Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

whiteවෛද්‍ය ඊලියන්ත වයිට් මහතාගෙන් වසරකට වැඩි කාලයක් ප‍්‍රතිකාර ලබාගත් දෙරණ නාලිකාවේ නිෂ්පාදකවරයෙකුගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් කකුලක් කපාදැමීමට පවා සිදුවී තිබේ.

මොහුට ඊලියන්ත වයිට්ගෙන් ප‍්‍රතිකාර ලබාගැනීමට උපදෙස් දී ඇත්තේ ‘දෙරණ’ නාලිකාවේ හිමිකරු දිලිත් ජයවීර මහතාය. කෙසේ වුවද මෙම වැඩසටහන් නිෂ්පාදකවරයාගේ රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් පසු වෙනත් වෛද්‍යවරයෙකු කරා යොමුකර ඇති දිලිත් ජයවීර මහතා එකී ප‍්‍රතිකාර සඳහා අවශ්‍ය සියලූ මුදල් තමා විසින් ලබාදෙන බවට සහතික වී තිබේ.
තවද අප වෙත වාර්තාවන පරිදි ඩලස් අලහප්පෙරුම අමාත්‍යවරයාගේ කොන්දේ අබාධයකට ඊලියන්ත වයිට් මහතා ප‍්‍රතිකාර කර ඇති අතර ප‍්‍රතිකාර ආරම්භයේදී සුවයක් ලැබී ඇතත් පසුව කොන්දේ අබාධය දැඩි ලෙස වර්ධනය වී ඇත.

කෙසේ වුවද ඊලියන්ත වයිට් මහතාගෙන් ප‍්‍රතිකාර ලබාගත් ජාතික ක‍්‍රීඩකයින් ගණනාවක් මේ වනවිට තහනම් උත්තේජක භාවිතා කිරීමේ චෝදනාවලට ලක්ව තරග තහනම්වලට පවා ලක්ව සිටියදී, ජාතික ක‍්‍රීඩා වෛද්‍ය ආයතනයේ අධ්‍යක්‍ෂ, ඊලියන්ත වයිට් මහතාගේ ගජ මිතුරෙකුවන විශේෂඥ වෛද්‍ය ගීතාංජන මෙන්ඩිස් මහතා ඊයේ (14)  පැවති ප‍්‍රවෘත්ති සාකච්ඡුාවකදී ප‍්‍රකාශ කළේ වයිට් මහතා ප‍්‍රතිකාර කරන්නේ වෛයිකල්පිත ක‍්‍රමයකට බවත් ඔහු එම කේෂ්ත‍්‍රයේ විශේෂඥයෙකු බවත්ය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter