මේ දිනවල ශ්‍රීලංකා ක්‍රීඩකයන් සහභාගී වී සිටින එංගලන්ත සංචාරය නිමාවීමෙන් පසුව මහේල ජයවර්ධන,කුමාර සංගක්කාර,ලසිත් මාලිංග යන ක්‍රීඩකයන් තිදෙනා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමග ඇති කොන්ත්‍රාත්තුවෙන් ඉවත් වීමේ සුදානමක් පවතින බවට වාර්තා වේ.
කොන්ත්‍රාත්තුවෙන් ඉවත්වූ පසු එම ක්‍රීඩකයන් තිදෙනාට තමන් කැමති තරගයකට සහභාගී විය හැකි අතර ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඔවුන්ට තරඟ වලට සහභාගී වන ලෙස බලපෑම් කල නොහැක.
ක්‍රීඩකයන් තිදෙනාගේ මෙම තීරණය ගැනීමට නිශ්චිත හේතුවක් වාර්තා නොවුනත් අභ්‍යන්තර ආරංචි මාර්ග ප්‍රකාශ කරන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දුෂිත ක්‍රියා කලාපය සහ ඉන්දියානු ප්‍රිමියර් ලිග් තරගාවලියේදී රට ගැන නොසිතා මුදල් වෙනුවෙන් ක්‍රීඩා කල බවට නැගුන චෝදනා හේතුවෙන්මෙම තීරණය ගත් බවයි.
Post a Comment
Your comment will be visible after approval