Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

අද දිවයින පුවත්පත වාර්තා කරන පුවතකින් දැක්වෙන්නේ කැලණිය පුද බිමේ චෛත්‍යරාජයාණන් වහන්සේගේ ජයාරූප ගත් කල අවස්ථාවේ අත්භූත ආලෝක ලප එහි සටහන්ව ඇති බවයි.  

එම පුවත
කැලණි රජමහා විහාරයේ දුරුතු මහ පෙරහැර පූජෝත්සවයේ උඩමළුවේ පෙරහැර ආරම්භවීමට පැයකට පමණ පෙර චෛත්‍යරාජයාණන් වහන්සේ ජයාරූප ගත කළ මොහොතේ එම ඡායාරූපයෙහි සටහන් වූ මේ සුවිශේෂ ආලෝක වෘත්තිය කුමක්‌ද? 
පළමු ඡායාරූපයේ එවැනි යමක්‌ දුටු සැණින් තත්පර දෙකක්‌ ඇතුළත ගත් අනෙක්‌ ඡායාරූපයේ අඳුරු අහස පමණක්‌ සටහන් වීමද සුවිශේෂ සිදුවීමකි. 

එම මොහොතේම ඩිජිටල් කැමරාවේ ඡායාරූපය දැකීමෙන් කැලණි රජමහා විහාරයේ විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්‌�ත හිහිපාණන් කියා සිටියේ කැලණි රජමහා වෙහෙරෙහි දෙවියන්ද වැඩවසන බවත් මෙය නියත වශයෙන්ම ඒ හා සම්බන්ධ වූ සිදුවීමක්‌ විය හැකි බවයි.
දිවයින 18/1/2011

මෙම අත්භූත ලප මොනවාද?


රාත්‍රී කාලයේදී පන්සල් ආශ්‍රිතව හා පින්කම් වලදී ගනු ලබන ජායාරුප වල මෙවැනි අත්භූත ලප දක්නට ඇති බවත් එම ලප දෙවියන් විය හැකි බවත් බොහෝ දෙනා විශ්වාස කරනවා.

අපගේ පියවි ඇසට නොපෙනෙන බොහෝ දෑ අධි තාක්ෂණික කැමරා වලට හසු වුවද ඉහත සදහන් කරන ලද අත්භූත ලප පිළිබද නම් විද්‍යාත්මක පැහැදිලි කිරීමක් ඇත.

රාත්‍රී කාලයේදී ජායාරුප ගන්නා බොහෝ දෙනා දැනටමත් මෙම අත්භූත ලප (White circular spots) පිළිබද අත්දැකීමකට මුහුණ දී තිබෙන්නට පුළුවන.මන්ද එය එතරම් සුලබව සිදු වන දෙයක් බැවිනි.


මෙම අත්භූත ලප හටගන්නේ වාතලයේ ඇති විවධ අංශුන් (දුවිලි , ජල වාෂ්ප) කැමරා කාචය අසලින් වාතලයේ සරිසරණ විට කැමරාවේ ෆ්ලෑෂ් එලිය ඒවා මතට වැටි පරාවර්තනය වීමෙනි.


මෙය බොහෝ විට රාත්‍රී කාලයටම සිදු වන්නේ රාත්‍රී කාලයේ අහසේ ඇති ජාල වාෂ්ප ඉහල බැවින් හා රාත්‍රී කාලයේ කැමරාවේ ෆ්ලෑෂ් එලිය ක්‍රියාත්මක වන බැවිනි

රාත්‍රී කාලයේදී ජායාරුප ගන්නා විට ෆ්ලෑෂ් එලිය ක්‍රියා විරහිත කිරීමෙන් හා කැමරාවේ Night Mode ක්‍රියාත්මක කිරීමෙන් මෙම එලි මග හරවා ගත හැක.  

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter