විවාහය ලියාපදිංචි කිරීමට සියල්ල සූදානම් කර තිබියදී මනාලිය මියයාමේ පුවතක් අද (06) වැලිගම ප‍්‍රදේශයෙන් වාර්තා වුණා. මනාලයා, මනාලියගේ නිවසට එමින් සිටියදී, අතරමඟදී මනාලිය රෝගාතුරවී වැලිගම - වලාන මූලික රෝහලට ඇතුළත් කර තිබෙනවා. රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඇය මියගොස් තිබෙනවා. ජීවිතක්ෂයට පත්වන විට මනාලිය 19 වැනි වියේ පසුවන අතර මරණ පරීක්ෂණවලින් හෙලිවී ඇත්තේ වලිප්පුව සෑදිමෙන් ඇය මියගොස් ඇති බවයි. මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කිරීම සඳහා මෘත ශරීරය මාතර රෝහලට මාරුකර යවා තිබෙනවා.
Post a Comment
Your comment will be visible after approval