Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මම කලකිරීමෙන් ඉන්නේ - බොඳ මීදුම් සාලිය
Gayan Wickramathilakaපසුගිය දිනයක ගයාන් වික්‍රමතිලකට මහත් අකරතැබ්බයකට මුහුණ දෙන්නට සිදුවුණා. ඒ ඔහු සංගීත ප්‍රසංගයකට සහභාගී වෙන්න නුවර ගැටඹේ ක්‍රීඩාංගණයට ගොස් සිටියදී යම්කිසි පිරිසකගේ පහරකෑමට ලක්වීමයි. මෙම සිදුවීමෙන් පසුව ගයාන් තරමක් කලකිරීමකින් සිටින බැව් දැනගන්නට ලැබේ. මේ පිළිබඳව ගයාන් තම අදහස් ප්‍රකාශ කළේ මෙසේයි.

මේ සිද්ධියෙන් පස්සේ මම කළකිරීමෙන් ඉන්නේ. මින් ඉදිරියට කවදාවත් ප්‍රේක්ෂකයන් ඉදිරියට යන්නේ නැහැ. මගේ හිතේ බයක් හා සැකයක් ඇතිවෙලා තියෙනවා. මේ වගේ සිදුවීම්වලින් අන්තිමට වන්ඳි ගෙවන්න වෙන්නේ මගේ පවුලේ අයට. මට වෙන කවුරුත් උදව් කරන්නේ නැහැ කියලාත් තේරුම් ගත්තා.
අනෙත් එක කලාකරුවෙක්ට එහෙම දෙයක් වුණාම සොයාබැලිය යුතුයි. මගේ පෞද්ගලික ගමනක් නෙවෙයි ගියේ. ප්‍රේක්ෂකයින් සතුටු කරන්න ගිය ගමනක්. ඒ ගැන කවුරුත් සොයා බලන්න ආවේ නැහැ. මින් ඉදිරියට මේ වගේ වැඩවලදී පැත්තකට වෙලා ඉන්න එක තමයි හොඳම දෙය.
මේ වගේ හීනමානයකින් ඉන්න ප්‍රේක්ෂකයන්ගෙන් එස් එම් එස් එකක් ගහගන්න යන කලාකරුවොත් මේ රටේ ඉන්නවා. එවිට මිනිස්සු හිතනවා අපි තමයි ඔවුන්ව ජීවත් කරවන්නේ කියලා. එතකොට උන් හදනවා කලාකරුවන් පාලනය කරන්න. එස් එම් එස් එකක් ගැහැවුවම ඔවුන් හිතනවා ඔවුන් කියන විදියට සිටිය යුතුයි කියලා. මම ජීවිතයට කාගෙන්වත් එස් එම් එස් ඉල්ලලත්  නැහැ. ඉල්ලන්නෙත් නැහැ.
මේ පිළිබඳව මට අන්තිමටම කියන්න තියෙන්නේ මම ලංකාවේ මහ පොරක් නෙවෙයි. සාමාන්‍ය මනුස්සයෙක්. මට වඩා සෑහෙන්න දක්ෂයින්ට මොනවාහරි උනහම ඒ මිනිස්සු තනිවෙලා තියෙනවා. මම ඒ ගැන වැඩිය හිතන්නේ නැත්තේ ඒකයි. ප්‍රවීණයන්ට එහෙම වෙනවානම් මට උණු සිදුවීම ගැන එතරම් දුකක් නැහැ. අනිත් එක තමයි මම ජීවිතේට රංඟනයෙන් ඉවත් වන්නේත් නැහැ. 

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter