Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මම දික්‌කසාද වෙන්න අදහස්‌ කළා – උපේක්‍ෂා කියයි

උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) සහ ඇගේ සැමියා අතර හටගත් ආරවුල නොදන්නා කෙනෙකු නැත.

ඇයට ඇගේ සැමියා විසින් පහර දී ඇතැයි කියනු ලබන සිද්ධිය පිළිබඳව විවිධ කතා පැතිර ගියත් එම කතා බොහෝමයක්‌ම මඩ ප්‍රහාර යනුවෙන් ඇය අපට හඳුන්වාදී තිබේ.

මෙම සිද්ධියෙන් පසු හාපුරා කියා උපේක්‍ෂා ස්‌වර්ණමාලි (පබා) මාධ්‍ය සමග කතාබස්‌ කරන ලැබුවේ අප සමඟ පමණය.

ඇය එක්‌ වතාවක්‌ නොව දෙවතාවක්‌ම අප සමග සිය ජංගම දුරකථනයෙන් සංවාදයට එක්‌ වූවාය.

පබා දැන් ඔබගේ සුවදුක්‌…

දැන් මට හුඟාක්‌ සුවයි…

ඔබට ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කළ බව ආරංචියි…

ඔව්, මම ප්ලාස්‌ටික්‌ සැත්කමක්‌ කරගත්තා. මගේ කම්මුල පැත්තට. ඒ සඳහා මුදල් වැය කළේ මගේ ඉන්ෂුවරන්ස්‌ එකෙන්.

මොකක්‌ද දැන් පවුල් ජීවිතය ගැන කියන්නේ

එයාට ඉඳලා හිටලා කේන්ති යනවා. හැබැයි එයාගේ හොඳ ගති පැවතුම් ගැනත් කියන්න ඕනෑ. එයාට මම තාමත් ආදරෙයි…. ඒත් මම අදහස්‌ කළා දික්‌කසාද වෙන්න. ඒක එයාටත් හොඳයි මටත් හොඳයි. බැරි වෙලාවත් එයාට කේන්ති ගිය විට එයා අමාරුවේ වැටෙනවාට මම කැමති නැහැ. එයා නීතියේ රැහැනට කොටු කරලා මට ලොකු සතුටක්‌ ලබන්න බැහැ. මම එහෙම කියන්නේ එයාගේ තියෙන හොඳ ගතිපැවතුම් බලලයි.

මෙම සිද්ධිය මහ ලොකුවට ප්‍රසිද්ධ වුණේ…

මිනිස්‌සු මහ පුදුම ජාතියක්‌. එක දෙක කරල කතා කරනවා. කතා හදනවා. ඇයි මිනිස්‌සු මේ විදිහට කතා හොයන්නේ මඩ ගහන්නෙ. පුදුම මිනිස්‌සු.

ඔබට සැමියා පහර දෙන්න තරම් හේතුව

පවුල් ආරවුල් කොහෙද නැත්තේ, සුළු සිද්ධි, ලොකු ප්‍රශ්නයක්‌ නැහැ. මගේ කලා නිර්මාණවලට ඉදිරියේදී සහභාගි වෙනවා.a

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter