Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

F7ලංකාවේ පලමු ත්‍රිමාණ සිනමා ශාලාව පසුගියදා විවෘත කළා. ඒ මැජස්ටික්සිටි වෙළඳ සංකීර්ණයේ අලුතින් ඉදිවූ පස්වන මහලෙහිය. MC 3D Superior ලෙස නම් කර ඇති මෙහි පළමු ත්‍රිමාන චිත්‍රපටය ලෙස Three Musketeers චිත්‍රපටය පසුගිය 2 වනදා සිට ජනතාවට නැරඹීමට අවස්ථාව ලැබී තිබෙනවා.

මෙම සිනමාහලේ 170 දෙනෙකුට එකවර චිත්‍රපටය රසවිදීමට හැකියාව තිබෙනවා. චිත්‍රපටය ඇරඹෙනතුරු රැදී සිටීමටය අගනා විශාල විසිත්ත කාමරයක්ද තිබෙන අතර ආබාධිතයන් සඳහා චිත්‍රපට ශාලාවෙහි තරප්පු පෙළ වෙනුවට රෝදපුටුවකින් ගමන්කිරීමේ හැකියාවද තිබෙනවා.

5 වන මහලේ ඇති MC 3D Superior සිනමාහලට අමතරව එම මහලේම තවත් සිනමා ශාල 2ක් අලුතින් ඉදිකර තිබෙනවා. ඒවා නම් කර ඇත්තේ MC Ultra හා MC Gold ලෙසයි.

MC 3D Superior සිනමාහලෙහි ටිකට්පතක් රුපියල් 600ක් වන අතර MC Gold හි ටිකට්පතක් රුපියල් 750ක් වෙනවා. එසේම MC Ultra සිනමා හලෙහි හා හතරවන මහලේ පෙර සිට පැවති MC Platinum සිනමාහලෙහි ටිකට්පත් රුපියල් 400 බැගින් වෙනවා.
MC 3D Superior සිනමාහලෙහි මේ වනවිට ප්‍රදර්ශනය වන Three Musketeers චිත්‍රපටයට සමගාමීව අනෙක් සිනමා ශාලාවන්හි Hugo and Tower Heist චිත්‍රපටය ප්‍රදර්ශනය වෙනවා.

මෙම සිනමාහල් සමූහයෙහි කලමනාකරු, නෙල්සන් රාජරත්නම් පුල්ලි මහතා පවසන පරිදි ඔවුන් මේවනවිට 445 දෙනෙකුට එකවර චිත්‍රපට නැරබිය හැකි MC Platinum ශාලාවද තිමාන සිනමා ශාලාවක් කිරීමට බලාපොරොත්තුවෙන් සිටිනවා.

අලුතින් ඉදිවූ එම සිනමා ශාලාවන්හි ජායාරූප කිහිපයක් පහතින්.

F1F2F3

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter