බළංගොඩ ප්‍රදේශයේ පාසල් සිසුන්ගේ ජංගම දුරකථනවලට අසභ්‍ය දර්ශන ඇතුළු කර මුදල් ගත් බව කියන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ.පොලීසිය සඳහන් කළේ, බලංගොඩ අලුත් නුවර ප්‍රදේශයේ දුරකථන සේවා මධ්‍යස්ථානයක තිබු එවැනි අන්දමේ අසභ්‍ය දර්ශන ඇතුළත් පරිගණකයක් සහ ජංගම දුරකථන කිහිපයක් ද සොයා ගැනීමට හැකි වු බවයි.කලක සිට මෙම ජාවාරම පිළිබඳව දෙමාපියන්ගෙන් සහ ඇතැම් ගුරුවරුන්ගෙන් තොරතුරු ලැබී තිබු බව ද පොලීසිය පැවසීය.සැකකරු අද බලංගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි.
Post a Comment
Your comment will be visible after approval