Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

article-2085374-0F6B421000000578-366_468x358සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයේදී වාර්තාගත පරාජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුනා.මෙය ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් තුල ලැබූ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා ගතවී තිබෙනවා.
ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් අම්ලා ළකුණු 112 ක්ද ජැක් කාලිස් ළකුණු 72 ක්ද නායක ඒ.බී. ඩ්විලියර්ස් ළකුණු 52 ක්ද ලබාගැනීසට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 54 කට කඩුළු 5 ක් දවාගැනීමට සමත්විය.

අනතුරුව ළකුණු 302 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹායාම සඳහා පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමට පන්දුවාර 20. ක් හා එක පන්දුවක් තුළදී සියළු දෙනා දැවී ලබාගත හැකිවූයේ ළකුණු 43 ක් පමණි. ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ළකුණු 10 සීමාව පසුකලේ කෝසල කුලසේකර පමණි. ඔහු ගත ලකුණු සංඛ්‍යාව 19 කි.

ශ්‍රී ලංකා කණ්ඩායම දිගින් දිගටම ලබන පරාජයන් හමුවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් දැඩි කනස්සල්ලට පත්ව සිටින අතර සංගක්කාර නැවත නායකත්වයට ගෙන ඒමට ක්‍රීඩා ක්‍රේෂ්ත්‍රයේ ප්‍රභාලයන් පිරිසක් මේ දිනවල උත්සාහ කරන බවද නිල නොවන ආරංචිමාර්ග සඳහන් කර සිටිනවා.

score-board

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter