Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

බන වසරේ දී උසස් පෙළ සිසුන්ට ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රය සඳහා පෙනී සිටීම අනිවාර්ය කරන බව ද, එලෙස ඉංග‍්‍රීසි ප‍්‍රශ්න පත‍්‍රයට පෙනී සිටින සිසුන් ඒ සඳහා ලබා ගන්නා ලකුණු ප‍්‍රමාණය ලකුණු බිංදුවක් වුව ද එය ගැටලූවක් නොවන බවත්, එම ප‍්‍රශ්න පත‍්‍රය අනිවාර්ය කරන්නේ උසස් අධ්‍යාපනය අරමුණු කරගෙන බවත් උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක පවසයි. සරසවි වරම් ලබන සිසුන්, සරසවියට වෙත ඇතුළත් කර ගැනීමට පෙර මෙරට හමුදා කඳවුරු තුළ දී සති තුනක පුහුණුවක් ලබාදීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා පැවසීය. ඔහු මේ පිළිබඳ අදහස් දැක්වූයේ කොළඹ පැවැති මාධ්‍ය හමුවකදීය. මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ දිසානායක මහතා පැවසුවේ නායකත්ව ගුණාංග වර්ධනය කිරීමේ අරමුණින් එම සිසුන්ට අදාළ පුහුණුව ලබාදෙන බවයි.මේ අතර දැනට රට පුරා පවතින මාසයේ, සති දෙකේ යනාදී වූ ඩිප්ලෝමා සහතික පත් ප‍්‍රදානය කිරීමේ පාඨමාලා වැළැක්වීම සම්බන්ධයෙන් නීති රීති ඉදිරියේදී පාර්ලිමේන්තුවට ගෙන එන බව ද ඔහු සඳහන් කළේය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter