Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


තමා ඉකුත් සැප්තැම්බර් 24 වන දින කොළඹ 7 පිහිටි ඔඩෙල් වෙළද සැලෙන් නිමි ඇදුම් මිලදී ගැනීමට ගිය බවත් එහිදී තමා විසින් තෝරා ගනු ලැබූ ඇදුම් තමාට ගැලපේදැයි පරික්ෂා කර බැලීමට ආයතනය තුල වූ කාමරයට ගිය බවත් එහිදී එම ස්ථානයට ආයතන සේවිකාවක් වන වරුණි චන්දිමා ද සිල්වා පැමිණ පරික්ෂා කිරීමටයි පවසමින් ආයතනයේ සාකච්චා පවත්වන කාමරයට තමා රැගෙන ගිය බවත් එම අවසථාවේදී අදාළ ස්ථානයට ආයතනයේ සේවක සේවිකාවන්ද පැමිණ තමාව දන ගස්වා මිලදී ගැනීමට තෝරා ගත් එම ඇදුම් තමාගේ කර වට දමා අවට බිම විසුරුවමින් තමාට ශාරීරික හා මානසික වද ලබා දෙමින් ජායාරුප ලබා ගත් බවත් එම ජායාරුප එක්තරා වෙබ් අඩවියක් හරහා ප්‍රසිද්ධ කොට ඇති බවත් ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා රහස් පොලිසියට ප්‍රකාශ කොට ඇත.
තමාගේ අවසරයකින් තොරව ජායාරුප ගැනීම,ශාරීරිකව මානසිකව වද හින්සා පැමිණවීම ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 341,342,483 යන වගන්තිවල වරදවල් පැමිණිලිකාරියට එරෙහිව කොට ඇති බවත් ඒ පිළිබව විමර්ශනය කරන බවත් රහස්පොලිසිය අධිකරණයට දන්වා ඇත.

පසුගිය දිනවල ඔඩෙල් වෙලදසැලෙන් රෙදි සොරකම් කොට වැරදිකාරිය වූ ටෙලිනාට්‍ය නිළි උදාරි චාමිකා වර්ණසූරිය එම සාප්පුවේ සේවකයන් පිරිසකට එරෙහිව පැමිනිල්ලක් කොට තිබෙනවා.ඒ තමා දණ ගස්වා එම රෙදි සමග පින්තූර ගත් බව කියමින්. ඒ අනුව රහස් පොලිසිය ඒ පිලිබද විමර්ශන කටයුතු ආරම්භ කර ඇති අතර එහි ප‍්‍රගතිය වාර්තා කරන ලෙස කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා රහස් පොලිසියට අද නියෝග කෙළේය.

අප වෙත වාර්තාවන පරිදි ඇය රෙදි සොරකම් කොට අසුවූ අවස්තාවේ පොලිසියට කතා නොකොට ඔඩෙල් හිමිකාරිනිය වන ඔටාරා ගුණවර්ධනගේ උපදෙස් මත ඇයගේ පෞද්ගලික ආරක්ෂක භටයා විසින් ඇයව බලෙන් දණ ගස්වා ඇත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter