බොලිවුඞ් සිනමා තරුවක් හා ශී‍්‍ර ලංකේය රූ රැජිනක් වන ජැකලයින් ෆර්නැන්ඩස් රඟපෑ අලූත්ම සිනමා පටය වන නිමර්ඩර් -2 චිත‍්‍රපටය ලබන ජූලි 08 වැනිදා සිට තිරගතවීමට නියමිතය.
මර්ඩර් – 2 චිත‍්‍රපටය සරාගී දර්ශන ඇතුලත් චිත‍්‍රපටයක් වන අතර එහි අඩ නිරුවත් හා සරාගී දර්ශන කිහිපයක් සඳහාම ජැකලයින් පෙනී සිට ඇත.මේ උණුසුමත් සමඟම ජැකලයින්ටි මැක්සිම් ඉන්ඩියා සඟරාවේ ජුනි මාසයේ මුල් පිටුව ඇගේ රුවින් පුරවන්නටත් අවස්ථාව උදාවී ඇත. එසේම ඇගේ සම්මුඛ සාකච්ඡාවකට එහි ඇතුල් පිටක්ද වෙන්කර තිබේ.
මර්ඩර් පළමු චිත‍්‍රපටයේ රංගනයෙන් දායක වුයේ මල්ලික ශාරවත් වන අතර මෙවර එම චරිතයට ජැකොලයින් ඉම්රාන් හෂින් සමඟ සාධාරණයක් ඉටු කරනු ඇති බව බොහෝ දෙනෙකුගේ මතයවී තිබේ. කෙසේවුද මෙම චිත‍්‍රපටයේ රඟපෑමෙන් පසුව අවශ්‍යතාවය වෙනුවෙන් නිරුවත් දර්ශනයක රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශයක් ද කර තිබිණි.
අදාළ ප‍්‍රකාශයත් සමඟිමර්ඩර් 2’ චිත‍්‍රපටයට නොසිතූ ජනපි‍්‍රයත්වයක් ලැබුණු බවද පැවසේ.
මෙම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේිමර්ඩර් -2 සරාගී රංගනයෙන් පිරුණු චිත‍්‍රපටයක් බවයි. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත‍්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප‍්‍රකට නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ‍්‍රක්ෂකයන් ඇද ගත හැකි වුවත්ල විසිඑක් වැනි සියවසට එය ප‍්‍රමාණවත් නොවන බවයි. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත‍්‍රපටවලට වඩා යමක් ඇති බවත් මෝහිත් සූරි මාධ්‍යට ප‍්‍රකාශ කර ඇත.
වසර 2006 දී ශී‍්‍ර ලංකා රූ රැජින බවට පත් ජැකලයින්ගේ මව මැලේසියානු කාන්තාවකි. ජැකලයින් රඟපෑ පළමු බොලිවුඞ් සිනමා පටය වූ ඇලඩින්’ චිත‍්‍රපටයේ ඇගේ රංගනය වෙනුවෙන් පසුගිය අයිෆා සිනමා සම්මාන උළෙලේත්ල ස්ටාර්ඩස්ට් සම්මාන උළෙලේත් හොඳම නවක නිළිය ලෙස සම්මානයට පාත‍්‍ර වූවාය.
ජැකලයින්ල සජිඞ් ඛාන්ගේ හවුස්ෆුල් – 2 සඳහා ද තෝරා ගෙන ඇති අතර මේ සිනමා පටයේ රූගත කිරීම් වෙනුවෙන් ඇයට දින 40ක් එංගලන්තයේ රැඳී සිටීමට සිදුවනු ඇතැයි පැවසේ.
‘හවුස්ෆුල් – 2’ හේතුවෙන් මර්ඩර් -2 විත‍්‍රපටයේ ප‍්‍රවර්ධන කටයුතුවලට සහභාගි වීමට ඇයට නොහැකිවූ බවත් සිනමා ආරංචි මාර්ගවලින් වාර්තා වේ. ඇය මෙම චිත‍්‍රපටයේදී අක්ෂේ කුමාර් හා ජෝන් ඒබ‍්‍රහම් වැනි දක්‍ෂ නළුවන් සමඟ කරට කර රඟ පෑමට නියමිතය.
කෙටි ගීතමය ජවනිකාවකට හවුස්ෆුල් පළමු සිනමා පටයේදී ද ජැකලයින් පෙනී සිටියාය. ජැකලින් මෙහි ප‍්‍රථම වරට ජෝන් ඒබ‍්‍රහම්ගේ පෙම්වතිය බවට පත් වන්නීය. ‘හවුස්ෆුල් 2‘ ලබන වසරේදී තිරගතවීමට නියමිතය.
Post a Comment
Your comment will be visible after approval