හෝමාගම නගරයේ පිහිටි මෝටර් රථ අමතර කොටස් විකුනණ වෙළඳ සැලකට ඔහු ගියේ ග‍්‍රීස් ටින් එකක් මිලදී ගැනීමටයග මැදිවියේ පසුවන වෙළඳ සේවකයාගෙන් ඔහු ග‍්‍රීස් ටින් එකක් ඉල්ලා සිටියේය. තරුණයාගේ හිස සිට දෙපතුල දක්වාම කිහිපවරක්ම බැලූ වෙළඳ සේවකයා හැඳුනුම්පත තිබෙනවාදැයි තරුණයාගෙන් විමසීය.
මොන හැඳුනුම්පතද වෙනදාත් ග‍්‍රීස් ගත්තේ හැඳුනුම්පත පෙන්නලාදැයි පුදුම වූ තරුණයා ඇසීය.
ඒ ඉස්සරග දැන් ග‍්‍රීස් ගැන රටේ හැම තැනම කතා වෙනවා තමුසෙත් කොහොම කෙනෙක්දැයි කවුද දන්නෙ. ඔය ඉල්ලන ඉල්ලන අයට ග‍්‍රීස් දීලා පොලිසි යන්න බෑ යයි වෙළඳ සේවකයා ග‍්‍රීස් විකණිමට අදිමදි කලේය.
මේ යකාට පිස්සු යයි තමාටම කියාගත් තරුණයා වෙනත් කඩයකින් තම උවමනාව ඉටු කර ගත්තේය.
Post a Comment
Your comment will be visible after approval