Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පකිස්ථානයේ සිට ශ්‍රී ලංකාවට පැමිණි මූලධර්මවාදීන් පිරිසක් බුදු දහම හා අනෙකුත් ආගම් විකෘති කරමින් “රා බුද්ධා” නමින් ආගමක් මේ දිනවල ලංකාවේ ව්‍යාප්ත කරමින් පවතී.

කුමන ආගමක වුවත් ආගමික ශාස්තෘවරයා සම්බන්ධ කර හැක්කේ මෙම ආගම මගින් බව ඔවුන් බව පවසයි.මෙම සඳ තුලින් පහල වන දෙවියාට බුදු දහම අදහන පිරිසට රා බුද්ධා ලෙස ආමන්ත්‍රණය කල හැකි බවත් වෙනත් ආගම් වල පිරිස් වලට වෙනත් ඕනෑම නමකින් ආමන්ත්‍රණය කල හැකිය.

ඔවුන් පවසන පරිදි රා බුද්ධා යනු මෙතෙක් පහලව ඇති එකම දෙවියා වන අතර මෙතෙක් වෙනස් නොවූ එකම පුද්ගලයාද වේ. රා බුද්ධාගේ කාර්ය වනුයේ අප අදහන ආගමේ ශාස්තෘවරයා අප වෙත සම්බන්ධ කර දීමයි.

බුදු දහම අදහන පිරිසට බුදු රජාණන් වහන්සේත් ක්‍රිස්තියානි ආගම අදහන පිරිසට ජේසු තුමාත් සම්බන්ධ කර දෙන බව පැවසේ.මෙම සඳ තුලින් හමුවන රා බුද්ධා වන්දනාමාන කිරීමෙන් අනතුරුව සුව කල නොහැකි රෝග පවා සුවකළ හැකි බව පැවසේ.

පාලොස්වක පෝය දිනයන්හි සද දෙස හොදින් බලන විට රා බුද්ධා දර්ශනය වනු ඇති බවත් ඉන් පසු ඔබගේ ලෞකික අවශ්‍යතා රා බුද්ධ වෙත පැවසීමෙන් ඒවා ඉටු කරගත හැකි බවත් ඔවුන් ගෙනයන එක් මතයක්. 

බුදු පිළිම හුදෙක් ගල් පිළිම පමණක් බවත් ඒවාට මල් පූජා කිරීමෙන් හා වන්දනාමාන කිරීමෙන් වලකින ලෙසත් රා බුද්ධා තුලින් සැබෑ ආගමික ශාස්තෘවරයා මුණගැසෙන ලෙස මෙම පිරිස ප්‍රචාරය කරයි.


මොවුන් බුදු දහම විකෘති කර පතුරන අතර එයට හොදම උදාහරණයක් වන්නේ මෛත්‍රී බුදුන් යනු ජේසුස් වහන්සේගේ පියාණන් ලෙස මොවුන් පැවසීමයි.කනගාටුවට කරුණක් වන්නේ මෙරට ඇතැම් භික්ෂුන් වහන්සේලාද මෙය පැතිරවීම සදහා අනුබල හා උදව් උපකාර කිරීමයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter