Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


තවත් අභිරහස් යානයක් මුල්ලෙරියාවෙන් 

පසුගිය 5 වනදා රාත්‍රී 11.30 ට පමණ සේවය නිමවී යතුරු පැදියෙන් නිවසට යන නිවසට එන සිරිපැරකුම්බා මාවතේ පදිංචිකරුවෙක් එම මාවතට ඇතුළු වන තැනදී තමන් අඩි 100 කට පමණ ඉහල අහසේ නැවතී තිබෙන කවාකාර වස්තුවක් දුටු බව කියයි.එහි ඔහු දුටු පැත්තේ දීප්තිමත් ආලෝක ලප 6 ක් වූ බවද වාර්තා වේ.ඔහු සිය යතුරු පැදියේ නැගී මෙම වස්තුව පිටුපස ලුහුබැද ගියද එය අසල වෙල් යායක් අද්දරින් අතුරුදන්වී ඇත.

සිද්ධිය අසා සිටි එම මාවතේ පදිංචි තවත් පුද්ගලයෙක් ඊට පසු දින රාත්‍රියේ 11:45 - 11:55 පමණ වන විට එම හදුනා නොගත් වස්තුව දැක ඇත.ඔහු දැක ඇති වස්තුව අර්ධ කවාකරා වස්තුවක් වන අතර ඔහු දුටු පැත්තේ  අලූක ලප තුනක් තිබී ඇති අතර දෙපසින් නිවී නිවී දැල්වෙන ආලෝකයක්ද දැක ඇත.


ඊට පසු දින (7) වන දා ප්‍රදේශයේ පොලිසියද දැනුවත් කර පොලිස නිලධාරීන් හා ප්‍රදේශවාසීන් පිරිසක් එකතු වී හදාගෙන යන ගොඩනැගිල්ලක් මතට වී මෙම අත්භූත වස්තුව නරඹා ඇත.එදින කැලණිය ප්‍රදේශයේ සිට කොළඹ දෙසට එම වස්තුව ගමන් කරනු ඔවුන්ට දැක ගැනීමට හැකිවී ඇත. ඉන් පසුව පොලිස් නිලධ්රින්ගේ සහය ඇතුව මේ පිලිබදව ආතර් සි ක්ලාර්ක් මධ්‍යස්ථානයට මේ පිලිබදව දැනුවත් කර ඇත.

කඩුවෙල අහසේ හා මුල්ලේරියාවේ දිස් වූ ආලෝක සැබවින්ම දුටු දර්ශන වන අතර ඒ පිළිබද පොලිසියට හා ආතර්.සි ක්ලාක් මධ්‍යස්ථානයට දැනුම් දී ඇත.මේ අතර මේ දිනවල රූ ගත කිරීමට නියමිත "පිටසක්වල අභිරහස" නම් චිත්‍රපටයක් පිළිබද ප්‍රචාරක වැඩසටහනක්ද පුවත්පත් ඔස්සේ සිදු වෙයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter