Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

van fireඋතුරු කළුතර, ඇලමෝදර පාලම අසළදී වෑන් රථයක හටගත් ගින්නෙන් මියගිය පුද්ගලයින් සිව්දෙනා පිළිබද මහේස්ත්‍රාත් පරික්ෂණය අද පෙරවරුවේ පැවැත්විය.පොලිසිය ප්‍රකාශ කළේ අනතුරුව මියගිය පුද්ගලයින්ගේ ‍සිරුරු නාගොඩ රෝහලට රැගෙන ගිය බවය.

ඒ පිළිබද පශ්චාත් මරණ පරික්ෂණය නාගොඩ රෝහලේදී පැවැත්වීමට නියමිතය.විදුලි කාන්දුවක් හේතුවෙන් වෑන් රථයේ තිබූ අනාරක්ෂිත පෙට්‍රල් ටැංකියකට ගිනි ඇවිලීමෙන් මෙම ගින්න පැතිරී තිබේ.අනතුරින් දිවි ගලවා ගත් රියදුරු පොලිසියට පවසා තිබෙන්නේ වෑන් රථයේ මගීන් ගමන් ගන්නා කොටසේ සවිකර තිබු බහාලුමක් තාවකාලික පෙට්‍රල් ටැංකිය ලෙස භාවිත කළ බවය.

LogoSwarnawahiniමේ දිනවල විශාල පරිපාලන අර්බුදයකට මුහුණ දී සිටින ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන ස්වර්ණවාහිනියේ නව කළමණාකාර අධ්‍යක්ෂකවරයා වන අසංග එදිරිසිංහ සහ ඔහුගේ ගෝලයාවන තුෂාන් මීමනගේ දිනෙන් දින පහතවැටෙන ස්වර්ණවාහිනී ‘රේටින්ස්’ වැඩිකරගැනීම සඳහා LMRB (Lanka Market Research Bureau) වෙත අල්ලස් ලබාදුන් බව වාර්තා වේ.

මෙසේ අල්ලස් ලබාදීමේ මූලික අරමුණ මේ වනවිට ස්වර්ණවාහිනියේ පරිපාලන කටයුතුවලින් කොන්කරදමා සිටින හිටපු ප‍්‍රධාන විධායක බුද්ධික කුළසේකර සම්පූර්ණයෙන්ම කපාදමා ඔහු යටතේ පවතින ඉතිරි බලතලත් පවරාගෙන ඔහුව පන්නා දැමීමයි. බුද්ධික විසින් රාත‍්‍රී 8.30 හේ ටෙලිනාට්‍ය විකාශනය කළ කාලයට වඩා මේ වනවිට නව පරිපාලනය යටතේ එම කාලය තුළ වැඩි පේ‍්‍රක්ෂකයින් ප‍්‍රමාණයක් මෙම නාට්‍ය නරඹන බව පෙන්නුම් කිරීමට අලූත් ලොක්කන් උත්සාහදරමින් සිටී.

12589837297-Lශ්‍රී ලංකාවෙන් පිටුවහල් කළ අන්තවාදී විදේශිකයන් එකසිය හැටපස්‌දෙනා සම්බන්ධ තබ්ලිග්හි ජමාම් සංවිධානය අල්කයිදා ත්‍රස්‌තවාදීන් විසින් මෙහෙයවන බව ඉන්ටර්පෝල් පොලිසිය හා ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙළිකර ඇත. අල්කයිදා සංවිධානය විසින් මෙම තබ්ලිස්‌හි ජමාම් සංවිධානයේ සාමාජිකයන්ට ජාත්‍යන්තර ගමන් සඳහා අරමුදල් සපයා වීසා ලබාගැනීමට ක්‍රියා කරන බව ද අනාවරණය වී තිබේ.

priyanka-chopra_shahrukh-khan___366804

පැණි වරකා ගහටත් හෙණ ගහනවලූ. ෂාරුක්ගෙයි ප‍්‍රියංකගෙයි හුටපටය ආරංචි වුණාට පස්සෙ ගොඩක් අය එහෙම හිතලා හිත හදාගත්තා. ලැව් ගින්නක් වගේ පැතිරුණු මේ කථාව ගැන මේ වෙනකං දෙන්නගෙන් කවුරුවත් කට හොල්ලලා නෑ. ඒත් මේ කටකථාවට ඉගිලෙන්න අත්තටු නම් දීලා.

download (1)බොලිවුඩ් නිළි රවීනා තන්ඩන් ඉන්දිය මුද්‍රිත මාධ්‍ය කිහිපයකට පසුගියදා දැඩිදෝෂාරෝපණයක් එල්ල කළාය.ඇය මෙසේ මාධ්‍යට දොස් නැගීමට හේතු වූයේඇගේ ඡායාරූප කිහිපයක් අදාල මුද‍්‍රිත මාධ්‍ය ඔස්සේ පලකර තිබීම නිසාය.
ඇයටත් නොදන්වාගත් එම ජායාරූපවලින් ඇයගේ සිරුරේ ඇතැම් අංග අනවශ්‍යපරිදි මතුකර පෙන්වා ඇතැයි රවීනා දොස් නගා තිබිනි.

එම ජායාරූපවලින් ඇගේ පිට ප‍්‍රදේශය වඩාත් ඉස්මතුව තිබූ බව පැවසේ.කෙසේවුදඑම ජායාරූප සම්බන්ධයෙන් රවීනා මෙසේ පවසා තිබිණි.”ඒ වගේ ඡායාරූපයක්දැන් කාලෙ ජනප‍්‍රිය වෙලා ඉන්න කට්රිනා කායිෆ්, ප‍්‍රියංකා චොප්රා, කරීනා කපුර් වැනි නිළියකට ගැළපෙනවා.’’

281738-27630-8අන්තර් ජාල බැංකු ගනුදෙනු ප්‍රවේශමෙන්
මෙරට බැංකු තුනක නම් භාවිතා කරමින් හොර වෙබ් අඩවි පහක් පමණ සාදා අන්තර් ජාල බැංකු ගනුදෙනු කරුවන් නොමග යවමින් ඔවුන්ගේ රහස් පද සොරා ගන්නා ජාවාරමක් ක්‍රියාත්මක නිසා ඒ පිළිබඳ වඩාත් සැලකිලිමත් වන ලෙස යළිත් අනතුරු හැඟවෙයි.

ශ්‍රී ලංකා පරිගණක හදීසි ප්‍රතිචාර සංසදයට අද දිනයේදීත් මෙවැනි රහස් පද සොරා ගැනීම පිළිබඳ පැමිණිලි ලැබුණු බව මේ පිළිබඳව “විමසුම“ ට අදහස් දක්වමින් එහි ජ්‍යෙෂ්ඨ තොරතුරු ආරක්ෂක ඉංජිනේරු රෝහණ පල්ලියගුරු පැවසීය.“මෙවැනි රහස් පද සොරා ගැනීම පිළිබඳ පැමිණි අද දිනයේදීත් අපට ලැබුණා. මේ අනුව, ලැබී ඇති සමස්ත පැමිණිලි ප්‍රමාණය දහයක්. ලංකාවේ ක්‍රියාත්මක පුද්ගලික බැංකු දෙකකත් රාජ්‍ය බැංකුවකත් නමින් හොර වෙබ් අඩවි පහක් පමණ තනා තිබෙනවා.“

lotaචන්න පදිංචිව සිටින්නේ කඩුවෙලය. අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ දක්‌වා පාසල් අධ්‍යාපනය ලැබූ මොහු ජීවිතයේ නැති බැරි අමාරුකම් හමුවේ ඇති තරම් තැළුණ, සැලුන, හැඩුව පාසල් ශිෂ්‍ය දිවියක්‌ ගෙවා දැමීය. මොහුගේ මව සමඟ උරණ වූ පියා මීට කලකට පෙර දරුවාද අතහැර දමා යන්න ගිය පසු චන්නගේ පාසල් දිවියද ඕනෑවට එපාවට ගෙවී යන්නට විය.
වයස අවුරුදු පහළොව, දහසය පිරෙන විටම වෙල්ඩින් වැඩපළක පොඩි පොඩි වැඩකර කීයක්‌ හෝ උපයාගන්නට චන්නට සිදුවූයේ බඩවියත රැක ගැනීමට මිස රස බොජුන් වැළඳීමට නොවේ.
චන්නගේ ජීවිතය පිළිබඳත්, මේ නරකාදියෙන් ගොඩ ඒමේ එකම මග රට යැම යෑයි කල්පනා කළ චන්නගේ මව රට රස්‌සාවකට යන්නේ චන්නගේ ජීවිතය පාළු කරමිනි.
චන්න කටේ කිරි සුවඳ යන්නටත් පෙර හොඳ වෙල්ඩින් කාර්මිකයකු බවට පත් වූයේ ඔහුට පිහිටි උපන් හපන්කම නිසාය.

roshan_chathurukaජනපි‍්‍රය නිලියක් වන චතුරිකා පීරිස් හා ජනපි‍්‍රය නළුවෙකු වන රොෂාන්පිලපිටියගේ මංගල්‍ය උත්සවය තවදුරටත් කල් යන බව වාර්තා වේ.

නැවත වරක් තම දෙපළ කාර්යබහුල වී ඇති බැවින් විවාහ මංගල්‍ය උත්සවයතවදුරටත් කල් යන බව චතුරිකා සතිඅන්ත පුවත්පතකට පවසා තිබේ.

මීට පෙර චතුරිකා ඔවුන්ගේ විවාහ මංගල්‍ය දිනෙන් දින කල්යාමට හේතුව ලෙසපෙන්වාදී තිබුණේ කේන්දරවලට අනුව විවාහ වීමට සුබ 2011 න් පසුව බවටදෛවඥයන් පවසා ඇති බව සඳහන් කරමිණි.

imagesපසුගිය නත්තල් දා තංගල්ලේ ‘නේචර් රීෆ්’ හෝටලයේ සිදුවූ වෙඞ්තැබීමකින් මියගිය බි‍්‍රතාන්‍ය ජාතික කුරාන් ශේක් සමාන්ගේ මිනිමරුවන් අතින් දුෂණයට ලක්වූ ඔහුගේ පෙම්වතිය වූ රුසියානු ජාතික වික්ටෝරියා ඇලෙක්සැන්ඩ්‍රෝව්නා මේ වනවිට කන්‍යාවක් බවට පත්වී ඇතැයි වාර්තා වේ.
තම පෙම්වතාගේ මරණයෙන් අනතුරුව බරපතල කැපීම් තුවාල සහ ලිංගික අතවරයන්ට ලක්වූ වික්ටෝරියා, ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලූ කරන විට සම්පූර්ණයෙන් සිහිසුන්ව සිටි අතර, ඇය පරික්‍ෂා කළ රෝහල් අධිකරන වෛද්‍ය නිලධාරිනිය ඇගේ වාර්තාවේ සඳහන් කර සිටියේ වික්ටෝරියා කැපුම්තුවාල වලට අමතරව පිරිමින් කිහිපදෙනෙකු විසින් බලහත්කාරයෙන් දූෂණය කර ඇති බවයි.

downloadහරේන්‍ද්‍ර ජයලාල් මහතා ස්වර්ණවාහිනියේ ප‍්‍රවෘත්ති අංශයේ ප‍්‍රධානියා වන අතර එම ධූරයෙන්ඉල්ලා අස්වීමට සුදානම්වන බව වාර්තා වේ.ජයලාල් මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය අද(17) පෙරවරුවේ එම නාලිකාවේ පාලනාධිකාරියට ලබාදී ඇතැයි පැවසේ.

එම ලිපියෙන් තව මසක කාලයකින් තමා ඉන් ඉවත්වන බව පාලනාධිකාරියට දන්වා ඇතැයි වාර්තාවේ.

S.B.Dissanayakeකට් කට්….ඒක එහෙම කියන්න එපා,මේ විදියට කියන්න..

උසස් පෙළ ප්‍රථිපල පිලිබදව පත්කෙරුණු විද්වත් කමිටුවේ සාමාජිකයන්ගේ සහභාගිත්වයෙන් සැකසුනු විශේෂ වැඩසටහනක් ඊයේ රාත්‍රියේ ජාතික රුපවාහිනියේ විකාශය වූ අතර එහි ඇතුලාන්තය පිලිබදව විස්තර අපිට ලැබී තිබෙනවා.

ඒ සදහා ධාරා විජේතිලක මහත්මිය,කොළඹ,මොරටුව,ඌව යන විශ්ව විද්‍යාලවල උප කුලපතිවරුන්,රාජකීය විද්‍යාලයේ විදුහල්පති ඇතුළු විද්වත් කමිටුවේ සාමාජිකයන් සහභාගී වූ අතර වැඩසටහන මෙහයවනු ලැබුවේ චමින්ද ගුණරත්න නිවේදකයයි.

