Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

ටොන් 06ක් බරැති අභ්‍යාවකාශ පර්යේෂණ චන්ද්‍රිකාවක් පෘථිවිය ආසන්නයේ දී කොටස් 26කට කැඩී පෘථිවිය මතට කඩා වැටීමේ අවධානමක් ඇතැයි නාසා විද්‍යාඥයින් අනතුරු අඟවති.
පසුගිය සිකුරාදා(16) නාසා බලධාරීන් මෙය පෘථිවියට ඉක්මණින් ලඟා වෙනු ඇති බවට අනාවැකි පළ කර ඇත.

එසේම ලබන සතියවන විට මේ පිළිබඳ වඩාත් සවිස්තරාත්මක තොරතුරු මහජනතාවට දැනුම දීමේ හැකියාව ලැබෙනු ඇතැයි ද විශ්වාස කෙරේ.
දැනට ඇන්ටාර්ක්ටිකාව හැර අනෙකුත් සියලු මහද්වීපයන්ට මෙම චන්ද්‍රිකාවේ කොටස් වැටෙනු ඇති බවට අනුමාන කර තිබේ. පෘථිවියෙන් සියයට 70ක් පමණ ජලයෙන් වැසී තිබෙන බැවින් ඉන් ඉතිරි කොටස මුළුමණින් ම ජනාවාස වී නොමැති බැවින් මෙමගින් දැවැන්ත විනාශයක් සිදුවෙතැයි අපේක්‍ෂා නොකෙරේ.
කෙසේ නමුත් තවමත් මෙම චන්ද්‍රිකාවේ කොටස් පෘථිවියේ කුමන ප්‍රදේශවලට වැටෙතැයි නිශ්චිත වශයෙන්ම කිව නොහැකි බව වාර්තාවේ.
කැනඩාවත් දකුණු ඇමෙරිකාවත් අතර සැතපුම් 500ක් තරම් වූ භූමි පාරාසයකට මෙම කොටස් වැටෙනු ඇති බවට ද නාසා විද්‍යාඥයෝ අනුමාන කරති.
එලෙස වැටෙන කොටස් පෘථිවි වැසියෙකුගේ සිරුරේ වැදීමෙන් අනතුරක් සිදු වීමේ සම්භාවිතාව ඉතා අවම මට්ටමක පවතී.
පොළව මතට මෙලෙස පතිත විය හැකි චන්ද්‍රිකා කොටසක උපරිම බර රාත්තල් 350ක් ලෙස සැලකෙන අතර ඉතිහාසයේ මෙතෙක් අභ්‍යාවකාශයෙන් වැටෙන සුන්බුන් පතිත වීමෙන් මෙතෙක් කිසිවෙකු ජීවිතක්‍ෂයට පත්වීමේ සිද්ධියක් වාර්තා වී නොමැත.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter