Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

 

 ශී‍්‍ර ලාංකේය බොලිවුඞ් තරුව ජැකොලයින් ෆර්ඩිනැන්ඞ්ස් ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ සම්පූර්ණයෙන් නිරුවත් රංගනයේ යෙදෙන ජවනිකා ඇතැයි යන රාවයත් සමග මේ දිනවල මුළු බොලිවුඩය කැළඹී ඇත.
තමන් දායක වන නිර්මාණයේ අවශ්‍යතාවය මත නිරුවත් දර්ශනයක වුවද රඟපෑමට තමන් සූදානම් බවට ජැකොලයින් මාධ්‍යට ප‍්‍රකාශ කිරීමත් සමග මේ උණුසුම දෙගුණ තෙගුණවී ඇතැයි ද පැවසේ.

එසේම මෙම චිත‍්‍රපටියේ අධ්‍යක්ෂ මෝහිත් සූරි කියාසිටින්නේ ‘මර්ඩර් -2’ සරාගී රංගනයෙන් පිරුණු චිත‍්‍රපටයක් බවයි. එහෙත් මෙම චිත‍්‍රපටියේ ජැකොලයින් නිරුවතින් රඟපාන්නේ ද නැද්ද යන්න පිළිබඳව ස්ථිරව ප‍්‍රකාශ කිරීමට අධ්‍යක්ෂ මෝහිත් සූරි අසමත් ව ඇත. ඔහු වැඩිදුරටත් කියා සිටින්නේ මීට පස්වසරකට පෙර චිත‍්‍රපටයකට සිපගැනීමේ දර්ශන හා ප‍්‍රසිද්ධ නිළියකගේ පිටුපස නිරාවරණය වන ආකාරයේ ජවනිකා ඇතුළත් කළ විගස පේ‍්‍රක්‍ෂකයන් ඇද ගත හැකි වුවත් විසිඑක් වැනි සියවසට එය ප‍්‍රමාණවත් නොවන බවත් සඳහන් කර තිබේ. එසේම මෙතෙක් දැක තිබෙන සරාගී චිත‍්‍රපටවලට වඩා යමක් ‘මර්ඩර් -2’ චිත‍්‍රපටයේ ඇති බවත් ඔහු ප‍්‍රකාශ කර ඇත.
කෙසේවුවද මෙම චිත‍්‍රපටය තිරගත වීමට තවත් සති කිහිපයක් ගතවනු ඇතැයි බොලිඩුච් ආරංචිවලින් වාර්තා කරයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter