Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

281738-27630-8අන්තර් ජාල බැංකු ගනුදෙනු ප්‍රවේශමෙන්
මෙරට බැංකු තුනක නම් භාවිතා කරමින් හොර වෙබ් අඩවි පහක් පමණ සාදා අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන් නොමග යවමින් ඔවුන්ගේ රහස් පද සොරා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක නිසා ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස යළිත් අනතුරු හැඟවෙයි.

ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදයට අද දිනයේදීත් මෙවැනි රහස් පද සොරා ගැනීම පිළිබඳ පැමිණිලි ලැබුණු බව මේ පිළිබඳව “විමසුම“ ට අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසීය.“මෙවැනි රහස් පද සොරා ගැනීම පිළිබඳ පැමිණි අද දිනයේදීත් අපට ලැබුණා. මේ අනුව, ලැබී ඇති සමස්ත පැමිණිලි ප්‍රමාණය දහයක්. ලංකාවේ ක්‍රියාත්මක පුද්ගලික බැංකු දෙකකත් රාජ්‍ය බැංකුවකත් නමින් හොර වෙබ් අඩවි පහක් පමණ තනා තිබෙනවා.“

“යාවත්කාලීන කිරීමට අවශ්‍ය බව දන්වමින් මෙම වෙබ් අඩවි විසින් සිය ලින්ක් එක ගනුදෙනු කරුවන්ලේ ඊ-මේල් ගිණුමට පණිවුඩයක් එවා තිබෙනවා. ඒක ක්ලික් කළවිට ගනුදෙනු කරුවන්ගේ රහස් පද සොරා ගැනීම කර තිබෙන බවටයි අනාවරණය වෙන්නෙ. මෙම වෙබ් අඩවි ලියාපදිංචි වෙලා තියෙන්නෙ ඇමරිකා එක්සත් ජනපදයේ. අපි ඇමරිකාවේ පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය මේ පිළිබඳව දැනුවත් කර තිබෙනවා. නමුත්, ඔවුන් ක්‍රියාත්මක වෙන්න ටික කාලයක් යාවි.“යනුවෙන් පල්ලියගුරු මහතා පැවසීය.

මේ නිසා, මෙවැනි සැක සහිත ලින්ක් වලට සිය තොරතුරු ඇතුළත් කිරීමෙන් වැලකී සිටින ලෙස හෙතෙම මෙරට අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන්ගෙන් ඉල්ලා සිටියේය.“මේ වගේ වෙබ් අඩවි හදන එක නතර කරන්න බෑ. මේ නිසා, ගනුදෙනු කරුවන්ට කියන්න තියෙන්නෙ මේ වගේ අවිශ්වාස වෙබ් ලින්ක් වලට ඇතුළු වෙන්න එපා කියන එකයි. කවදාවත් බැංකු මේ වගේ වෙබ් ලින්ක් අප්ඩේට් කරන්න කියල පණිවුඩ එවන්නෙ නෑ.“යනුවෙන්ද හෙතෙම කීය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter