Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

  • පට තිබුණු බාධක මොනවද?
  • ක්‍රිකට්පිල පිටුපස ඇති අදිසි බලවේගය
ලෝක කුසලානය අවසන්ය.නමුත් ලෝක කුසලානය ඉදිරියේ ලංකාව පරද වීම ඇතැමුන්ට තවමත් සිහිනයක් මෙන්ය.එයට සාධාරණ හේතු ද තිබිණි.ඒ ලංකාව ජයග්‍රහණය පෙනී පෙනී පරාජයට ලක් වීමයි.

නමුත් ඒ පිළිබඳව කතා කිරීමෙන් දැන් පලක් නැත.නමුත් ශ්‍රීලංකාව රටක් වශයෙන් අන්තර්ජාතිකව කැපී පෙනෙන එකම ක්‍රීඩාවේ අනාගතය පිලිබඳ සිතා බැලීම වටී.

ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ට්‍රේවල් බෙලීස් පුහුණුකරු වශයෙන් ඉවත්ව යන්නේ ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩයාම පිටුපස ඇති යම් දෙයක් පිළිබඳව ඉඟියක් ලබා දෙමිනි.


පසුගිය මාස 18 තුළ ශ්‍රී ලංකා කණ්ඩායම ඉතා හොදින් දක්ෂතා පෙන්නුම් කළ බවද ඔස්ට්‍රේලියාව මෙන්ම ශ්‍රී ලංකාවේද පරිපාලනය සහ කළමනාකාරිත්වයේ දියුණුවක් ඇති කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

තවද ක්‍රීඩකයන් හට බාධක කිහිපයකටම මුහුණ පාන සිදුවුණ බවත් එම බාධක අතර මෙතරම් හොදින් ක්‍රීඩා කිරීම පිලිබඳ තම සතුටු වන බවද ඔහු ප්‍රකාශ කොට ඇත.තරගය අවසානයේ සංගක්කාරගෙන් පටන්ගත් ඉල්ලා අස්වීම මහේල, අරවින්ද සිල්වා ඇතුළු තේරීම් කමිටුව හා අවසානයේ ශ්‍රීලංකා කණ්ඩායමේ ප්‍රවාහන බස් රථයේ රියදුරු දක්වා ව්‍යාප්ත විය. 

ට්‍රේවල් බෙලීස් ප්‍රකාශ කරන ආකාරයට සංගක්කාර හා මහේල අස්වීම ලැජ්ජාවකි.ඔහුට අනුව ශ්‍රීලංකා පිල ඉදිරියට ගෙන ඒම සඳහා සිටින හොඳම ක්‍රීඩකයන් දෙදෙනා වන්නේ මහේල හා සංගායි.තවද ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් මෙම සියලු ඉල්ලා අස්වීම් බාරගෙන ඇත.

දැන් ශ්‍රීලංකා ක්‍රිකට් ලෝලීන් තුනකට බෙදී සිටියි.පිරිසක් නැවතත් සංගක්කාර නායකත්වයට ඉල්ලන අතර තවත් පිරිසක් දිල්ෂාන් සඳහා කැමැත්ත පල කරයි.අනෙක් පිරිස මැතිව්ස් නායකත්වයට සුදුසු බව මත පල කරයි.


මේ අතර ශ්‍රීලංකා ක්‍රිකට් පිල පිලිබඳ කට කතා ද වේගයෙන් පැතිර යයි.ශ්‍රීලංකා ක්‍රිකට් පිලට දේශපාලන බලපෑම් එල්ල වුවයි යනුවෙන්ද මතිමතාන්තර ඇත.

ශ්‍රීලංකා ක්‍රිකට් පිල පිටුපස අදිසි බලවේගයක් ඇති බව පැහැදිලිය.නමුත් ඒ පිළිබඳව නිවරදි තොරතුරු නොමැතිව ඒ පිලිබඳ කතා මැවීම හෝ අවසන් තරගය පිලිබඳ විවිධ කෝණයන්ගෙන් බැලීම සුදුසු නැත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter