ දිග මෙම රහස්‌ කුටිය දොරවල් හතරකින් සමන්විත වන අතර එහි ඇති සේප්පුවට දමා ඇති ලෝහ ඉබ්බා කිලෝ ග්‍රෑම් පහක්‌ පමණ බරකින් යුක්ත විය.

අදාළ සේප්පුව විවෘත කිරීම සඳහා යතුරු කිසිවක් නොමැති බැවින් එය කෙසේ හෝ විවෘත කර පරීක්ෂා කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් දුනි.ඒ අනුව සේප්පුව විවෘතකර බැලීම අදට (13) යෙදිනි.


මේ සදහා සෞඛ්‍යය ඇමතිතුමාගේ මාධ්‍යය සම්බන්ධීකරණ නිලධාරීවරයා විසින් මෙම සේප්පුව විවෘත කරන අවස්ථාව ඓතිහාසික අවස්ථාවක් වනු ඇති කියා සියලුම මධ්‍යන්ටද දැනුම් දී ඇත.ඒ අනුව එම අවස්ථාව සඳහා සෞඛ්‍යය ඇමති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍යය අමාත්‍යාංශ ලේකම්, ජාතික රෝහල් අධ්‍යක්ෂවරයා ඇතුළු තවත් නිලධාරීන් රැසක් සහභාගීවී ඇත.  

එම සේප්පු තුන කඩා දැමීමට පැමිණි සේවකයන් හට විශාල පරිශ්‍රමයක් දරණ්නට වූ අතරබොහෝ දෙන බලාපොරොත්තු වුයේ සේප්පුව ඇතුළෙ වටිනා දේවල් ඇති යනුවෙනි. අවසානයේ එම සේවකයින් විසින් සේප්පුවට යොදා ඇති ඉබ්බා කඩා සේප්පුවක් විවෘත කල අතර ඇමතිවරයා විසින් එය නිරීක්ෂණය කර බැලීමේදී දක්නට ලැබී ඇත්තේ හිස් ලාච්චුවක් පමණි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter