Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

මම එයාගෙන් දික්කසාද වෙනවා වෙබ් අඩවිවල නොයෙක් දේවල් යනවා
ඒ කාලෙත් ප්‍රශ්න තිබුණා එයාට පාලනය කරගන්න බැරි තරහක් එනවා
මේනක මගේ හොඳම යාළුවෙක්       නෙහාරා පීරිස්

     Nehara Peirisවෙබ් අඩවිවල මා ගැන නොයෙකුත් කතා පළවෙනවා. නමුත් ඒ දේවල් සියයට සියයක්ම ඇත්ත නෙවෙයි. මම දික්කසාද වෙන්න අවශ්‍ය නීතිමය පියවර සකස් කරමින් ඉන්නේ. ඒක ඇත්ත.
            මමයි නිර්මාලුයි අවුරුදු 2ක් ආදරය කරලා විවාහ වුණේ. ඒ කාලෙත් ප්‍රශ්න තිබුණා. විවාහ වුණාට පස්සේ කලින් තිබුණ ප්‍රශ්න එන්න එන්නම වැඩි වුණා. කීප වතාවක්ම ඩිවොස් වෙන තැනටම ආවත් ඒ වෙනකොට මා වටා විශාල ප්‍රේක්ෂක පිරිසක් හිටපු නිසා කලාකාරිණියක් හැටියට පවුලේ මොන ප්‍රශ්න තිබුණත් ආදර්ශවත් චරිතයක් වෙන්න ඕන කියලා හිතපු නිසා හැම ප්‍රශ්නයක්ම විසඳගන්න උත්සාහ කළා.

  ඒ හැමතැනකදිම හරහට හිටින්නේ නිර්මාල්ගේ අධික කෝපය තමයි. පොඩි පොඩි ප්‍රශ්න ඕනම පවුලක තියෙන නිසා සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන්න තමයි මම හිතුවේ. නමුත් ටික දවසකට කලින් තමයි තීරණය කළේ අපිට  එකට ජීවත් වෙන්න බැහැ කියලා. ටික දවසක ඉඳලා මම ඉන්නෙ මගේ දෙමාපියන් එක්ක. නිර්මාල් ඉන්නේ එයාගේ ගෙදර.
           අපි දෙපැත්තකට වෙලා ඉන්න නිසා තාත්තා කීපවතාවක්ම මේ ගැන කතා කරන්න නිර්මාල්ට අපේ ගෙදර එන්න කිව්වත් එයා ආවේ නැහැ. ඒ නිසා මමයි තාත්තයි නිර්මාල්ගේ බාල සොහොයුරයි තව අපේ යාලුවෙකුයි නිර්මාල්ගෙ ගෙදර ගියා. ඒ වෙලාවේ පාලනය කරගන්න බැරි තරහක් ඇවිත් ඩිවොස් එක ඕනෙමයි කියලා මේසේ උඩ තිබුණු වීදුරු භාජනයකින් තාත්තාට ගැහුවේ.
             මේනක මගේ හොඳම මිත්‍රයෙක්. මගේ හැම ප්‍රශ්නයකදිම ගොඩක් දේවල් ගැන කතා බහ කරන්නේ එයා එක්ක. හැම ප්‍රශ්නෙකදිම එයා මගේ ලඟින් හිටියා. එතැනින් එහාට කිසිම හිතවත්කමක් අපි අතර නැහැ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter