ඝාතනයට ලක් වූ ලිබියානු නායක කර්නල් මුවම්මර් අල් ගඩාෆිගේ සිරුර අද(25) රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිත බව ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලය උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
අනාගතයේ ගරුබුහුමන්වලට ලක්වීම වැළැක්වීම පිණිස එම සිරුර කාන්තාරයේ ඉතා රහසිගත ස්ථානයක මිහිදන් කිරීමට නියමිතව ඇත.
ඝාතනයට ලක්වූ ලිබියානු නායකයාගේ සිරුර මිස්රාටා නුවර ශීතාගාරයක ප්‍රදර්ශනය සඳහා තැන්පත් කර තිබූ අතර සිරුර දියවී යාමට පටන් ගැනීමත් සමඟ ගඩාෆි විරෝධීන්ට එම සිරුර තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගතව තිබේ.
කෙසේ නමුත් ගඩාෆි ජීවග්‍රහණයෙන් අල්ලාගැනීමෙන් අනතුරුව ඝාතනය කිරීම සම්බන්ධයෙන් පරීක්‍ෂණයක් පවත්වන ලෙස අන්තර්ජාතික ප්‍රජාවගෙන් එල්ලවන බලපෑම්වලට ලිබියානු අන්තර්වාර පාලන මණ්ඩලයට මුහුණ දීමට මේවන විට සිදුව ඇති බවද රොයිටර් පුවත් සේවය සඳහන් කර සිටියි.
Post a Comment
Your comment will be visible after approval