සිරස සුපර්ස්ටාර් තුලින් ක්ෂේත‍්‍රයට එක්වූ සංඛ දිනේත්ගේ විවාහ මංගල්‍යය පසුගිය 07 වනදා සිනමන් ලේක්සයිඩ් හෝටලයේදී පැවැත්වුනා.
සංඛ විවාහවුයේ පෙම් සබඳතාවයක් මතවන අතර සංඛගේ මනාලිය වුයේ ටීනා ෆර්නැන්ඩෝයි.
සංඛ - ටීනා විවාහයේ ජායාරුප පහතින් බලන්න

sanka dineth wedding janadhipathi (5) (1)

article-2085374-0F6B421000000578-366_468x358සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර පැවැති පළමු එක්දින තරඟයේදී වාර්තාගත පරාජයක් හිමිකරගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම ඊයේ (11) සමත්වුනා.මෙය ශ්‍රීලංකා ක්‍රිකට් ඉතිහාසයේ එක්දින තරඟයක් තුල ලැබූ අඩුම ලකුණු ප්‍රමාණය ලෙස වාර්තා ගතවී තිබෙනවා.
ඊයේ පැවති තරඟයේද කාසියේ වාසිය දිනූ දකුණු අප්‍රිකානු කණ්ඩායම ප්‍රථමයෙන් පන්දුවට පහරදීමට තීරණය කල අතර ඔවුන් පන්දුවාර 50 අවසානයේ කඩුළු 8 ක් දැවී ළකුණු 301 ක් ලබාගැනීමට සමත්විය. එහිදී හෂීම් අම්ලා ළකුණු 112 ක්ද ජැක් කාලිස් ළකුණු 72 ක්ද නායක ඒ.බී. ඩ්විලියර්ස් ළකුණු 52 ක්ද ලබාගැනීසට සමත්විය. පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් ලසිත් මාලිංග ළකුණු 54 කට කඩුළු 5 ක් දවාගැනීමට සමත්විය.

kolaveri song sinhala edition

dk22012 වසරේ තිරගත වීමට නියමිත සුපිරි නළු රජිනි ඛාන්ත්ගේ දුව අශ්චර්යා විසින් අධ්‍යක්ෂණය කරන දමිල චිත්‍රපටයක් වන 3 චිත්‍රපටයේ ගීතයක් වන “කොලවරි ඩි” ගීතය ලොව පුරා ඉමහත් ජනප්‍රියතාවයට පත්ව තිබෙනවා.කෙටිම කලක් තුල වැඩිම ප්‍රමාණයක් නැරඹු වීඩියෝව ලෙසින්ද මෙම ගීතය යු ටියුබ් හි වාර්තා තබා තිබෙනවා.
kd3


මෙම ගීතයෙහි තනුව නිර්මාණය කොට ඇත්තේ 18 වියැති සංගීත සංස්කාරවරයෙකු වන අනිරුධ් රවීචන්ද්‍ර විසින්.අයිශ්වර්යාගේ ඉල්ලීම පිට මෙම තනුව අනිරුධ් විසින් නිර්මාණය කර දී ඇති අතර ඓශ්වර්යාගේ සැමියා වන ධනුෂ් විසින් එයට විනාඩි විස්සක් වැනි කාලයක් තුලදී පද රචනය කොට ගායනය සිදුකොට ඇත.

dk1මෙම ගීතය ලොව පුරා විවිධ අත්හදා බැලීම් වලට ලක්වන අතරේ ලංකාවේ පිරිසක්ද සිංහල බසින් මෙම ගීතය නැවත නිෂ්පාදනයකොට තිබෙනවා.
එය පහතින් බලන්න

mir 1mir 2

mir 3

image001දේශීය වාස්තු විද්‍යාඥ සැලසුම් අනුව රුපියල් කෝටි 1147 ක වියදමින් කොළඹ ඩී.ආර්විජයවර්ධන මාවතේ අට මහල් නෙළුම් කුළුනක් ඉදිකිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමනකොමිසම සැරසේ.උසින් මීටර් 350 ක් වන මෙම බහු සම්ප්‍රේෂණ කුළුනේ පාවෙන අවන්හලක්,විදුලිසංදේශකටුගෙයක්,ප්‍රදර්ශන ශාලා, භෝජනාගාර, අමුත්තන් දහසකට සහභාගී විය හැකිඋත්සව ශාලාවක්ද අතුළත් වෙයි.මේ කුළුනට ලබන 20 වැනිදා මුල්ගල් තබා මාස තිහකින්ඉදිකිරීම් නිම කිරීමට නියමිතය. ගිවිසුමට අද අත්සන් තැබිණි.චයිනා නැෂනල් ඉලෙට්‍රෝනික්ස්ඉන්පොර්ට් ඇන්ඩ් එක්ස්පෝර්ට් කෝපරේෂන් හා ඒරෝ ස්පේස් ලෝන්මාර්ච් ඉන්ටර්නැෂනල් ට්‍රේඩිං කෝපරේෂන් මෙහිඉදිකිරීම් බාරව සිටියි. නව ගුවන්විදුලි හා රූපවාහිනී සේවා100ක්ද විදුලි සංදේශ සේවා 20 කටද වේගවත් පහසුකම් සැපයීමට මේමධ්‍යස්ථානයට හැකි බව කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා කියයි.

image002

Business-Start-Up-Loanලැබූ 2012 වසරේදී රජයේ වියදම් පියවා ගැනීමට එක් දවසකදී අවම වශයෙන් රුපියල් කෝටි 315ක් බැගින් ණය ලබා ගැනීමට සිදුවී තිබේ.මහින්ද රාජපක්‍ෂ ආණ්ඩුව විසින් මෙම වසරට ඉදිරිපත්කර තිබෙන අය වැය ලේඛනයේ හිගය රුපියල් කෝටි 115000කි.

මෙට ඇස්තමේනතුව සාමාන්‍යයෙන් මෑත වසරවල ඇස්තමේන්තුව ඉක්මවා රජයේ වියදම් රුපියල් කෝටි 5000 කින් පමණ වැඩි වී ඇත. ඒ අනුව ගනන් කිරීමේදී අවම වශයෙන් දිනකට ලබා ගත යුතු ණය මුදල තවත් රුපියල් කෝටි 10 කින් ඉහල නැග ඇත. එවිට දිනක ණය මුදල රුපියල් කෝටි 325ක් වේ.

article-1088342-028B3062000005DC-108_634x491

2012 වසරේ ලෝක විනාශයක්‌ සිදුවන බවට මායාවරුන්ගේ දින දර්ශනයේ සඳහන් වී ඇති බවට කෙරෙන ප්‍රකාශය සාවද්‍ය බවත් එහි දක්‌වා ඇත්තේ දෙසැම්බර් 21 වැනිදා නව දින දර්ශනයක්‌ ආරම්භ වන බවත් මහාචාර්ය ලොරෙන්සෝ බැරිනෝ පවසයි.

වැඩිහිටි මායාවරුන් විසින් මෙම මායා කැලැන්ඩරය ක්‍රියාත්මක වන ආකාරය ගැන තමාට දැනුමක්‌ ලබාදුන් බවද හෙතෙම කියා සිටියේය. 2012 දෙසැම්බර් 21 වැනිදා අලුතින් දින දර්ශනයක්‌ ආරම්භ වෙනවා. මෙය සමහරු වැරදියට තේරුම්ගෙන ඇතැයි එම මහාචාර්යවරයා තවදුරටත් පැවසීය.

bus-1දකුණු අධිවේගී මාර්ගයේ අද පටන් ශ්‍රී ලංගම විසින් සුඛෝපභෝගී බස් රථ දෙකක් ධාවනයට එක්කළ අතර මුල් අදියරේදී මෙම බස්රථ දෙක පිවිසුම් ස්ථානවල නතර නොකරයි.

ඉදිරියේදී මගීන්ගෙන් ලැබෙන ඉල්ලුම අනුව පිවිසුම් ස්ථාන වලද නතර කරන පුළුල් බස්රථ සේවයක් ඇරඹීමට සැලසුම් කර තිබේ.

මේ අනුව, මෙම බස්රථ දෙක දැනට මහරගම සිට ගාල්ලට ධාවනය කෙරෙන අතර කොට්ටාවේ හා පින්නදූවේ පමණක් නතර කරයි.මෙහිදී, මහරගම සිට ගාල්ලට රුපියල් 400 ක්ද, කොට්ටාවේ සිට ගාල්ලට රුපියල් 380 ක්ද, කොට්ටාවේ සිට පින්නදූවට රුපියල් 350 ක්ද, මහරගම සිට පින්නදූවට රුපියල් 370 ක්ද අයකරනු ලබයි.

images (4) (1)වයඹ පළාතේ, කුරුණෑගල දිස්ති‍්‍රක්කය තුළ  ඕනෑම මැතිවරණ කොට්ඨාශයකින් කෑලි හැලෙන තාලයේ අබලන් පරණ වලව්වක් රුපියල් ලක්‍ෂ 350 සිට 400 දක්වා අත්පිට මුදලට මිලදී ගැනීමට රජයේ එක්තරා ඇමතිවරයෙකු හට අවශ්‍ය වී ඇති බව වාර්තාවේ.

අට සමත් වුවත්, ගරුතරව වෙසෙන මෙම ඇමතිවරයා එක්සත් ජාතික පක්‍ෂයේ සිට ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගැසූ අයෙකි. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාව මරාගෙන මැරෙන බෝම්බකරුවන් ලවා ඝාතනය කිරීමේ කොටි ව්‍යාපෘතියට අතහිත දුන් මෙම විරුද්ධ පක්‍ෂ දේශපාලනඥයා, එම ව්‍යාපෘතිය කෙල වී තමන් අත්අඩංගුවට ගැනීමට ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩු පක්‍ෂයට බල්ටියක් ගසා ජාම බේරා ගත් අයෙකි. 

Sarath-Fonseka-415සරත් ෆොන්සේකා මහතා සිර දඬුවමෙන් නිදහස් කිරීමට මැදිහත් වන ලෙස ඉල්ලමින් ඇමරිකාවට ඉදිරිපත් කෙරෙන පෙත්සම අත්සන් විසිපන්දහසක් සම්පූර්ණ වී ඇති බව ඒ මහතාගේ ආගමික කටයුතු සම්බන්ධීකාරක දීඝායූ අබේනායක මහතා පවසයි.

අත්සන් 25,000 සමඟ පෙත්සම මේ වන විට ඇමරිකාවේ ධවල මන්දිරයේ ජනාධිපති බැරක් ඔබාමාගේ කාර්යාලයටද යවා ඇතැයි පවසන ඒ මහතා අත්සන් ලබාදුන් සැමට ස්තුතිය පලකරන බවද කියා සිටී. අදාල පෙත්සම අත්සන් කරීම දැනට මසකට පමණ පෙර ආරම්භ විය.

මේ අතර මෙම පෙත්සම ලැබුනු බව සහ ඒ සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක‍්‍රියාමාර්ග සඳහා යොමු කර ඇති බව ධවල මන්දිර වෙබ් අඩවිය වාර්තා කරයි.

images (4)ගෙවුනු වසරේ විටෙක සතුටද විටෙක දුකද කම්කටොළු ද අඩු නොවීය. ඒමැදින් ධෛර්යයෙන් යුතුව ඔබ සමඟ පැමිණි මඟ සතුටට කරුණකි.අප වෙත ආ සෑම බාධකයක් ජය ගැනීමට හැකිවිය.එහිපිටුපස ඇත්තේ ඔබේ ශක්තියයි. ඔබේ ධෛර්යයයි. එවැනි පේ‍්‍රක්‍ෂක පිරිසක් සමඟ එක්වීමම මහඟු භාග්‍යයක් කොට සලකමු. අදින් ඇරඹෙන වසරේද නිවැරදි තොරතුරු බෙදාදීම අප වගකීම බව දනිමු. ඒ මඟින් ඔබ දැනුවත් කිරීමත්, එයින් යම් සමාජ සෝදකයෙකු ලෙස අප ඔබ සමඟ අත් වැල් බැඳගන්නෙමු. ඒ අප හා ඔබ අතර ඇති සදාතනික බැඳීමයි.

වසරක් ගෙවී වසරක් උදාවෙන වසර 2012 සියළු සිතුම් පැතුම් ඉටුවන නව වසරක් වේවායි උණුසුම් හඳින් සුභ පතන්නෙමු.

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter