Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

3459ARවිරෝධතාවයක් එල්ල වෙමින් තිබෙන පාඩු ලබන ව්‍යාපාර රජයට පවරා ගැනීමට ඉදිරිපත් කරන පනතට නගන චෝදනා පදනමක් නොමැති බව රජය වෙනුවෙන් අදහස් දක්වමින් ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල කියයි.

කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට අද සහභාගීවෙමින් අමාත්‍යවරයා පැවසුවේ මෙම හදිසි පනත මගින් ඉලක්ක කර තිබෙන්නේ බදු සහන ඇතුළු රජයෙන් සහන ලබා තිබියදීත් කළමනාකරණ දුර්වලතාවයන්ට හා අකාර්යක්ෂමතාවයන්ට මෙන්ම විවිධ වංචා දූෂණ හා විවිධ ගැටලු පවතින ජනතා හිතවාදී නොවන අසාර්ථක ව්‍යාපාරවල ඵලදායීතාවය නැංවීම සඳහා ඒවා රජයට පවරා ගැනීම බවයි.

විපක්ෂය සඳහා මුදල් යොදවන ව්‍යාපාරිකයින්ගේ ව්‍යාපාර රජයට පවරා ගැනීම ඉලක්ක කර මෙම පනත හඳුන්වා දීමට යන බවට නැගෙන චෝදනා අමාත්‍යවරයා මෙහිදී ප්‍රතික්ෂේප කළේය.
මෙම පනත නිසා විදේශීය ආයෝජකයින් මෙරටට පැමිණීම අඩුවීමට හේතුවනු ඇතැයි නැගෙන චෝදනාද රඹුක්වැල්ල අමාත්‍යවරයා බැහැර කළේය.
මෙම පනත මගින් සමහර විපක්ෂ ක්‍රියාකාරීන්ට අයත් දේපොළ ඇතුළුව පුද්ගලික සමාගම් 37 ක වත්කම් පවරා ගැනීමට රජය සූදානම් වනබව අනාවරණය වේ.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter