රාගම ප්‍රදේශයේදී නාඳුනන මැර පිරිසක් විසින් පැහැරගෙන යනු ලැබූ “ලොකු සීයා” නොහොත් රාගම දේවාලයේ කපු මහතා සොයා ආන්දෝලනාත්මක චරිතයක් ලෙස ප්‍රකට රජයේ දේශපාලනඥයෙක් මෙහෙයුමක් අරඹා තිබේ.
මේ අනුව “ලොකු සීයා” අතුරුදන් වූ පෙරේදා (27 දා) සැන්ඳෑවේ සිට මෙම දේශපාලනඥයා පොලිසියේ ඉහළම නිලධාරීන් කිහිප දෙනකුටම දුරකථනයෙන් කතා කර “ලොකු සීයා” පිළිබඳ තොරතුරු විමසා ඇතැයි ද වාර්තා වේ.
පොලිසිය ද මෙම සිද්ධිය පිළිබඳ පුළුල් විමර්ශනයක් අරඹා ඇතත් මෙතෙක් කිසිදු තොරතුරක් නැති බව අදාළ පොලිස් නිලධාරීන් දේශපාලනඥයාට දැනුම් දී ඇත.
අවිගත් මැර පිරිසක් විසින් මෙම පැහැර ගැනීම සිදු කර තිබුණු අතර අතුරුදන්ව සිටින “ලොකු සීයා” නමැත්තා කලක සිටම මහා පරිමාණයෙන් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ අයකු බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් කල්ලි අතර ඇති වූ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස මෙම පැහැර ගැනීම සිදුවී ඇතැයි යන්න පරීක්‍ෂණ පවත්වන පොලිස් කණ්‌ඩායම් සැකකරයි.
source – divaina

Post a Comment
Your comment will be visible after approval