Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

පසුගිය දා ජය ශ්‍රී මහා බෝධි මලු මහා විහාර ධර්ම ශාලාව ඉදිකිරිම,රුවන්වැලි චෙයිත්‍ය රාජයානන් වහන්සේ ඇතුළු අනුරාධපුර අටමස්ථාන චෙයිත්‍ය රාජයානන් වහන්සේලා ස්වර්ණාලේප කොට රනින් බැබලවීම ආදී මර්වින් සිල්වා අමාත්‍යවරයා විසින් ඉටුකරන ලද සේවාවන් වෙනුවෙන් බුද්ධ ශාසන කීර්ති ශාසන බන්ධු යන ගෞරව නාමයෙන් පිදුම් ලැබූ අතර ලෝවාමහාපාය පිළිසකර කිරීම සඳහා ලක්ෂ 100 ක මුදලක් ප්‍රධානය කිරීමටද එකඟ විය. 

එතුමාගේ ආගමික ක්‍රියා වලට අපගේ කිසිදු විරුද්ධතාවයක් නොමැති වුවත් මේ සා මුදල් කන්දරාවක් ඇමතිවරයෙකු අතට පත්වන්නේ කෙසේද කියා සොයාබැලීම වටී.



පැලියගොඩ නව මාළු සංකීර්ණය වීවෘත කිරීමත් සමග ඇතිවූ කප්පම් සිදුවීම නිසා මර්වින්ගේ කප්පම් කල්ලියේ රහස් හෙළි විය.

කොළොඹ පිටකොටුවේ පවතී ශාන්ත ජෝන් කොළොඹ නගරයෙන් බැහැරට ගෙන ගොස් පැලියගොඩ ඉදිකිරීමේ ව්‍යාපෘතිය දියත් කලේ හිටපු ධීවර ඇමති
ෆීලික්ස් පෙරේරා විසිනි.


ඒ අනුව එතුමාගේ දේශපාලන හිතවතුන්ට පැලියගොඩ ඉදි වූ නව මාළු සංකීර්ණයේ කඩ කාමර කලින්ම වෙන් කරනු ලැබිය.

වර්තමාන ධීවර ඇමති වන රාජිත සේනාරත්න ඉතිරිය තමන්ගේ දේශපාලන අතකොලු හට වෙන්කොට දී ඇත.

මෙයින් කෝපයට පත්වුණේ පැලියගොඩ අයිතිවන ගම්පහ දිසාවේ මර්වින් සිල්වායි.ඒ ඔහුගේ ගෝල බාලයන්ට මාළු සංකීර්ණයේ කඩ කාමර කොටවක් නොලැබුණු බැවිනි.ඒ අනුව නව මාළු සංකීර්ණයේ කප්පම් ගැනීම හා හා පුරා කියා ආරම්භ විය.

පැලියගොඩ මාළු වෙළදපොලෙහි ඇති මාළු ලෑලි ගණන 160 කි. එක් ලෑල්ලකින් කප්පම්කරුවෝ දිනකට රුපියල් දෙදහසක් අය කරයි.


මාළුවෙළඳපොළට උතුරු නැගෙනහිර ප්‍රදේශවලින් දිනකට මාළු පෙට්ටි පටවන ලද ලොරි 80 ක් පමණ පැමිණේ. එක් ලොරියක මාළු පෙට්ටි 200 ක් පමණ අඩංගු වේ.කප්පම්කරුවෝ මෙම එක් ලොරියකින් රුපියල් දෙදහසක මුදලක්ද එක් මාළු පෙට්ටියකින් රුපියල් 25 ක් මුදලක්ද කප්පම් ලෙස ගනී. 


පුත්තලම, මිගමුව ඇතුළු දකුණු ප්‍රදේශයෙන්ද අධිශීතකරණ සහිත ලොරි තිහකට ආසන්න ගණනක් පැලියගොඩ මාළු වෙළඳපොළට පැමිණෙන අතර එක් ලොරියකින් අයකරන කප්පම් මුදල රුපියල් 2000 කි. 


තවද මෙම එක් මාළු ලෑල්ලක වටිනාකම රුපියල් 40 000 ක් පමණ වේ.නමුත් මර්වින්ගේ ගෝලයන් විසින් ලබාගත් මාළු ලෑලි ලබා දී ඇත්තේ රුපියල් 80000 ක් පමණ මුදලකටය.

මාළු ලෑලි වලින් (160*2000)                    = 320 000
උතුරු නැගෙනහිර ලොරි වලින් (80*2000) =160  000
මාළු පෙට්ටි වලින් (200*25)                     =    5 000
දකුණු පළාතේ ලොරිවලින් (30*2000)       =   60 000


මර්වින්ගේ දිනක දල කප්පම් ආදායම 545,000 ක් පමණ වේ. එයට කඩ බදු ලාභය වැනි අනෙකුත් ද එකතුකළ විට එය ලක්ෂ නවයකට වැඩි මිස නොඅඩු නොවේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter