අනුරධපුර, එප්පාවල, කඩිගාව ප්‍රදේශයේ තරුණියන් දෙදෙනකු සහ තරුණයකු ගෙල වැළලාගෙන ජීවිතක්ෂයට පත් වී තිබේ.
පොලීසිය පැවසුවේ, ඔවුන් සිය දිවි නසා ගෙන ඇතැයි, දැනට සැකකරන අතර අද පස්වරුවේ පැවැත්වුණු බවයි.
කඩිගාව ප්‍රදේශයේ වාසය කළ මෙම සොහොයුරියන් දෙදෙනා ප්‍රදේශයේම තවත් තරුණයකු සමග ආදර සම්බන්ධතාවයක් ඇති කරගෙන තිබූ බව පැවසේ.
අදාළ තරුණයා යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි.
17 හැවිරිදි එක් සහෝදරියක මීට වසර දෙකකට පමණ පෙර නිවසින් පැන ගොස් සිටි බව පැවසෙයි.
ඇය එවකට 15 හැවිරිදි බාලවයස්කාරියකව සිටි බැවින් තරුණයාට එරෙහිව නඩුවක් ද ගොනු කර තිබේ.
පසුකාලීනව ඔවුන් කඩිගාවේ පිහිටි තරණියගේ මවගේ නිවසේ වාසයට පැමිණ ඇත.
අදාළ තරුණයා 15 හැවිරිදි සිය නෑණන්ඩිය සමග ද සබඳතාවක් පවත්වා ඇතැයි, වාර්තා වේ.
ඔහු සමඟ ඇති වු ආරවුලක් පිළිබඳව තරුණියගේ මව ඉකුත් දිනක පොලීසියට ද පැමිණිලි කර තිබුණි.
තරුණියගේ මව
මම මෝලේ වැඩ කරලා එනකොට රුවන් ගෙදර අරක්කු බිබි ඉන්නවා. රුවන් ගොඩක් බීලා අපිට කචල් දාන්න එපා. හැමදාම මට රණ්ඩුනේ කරන්නේ මම වෙලාවකට රුවන් හින්දා ඔය කැලෙත් ඉන්නවා.
ඊයේ රාත්‍රියේ තරුණයා හා තරුණියන් දෙදෙනා නිවසින් පිටත්ව ගොස් ඇති අතර අද පෙරවරුවේ ඥාතියකු දැක තිබුණේ අසල ගසක ඔවුන්ගේ සිරුරු එල්ලෙමින් තිබූ ආකාරයයි.
Post a Comment
Your comment will be visible after approval