Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

prew-srilankanපසුගිය දෙසැම්බර් 3 වැනිදා කොළඹ සිට බැංකොක් දක්වා ගමන් ගත් UL 422 මගී ගුවන් යානයේ දරු උපතක් සිදු වී ඇත. බැංකොක් වලට ගොඩබැසීමට ආසන්නයේ දී ගුවන් සේවිකාවන්ගේ දැනුම් දීම මත යානය පරීක්ෂා කරබැලීමේදී පිලිපීන ජාතික කාන්තාවකට දරු උපතක් සිදු වන බව දැන්ගන්නට ලැබී ඇත.

පසුව යානයේ පාලන අංශය කලබලයකින් තොරව ඉතාමත් නිශ්ශ්බ්දව මෙම තත්ත්වය පාලනය කර ඇත. බිළිඳා මඳක් දුර්වල තත්ත්වයේ පැවතුණු අතර යානය ගොඩබැස්සවීමෙන් පසු ඉතාමත් ඉක්මණින් බිළිඳා වෛද්‍ය ප‍්‍රතිකාර වලට යොමු කරන ලදි. මෙය ශ‍්‍රී ලංකා ගුවන් යානයක සාර්ථකව දරු උපතක් සිදුවූ සිව් වන අවස්ථාව වේ.

මීට පෙර පසුගිය මාර්තු 31වෙනිදා සවුදි අරාබියේ රියාද් නගරයේ සිට කොළඹ බලා ගමන්ගත් UL266 යානයේ මෙලෙසම දරු උපතක් සිදුවූ අතර 2009 ජනවාරි 14වනදා කොළඹ හරහා ඉන්දුනීසියාව බලා ගමන් ගත් UL264 යානයේදී ඉන්දුනීසියානු කාන්තවකට දරු ප්‍රසූතියක් මෙලෙස සිදු වී ඇත.

එම අවස්ථාවේ ජායාරුප පහතින් බලන්න

srilankan-(1)srilankan-(2)srilankan-(3)srilankan-(4)

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter