Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

Sarath-Fonseka-415ලබන වසර මුලදී ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට ලබාදීමට නියමිත පොදු සමාව කොන්දේසි රාශියක් මත දෙන නිදහසක් බව ඉතා විශ්වාසවන්ත කටයුතු මාර්ග වලින් වාර්තාවේ.මේ යටතේ ජෙනරාල් ෆොන්සේකා මහතා බන්ධනාගාරයෙන් නිදහස් කළද, ඔහුට දේශපාලන කටයුතුවලට සම්බන්ධවීමේ අයිතිය අහිමි කිරීමට නියමිතය.

ජෙනරාල් නිදහස් කර ගැනීම සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා පවත්වන පුද්ගලයින් මෙම කොන්දේසිවලට එකඟ වී ඇති බවත්, එහෙත් තමා මේ වෙනුවෙන් ඉදිරිපත් වන්නේ ජෙනරාල්ව කොන්දේසි විරහිතව නිදහස් කර ගැනීම සඳහා බවත් ගංගාරාමාධිපති පූජ්‍ය ගලබොඩ ඥානේෂ්වර හිමියන් එජාප ජ්‍යෙෂ්ඨ නායකයෙකු සමග ඊයේ (27) පවසා ඇත.දැනට යෝජනා කොට ඇති කොන්දේසි යටතේ ජෙනරාල් නිදහස් වුවහොත් ඔහුට හිරේ සිටියාටත් වඩා අන්ත ඉරණමක් අත්වනු ඇති බව උන්වහන්සේගේ අදහස වී තිබේ.

කෙසේ වුවද, අද (28) පෙරවරුවේ පැවැති මාධ්‍ය හමුවකදී එජාප පාර්ලිමේන්තු මන්තී‍්‍ර රවී කරුණානායක මහතා කියා සිටියේ, ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට කොන්දේසි විරහිත සමාවක් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.සරත් ෆොන්සේකා මහතා කිසිදු වරදක් කර නොමැති බැවින්, ඔහු ජනාධිපතිවරයාගෙන් සමාව ඉල්ලිය යුතු බවට කෙරෙන යෝජනා හාස්‍යයට කරුණක් බවද ඔහු සඳහන් කළේය. ෆොන්සේකා මහතා මේ වනවිට සිරගත කොට ඇත්තේ පසුගිය ජනාධිපතිවරණයේදී විපක්‍ෂයේ පොදු අපේක්‍ෂකයා ලෙස ඉදිරිපත්වීම නිසා බවත්, එය පැහැදිලිවම දේශපාලන පළිගැනීමක් බවත් ඔහු අවධාරණය කළේය.

යුද්ධය නිමා කර රටට සාමය උදා කර දුන් ජෙනරාල් ෆොන්සේකා හිරේ විලංගුවේ දැමීම පිළිබඳව ජනාධිපතිවරයා හා ආරක්‍ෂක ලේකම්වරයා, ජෙනරාල්වරයාගෙන් සමාව ඉල්ලීම වඩාත් යුක්තිසහගත වනු ඇති බව ඔහු වැඩිදුරටත් පැවසීය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter