පසුගියදා පිහිටවූ යොවුන් පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරියක් ලෙස ඇතුලත් වීමට ආදීවාසි යුවතියක් වන ගීතා පුෂ්පරාණි සමත්වුනා.
මේ ඇය ඒ පිලිබඳ දක්වන අදහස් කිහිපයකි.
මම හිනකින් හිතපුදෙයක් නෙවෙයි මෙම තත්වය.තරුණ සේවා යෞවන සමාජයේ මම කටයුතු කළා.
එහිදී හොඳ පුහුණුවක් ලැබුවා.ඉන් පසුව යොවුන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියක් ලෙස මම කථානායක චමල් රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා.
යොවුන් පාර්ලිමේන්තුවට ලංකාවේ සෑම පළාතකින්ම පිරිස් පැමිණ සිටියා.මුලදී ටිකක් චකිතයක් දැනුනත් පසුව එය නැතිව ගියා.
මට තිබුන එකම ගැටලුව තමා ඇඳුම.මා ඇන්දේ අපේ අනන්‍යතාවය ලෙස හැට්ටයයි චිත්තයයි.මට එය ප්‍රශ්නයක් නොවුනත් අනෙක් අයට එය ප්‍රශ්නයක් වූ බව හැගුන වාර අනන්තයි.
කෙල්ලෙක් කියන්න මම ලජ්ජා නැහැ.ඒ ගැන මම ආඩම්බර වෙනවා.
අද න්ට කැලය අහිමිවෙලා.එදා අපිට වරිග හතක් තිබුනා.එත් අද වරිග සංඛ්‍යාව අඩුයි.
එදා අපි දඩයම් කරලා ජිවත් වුනත් අද අපි වගා කරලා තමයි ජිවත් වෙන්නේ.අපේ අයට වගා කරන්න ඉඩම් නැහැ.කාලයට යන්නත් අවසර ගන්න ඕන වෙලා.
මම අවස්ථාවක් ලැබුනොත් අපේ ආදවාසි ජනතාව වෙනුවෙන් දේශපාලනය කරන්න වුනත් සුදානම්
මේ පිළිබඳව ආදිවාසි නායක උරුවරෝගේ වන්නිලා ඇත්තන් දක්වන අදහස්.
මෙම වැඩසටහන මොකද්ද කියා තවම තේරුම්ගන්න අමාරුයි.එත් දරුවන්ට හොද දෙයක් වෙනවානම් හොඳයි.
මොකද ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ හුරාගේ ඉල්ලීමකට අනුව මම පාර්ලිමේන්තුව බලන්න වරක් ගියා.එතන අයගේ සමගිය අඩුයි.පොඩි දේටත් කොටා ගන්නවා.මට බය අපේ දරුවනුත් මේ දේවල්වලට හුරුවෙවිද කියල.
සටහන හා ජායාරුප : ලංකාදීප
Post a Comment
Your comment will be visible after approval