රජීව් ගාන්ධි ඝාතන නඩුවේ වරදකරුවන් වූ මුරුගන්, සාන්තන් සහ පෙරරිවාලන්ට මරණ දඬුවම ලබාදීමට තමා විරුද්ධ බවට ඇය ලියූ ලිපියක් ද සොයාගත් බව හින්දු පුවත්පත වාර්තා කරයි.

හින්දු පුවත්පත පැවසුවේ එම තරුණිය රෝහල්ගත කිරිමෙන් අනතුරුව මියගිය බවයි.
පී. සෙන්කොඩි නම් අදාළ තරුණිය සිය සිරුරට ගිනි තබාගෙන ඇත්තේ ඉන්දියාවේ කාන්චිපුරම් හි පිහිටි රජයේ කාර්යාලයක් තුළදීය.
ඒ සඳහා ඇය පෙට්‍රල් ලීටර් 2ක් පමණ භාවිත කර ඇති බව හින්දු පුවත්පත වාර්තා කළේය.
එම අවස්ථාවේ ඇය සල්වාර් ඇඳුමකින් සැරසී සිටි බව ඉන්දීය පොලිසය පවසයි.

මේ අතර අදාළ නඩුවේ වරදකරුවන් වෙනුවෙන් පෙනී සිටින නීතීඥ පුහලේන්දින්ගෙන් අප කළ විමසීමකදි ඔහු පැවසුවේ අදාළ වරදකරුවන්ට ලබාදුන් මරණ දඩුවම අත්හිටුවන්නැයි ඉල්ලා අද ඉන්දීය මහාධිකරණයේ නඩුවක් ගොනු කර බවයි.
Post a Comment
Your comment will be visible after approval