Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online


  
*
      අද මැච් එකට ලසිත් ක්‍රිඩා කරනවා-සංගා

    *
      මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට

    *
      හැම දේටම කොළඹ සුදානම්
    *
      ටිකට් ඹ්ක්කම ඉවරයි

    මුරලිගේ- ලසිත්ගේ පන්දු යැවීම පාකිස්තානුවන්ගේ දැඩි අවධානයට
    ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේදී හෙට ශ්‍රී ලංකාවට එරෙහිව තරග බිමට පිවිසෙන පාකිස්තාන පිතිකරුවන් මුත්තයියා මුරලිදරන් හා ලසිත් මාලිංගගේ පන්දු යැවීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කර ඇත. මුත්තයියා මුරලිදරන් ශ්‍රී ලංකාවේ තණතීරුවල භයානක ලෙස පන්දු දඟ කවන්නෙක් බවත් මාලිංග ‘යෝකර්’ පන්දු යවන අභියෝගාත්මක ක්‍රීඩකයෙකු බවත් පාකිස්තාන ක්‍රිකට් නායක සහිඩ් අෆ්රිඩිගේ අදහස වී තිබේ. මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් අනතුරුව එක්දින ජාත්‍යන්තර ක්‍රීඩාපිටියෙන් සමුගැනීමට බලාපොරොත්තුවෙන් සිටින මුරලිදරන් දැනට එක්දින කඩුලු 521ක් ලබා ඇති අතර, ටෙස්ට් බිමෙන් සමුගනිද්දී ටෙස්ට් කඩුලු 800ක් ලබා ගත්තේය.
    ලසිත් මාලිංග කැනඩාව සමඟ පළමු තරගයට සහභාගී නොවුනද පාකිස්තානය සමඟ තරගයට අලුත් ජවයකින් එක්වනු ඇතැයි අෆ්රිඩිගේ අදහස වී තිබේ. “ආබාධ තත්ත්වයක් හේතුවෙන් මාලිංග කැනඩා තරගයට නොපැමිණි නිසා අපට තර්ජනාත්මකව පන්දු යවන්න පුළුවන්. ඔහුගේ පන්දු යැවීම කෙසේ වේවිද කියා අපි විමසිල්ලෙන් සිටිනවා” අෆ්රිඩි සඳහන් කළේය.
    මාලිංග – මුරලි හෝ ඕනෑම පන්දු යවන්නෙකුට සාර්ථකව මුහුණදීමට අප බලාපොරොත්තු වෙනවා” අෆ්රිඩි පැවැසීය. මේ අතර ඊයේ ඛෙත්තාරාම ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේ පුහුණුවීම් අතරතුරදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක චාමර කපුගෙදර පැවැසුවේ මෙවර ලෝක කුසලාන ජයග්‍රහණය අතිශයෙන් වැදගත් බවය. ක්‍රිකට් ලෝක කුසලානය ක්‍රිකට් පිටියෙන් සමුගන්නා මුරලිට උසස්ම උපහාරයක් වනු ඇතැයි කපුගෙදර පැවැසීය. “මුරලි විශේෂ පුද්ගලයෙක් ඔහු විශිෂ්ටයෙක්.” කපුගෙදර සඳහන් කළේය.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter