Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

එල්.ටී.ටී සංවිධානයේ නායක වේලුපිල්ලේ ප්‍රභාකරන්ගේ සමීපතයෙකු හා කලක් එහි ජේෂ්ඨ නායකයෙකු ලෙස කටයුතු කල කුමාරන් පද්මනාදන් හෙවත් කේ.පී 2009 අගෝස්තු මාසයේ සිංගප්පුරුවේ අත් අඩංගුවට ගැනීමෙන් පසුව හමුදා බාරයේ රදවා සිටියි.

පසු ගිය ඉරිදා යාපනයට ගිය කේ.පී එහි සමුපකාර සංගම් ශාලාවේ රැස්වීමක් පවත්වා ඇත. පසු ගිය 30 වසරක කාලය තුල යාපනයේ ජනතාව බියෙන් ජිවත් වූ බවත් දැන් ඔවුන්ට සාමයෙන් සහජීවනයෙන් ජිවත් වීමට අවස්ථව උදාවී ඇති බව ඔහු පවසා තිබේ.


එල්.ටී.ටී සංවිධානය කෙතරම් භයානක සංවිධානයක්ද බව මෙයින් පැහැදිලි වන බවත් යාපනයේ ජනතාවට විදීමට වූ කරදර හිරිහැර හා දුක් වේදනා ගැන තමා බෙහෙවින්ම කණගාටුවට පත්වන බව කේ.පී පවසා ඇත්තේ කදුළු සලමිනි.

යාපනයේ ජනතාවට සහන සැපයීම සදහා නැගෙනහිර පුනුරුත්තාපන හා සංවර්ධන සංවිධානයක්ද කේ.පී පිහිටුවා ඇති අතර එහි කටයුතු සිදු කෙරෙනුයේ කේ.පී ගේ මුදලිනි.මෙවැනි සුබ සාධන ක්‍රියා සිදු කිරීම මගින් ඔහු දේශපානයට පැමිණීමට ඉව අල්ලන බව බොහෝ දෙනාට සැකයක් මතුවී තිබේ. නමුත් කේ.පී එම සැකය ප්‍රතික්ෂේප කරයි.



ලක්බිම ඇසුරිනි

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter