Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

srilanka_mpa_2011036_tnපසුගිය සිකුරාදා දකුණු වෙරළාබඩ ප්‍රදේශයන්ට බලපෑ තද කුණාටු සහිත සුළං තත්ත්වය පිළිබඳ ජනතාවට විශේෂ අනතුරු ඇඟවීමක් සිදුනොකිරීම පිළිබඳව මේවනවිට ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් වාර්තාවක් කැඳවා තිබෙනවා.

ඉන්දියානු කාලගුණ විද්‍යා බලදාරීන් එරට ජනතාව දැනුවත් කර තිබුන තිබුන අතර වර්ධනය වන සුලි සුලං තත්ත්වය සම්බන්ධයෙන් නාරා ආයතනගේ නිලධාරීන් ශ්‍රී ලංකාවද දැනුවත් කර තිබුනේ දින දෙකකටත් කලින්.

නමුත් ශ්‍රී ලංකා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් එය තැකීමක් කර තිබුනේ නෑ. ඔවුන් අනාවැකි පවසා තිබුනේ සුළු කැළඹිලි සහිත තත්ත්වයක් වායුගෝලයේ ඇතිවන බවකි.
ආපදා තත්ත්වය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වනවිට 17 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මසුන් ඇල්ලීම සඳහා මුහුදු ගිය ධීවරයින් 33 දෙනෙකු අතුරුදහන්ව තිබෙනවා. නිවාස 292ක් සම්පූර්ණයෙන් හානිවී තිබෙන අතර 2,665ක් අර්ථ වශයෙන් හානි වී තිබෙනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter