කොටි නායකයින් ලංකාවෙන් පැන යාමට සූදානම් නම් එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වී සිටි බව කුමරන් පද්මනාදන් හෙවත් කේ.පී. ඉන්දීය මාධ්‍යයකට අනාවරණය කරයි.
කොටි සංවිධානයේ මහා අවි ජාවාරම් කරුවා මෙන්ම ප්‍රභාකරන්ගේ ඝාතනයෙන් පසුව එල්.ටී.ටී.ඊ.යේ නායකයාද වූ කේ.පී. විදෙස් රටක සැඟවී සිටියදී අත්අඩංගුවට පත්වූ අතර පසුව ලංකාවට පිටමං කළේය.
දැනට රජයේ අත්අඩංගුවේ සිටින කේ.පී. ඉන්දීය පුවත් පතක් වන THL Mediagrove වෙත සම්මුඛ සාකච්ඡාවක් ලබාදෙමින් පවසා තිබෙන්නේ අවසන් යුධ ගැටුම් පැවති කාලයේදී, එනම් 2009 මැයි 16 සිට 17 අතර කාලයේදී කොටි නායකයින් කැමති නම් ලංකාවෙන් බේරී වෙනත් රටකට පලා යාමට එක්සත් ජාතීන්ගේ සංවිධානය හා බටහිර රටක් එක්ව නැවක් එවීමට පොරොන්දු වූ බවයි.
මෙහිදී, සම්මුඛ සාකච්ඡාව මෙහෙයවා තිබෙන මාධ්‍යවේදියා මෙම රට කුමක්දැයි ප්‍රශ්න කර තිබෙන නමුත් එය එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ බටහිර රටක් බව පමණක් සඳහන් කිරීමට පද්මනාදන් වග බලාගෙන තිබේ.
කෙසේවෙතත්, එම ගලවා ගැනීමේ පොරොන්දුව ලබාදෙන විට ගලවා ගැනීමට නොහැකි ලෙස කල් පසුවී තිබුණු බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
මේ අතර, පද්මනාදන් පවසා තිබෙන්නේ බැන් කී මූන් විසින් පත්කළ කමිටුව මගින් ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කළ වාර්තාව ලංකාවේ දිගු කාලීන සාමය ඇති කිරීමට බාධාවක් වන බවයි.
Post a Comment
Your comment will be visible after approval