Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් මනුරංග විජේසේකර රචනා කළ,ළහිරු පෙරේරා ගායනා කරන“එන්න දිනවන්න” පසුගිය දා මාධ්‍ය වෙත නිකුත් කරනු ලැබුවා.එම ගීතය පිලිබදව ප්‍රවීණ ගීත රචකයන් රසදුනට දැක්වූ අදහස් පහත වේ.

රස්තියාදුකාර භාෂාවක් - සමුද්‍ර වෙත්තසිංහ 

මහා ග්‍රාම්‍ය අව්‍යක්ත ප්‍රකාශනයක් විදිහටයි මම මේ ගීතය දකින්නේ.  ගීතමය භාෂාව පිළිබඳවවත් මූලික අවබෝධයක් නොමැතිව මේ ගීතය රචනා කර ඇති බවයි මට පෙනෙන්නේ. 


අපිට සුලභව අහන්න ලැබෙන නොගැඹුරු රස්තියාදුකාර භාෂා විලාසයක් මේ ගීතයේ අන්තර්ගතයි. ඇත්තටම ගීතයකට අවශ්‍ය භාෂාත්මක සාධනීයතාව මේ වචන තුළ නැහැ.

පද රචනය දැකලා මට ලැජ්ජා හිතුණා - නිලාර් එන්. කාසිම්

මම තවම මේ ගීතය ඇහුවෙ නැහැ. නමුත් මේ ගීතයේ පද රචනය පුවත්පතකින් දැක්කා. ඇත්තටම ඒ ගීතයේ පද රචනය දැක්කහම මට ලැජ්ජා හිතුණා.

මම දන්නෙ නැහැ මේ ගීතය කවුද ලිව්වේ කියලා.මෙහි දකින්නට තිබෙන්නේ වෙන රටවල්වලට ජාතීන්ට කරපු පහත් පෙළේ අපහාසයක් පමණයි.මට හරිම පුදුමයි මේ වගේ ගීතයක් මේ අයුරින් නිල ජයඝෝෂා ගීතයක් ලෙස යොදා ගත්තේ ඇයි කියලා.  




අවබෝධයක් නැතිව ලියපු ගීයක් - බුද්ධදාස ගලප්පත්ති

මම මේ සින්දුව ඇහුවෙ නැහැ. ඇත්තටම මට මේ සින්දුව අහන්නවත් දකින්නවත් ඕන නැහැ. මොකද මේ ගැන පත්තරවල පළවෙලා තිබුණු දේ මම කියෙව්වා. ඒ වගේම මේ සින්දුව රචනා කරපු කෙනා කියපු දේත් පත්තරවල මම දැක්කා. මට ඒක කියවන විට තේරුණේ එයා මහා උජාරුවට මහා ලොකු සින්දුවක් කළා වගේ කතා කරල තියෙන බවයි.

‘වඩේ බදින්න එන්න, චට්නි හදන්න එන්න’ මේ ගීතය ලියපු කෙනාට ඔළුවෙ අමාරුවක් තියෙනවද දන්නෙ නැහැ. ඇත්තම කියනවානම් ක්‍රිකට් පටලවාගෙන තමයි මේ ගීතය රචනා කර තිබෙන්නේ.මෙය අන්තිම බාල අවර ගණයේ නිර්මාණයක් විදිහටයි මට පෙනෙන්නේ.

අනිත් රටවල් හෙළා දැකලා - කැළුම් ශ්‍රීමාල්

මේ ගීතයේ අන්තර්ගතයේ ඇති දෙයක් නැහැ.මේ ගීතය ඇත්තටම අනෙක් රටවල් පහත් කොට සැලකීමක්. පරුෂ වචනවලට බෙහෙවින් සමාන වචන මාලාවක් මෙයට යොදාගෙන තිබෙන බව පෙනෙනවා.

ශ්‍රී ලංකා ටෙලිකොම් වැනි ජාතික ආයතනයක් මෙවැනි අවර ගණයේ ගීතයකට අනුග්‍රහය දක්වපු එක ගැන සදාචාරාත්මක ප්‍රශ්නයක් තිබෙනවා. ඇත්තටම මෙවැනි ගීත හැදෙන රටක ගීත රචකයෙක් විදිහට කටයුතු කරන්න සිදුවීම තුළ මට මං ගැනම දුක හිතෙනවා.

මට නම් රසයක් විඳින්න පුළුවන් - ආචාර්ය අජන්තා රණසිංහ

මේ ගීතය විනෝදාත්මක ගීතයක් ලෙස හඳුන්වන්න මම කැමැතියි. නමුත් මෙහි ප්‍රතිවාදීන් අවඥාවට ලක්කරලා තිබෙනවා. එයට නම් මම කිසිසේත්ම කැමැති නැහැ.අනෙක මේ ගීතය නිල වශයෙන් පිළිගත යුතු ගීතයකුත් නොවෙයි.




0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter