Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මේ දිනවල විකාශනය වන ජනප්‍රිය ටෙලි නාට්‍යක් වන බොද මීදුම් හි ප්‍රධාන චරිතයට රංගනයෙන් දායක වන උදාරි චාමිකා ඔඩෙල් වෙලද සැලේ සිදු වූ රෙදි සොරකම පිලිබද පසුගිය දිනවල වඩාත් ආන්දෝලනයට ලක් වුනා.එම සිදු විම හේතුවෙන් බොද මීදුම් විකාශනය නතර කිරීමටද සුදානමක් තිබුනා.මේ ඒ පිළිබද කතා බහකි. 

ඇයට නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා-රොස්මන්ඩ් සේනාරත්න (ස්වාධීන රූපවාහිනි සභාපති)

උදාරි අතින් සිදුවුණා යැයි කියන වරදට ඇයට නීතියෙන් දඬුවම් ලැබී තිබෙනවා. ඇය මේ වනවිට තමාට සිදු වුණා යැයි කියන බලපෑම්වලට නීතිය හමුවට ගොස් තිබෙනවා. 
‘බොඳ මීදුම්’ ස්වාධීන රූපවාහිනි සේවයෙන් විකාශය වන ජනප්‍රියතම ටෙලිනාට්‍යයක්. 


මෙම ටෙලිනාට්‍යය මගින් උදාරිට විශාල ජනප්‍රියත්වයක් ලැබුණා. උදාරි පිළිබඳ සිදුවීමට ප්‍රසිද්ධියක් ලැබෙන්න ඇයගේ ජනප්‍රියත්වය හේතු වුණා. මෙම සිදුවීම නිසා උදාරි විශාල වශයෙන් මානසික පීඩාවකට පත් වුණාට සැක නෑ. 

 ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයෙන් තමන්ට ඉවත්වීමට සිදුවූවොත් එය තමාගේ රංගන ජිවිතයට විශාල වශයෙන් බලපාන බවත් දිගටම එම ටෙලිනාට්‍යයේ රඟපෑමට තමාට ඉඩ ලබාදෙන ලෙසත් උදාරි ස්වාධීන

හැමෝම අතින් වැරදි වෙනවනෙ-චන්දික විජේසේන (බොඳ මීදුම් අධ්‍යක්ෂක)

මුලින් ම කියන්න ඕන උදාරි කියන්නෙ රංගන ක්ෂේත්‍රයේ දිගු ගමනක් යන්න හැකියාව තියෙන දක්ෂ නිළියක්. රූපගත කිරීම්වලදී අපි කියන දේට හොඳට ඇහුම් කන් දීල වැඩේට හොඳ සහයෝගයක් ලබාදෙනවා.



උදාරිට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇයට බොහෝ දෙනෙක් පහර ගහන වේලාවෙ ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂවරයා විදිහට මම උත්සාහ කළේ ඇයගේ මානසික මට්ටම වැටෙන්නෙ නැතිව තබාගන්න උදව් වෙන්න. 

හැමෝම අතින් වැරදි වෙනවනෙ. වැරදි නොකරන, නොකරපු කෙනෙක් මේ සමාජයේ නැහැනෙ. කවුරු හරි අතින් වරදක් වුණාම ඒ පස්සෙ පන්න පන්න ගහන එක නෙමෙයි වැඩේ. 

ඒ වැරැද්ද හරි ගස්සගෙන ඉදිරියට යන්න අතදීමයි වැදගත්. උදාරිගෙ ප්‍රශ්නයෙදිත් එයා කොන් කරල එයා ක්ෂේත්‍රයෙන් ඉවත් කරන්න අපට ඕන වුණේ නෑ. එයාගෙ මානසික තත්ත්වය හදාගෙන මේ නාට්‍යය තුළ ඉදිරියට ගෙන යන්න තමයි අපිට ඕන වුණේ. ‘බොඳ මීදුම්’ රූපගත කිරීම් වලදිත් උදාරිට කිසිම ප්‍රශ්නයක් වෙන්න මම ඉඩ තිබ්බේ නෑ. අපේ කණ්ඩායමේ කවුරුවත් උදාරි ගෙන් ඒ ප්‍රශ්නය ගැන ඇහුවේවත් නෑ. 

මට වැටෙන්න දුන් නෑ-උදාරී චාමිකා

මට ඇති වෙච්ච ප්‍රශ්නයෙදි ඇතැම් දෙනා මාව වට්ටවන්න උත්සාහ කළත් ‘බොඳ මීදුම්’ ටෙලිනාට්‍යයේ අධ්‍යක්ෂ, නළු නිළියන්ගේ සිට කෑම සපයන කෙනා දක්වා සියලු ම දෙනා මාත් එක්ක හිටියා. 

මට මානසිකව වැටෙන්න ඉඩ දුන්නේ නෑ.
ඒ වගේ ම ‘බොඳ මීදුම්’ නිෂ්පාදනය කළ නිල්වලා ආයතනයේ සියලුම දෙනාත් මාව අස්වැසුවා. ඒ සියලු ම දෙනා මාව ධෛර්යවත් කරමින් කතා කළා. ඒ වගේ ම මගේ අම්ම, තාත්ත, අයිය මගෙ සැමියා මාව අතහැරියෙ නෑ. 

ඒ අය සැම විටම මාව ධෛර්යවත් කරමින් මගෙ මානසික මට්ටම තිබුණටත් වඩා උසස් තැනකට ඔසවල තැබුවා.
ඒ නිසා ඒ සියලු ම දෙනාට මම ණය ගැතියි. ක්ෂේත්‍රයේ සිටින මගෙ සමකාලීන නළු නිළියන් සියලුම දෙනාත් මාත් එක්ක හිටිය. බොහෝ දෙනෙක් මගෙන් මේ ගැන ඇහුවෙවත් නෑ. 

කවුරුත් මට ගැරහුවෙ නෑ. හැබැයි නිරූපණ ක්ෂේත්‍රයේ ඉන්න කීප දෙනෙක් විවිධ දේවල් කියල තිබුණා. ඒ ගැන මට කනගාටුයි. නියම මිතුරන් මෙහිදී මම හඳුනා ගත්තා.    

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter