Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

එන්න දිනවන්න ගීතය තහනම් වෙයි! 
ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මැදිහත් වීමෙන් නිල ජයඝෝෂා ගීතය ලෙස එලි දැක්වුණු ලහිරු පෙරේරාගේ "එන්න දිනවන්න"ගීතය තහනම් කොට ඇත.
ගීතයේ අනෙක් රටවලට අපහාස වන පරිදි රචනා වී ඇති නිසා ජනාධිපතිතුමා මෙම තීරණය ගෙන ඇති බව වාර්තා වේ.
මෙම ගීතය වාදනය කිරීම අත්හිටුවීමට දැනටමත් පෞද්ගලික මාධ්‍ය ආයතන කිහිපයක් එකඟතාවය පලකොට ඇත. 
.......... 
මනුරංග විජේසේකර විසින් රචනා කරන ලද ලහිරු පෙරේරා ගායනා කරන "එන්න දිනවන්න" ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය ලෙස එලි දක්වන ලදී.

නමුත් එම ගීතයේ පද රචනයට දිගින් දිගටම මාධ්‍ය හරහා විවේචන එල්ල වෙන්න පටන් ගැනුනි.මෙම ගීතය ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල ජයගෝෂා" ගීතය කිරීම පිළිබද පැමිණිල්ලක් ජනාධිපතිවරයාටද යොමුකොට තිබිණි.


ඒ අනුව ජනාධිපතිවරයා විසින් ක්‍රීඩා ඇමතිවරයාට ලහිරුගේ ගීතය වෙනුවට වෙනත් ගීතයක් සකස් කරන ලෙස නියෝග කරනු ලැබිණි.ඒ අනුව මොබිටෙල් සමාගමේ අනුග්‍රහය යටතේ රූකාන්ත හා චන්ද්‍රලේකා විසින් ශ්‍රීලංකා කණ්ඩායමේ "නිල උපහාර" ගීතය නමින් ගීතයක් නිර්මාණය කොට ඇත.
එන්න දිනවන්න ගීතය බංගලාදේශයේ පැවති ලෝක කුසලාන සමාරම්භක උත්සවයට ගායනා කිරීම සදහාවත් අවසර ලැබී නොතිබිණි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter