Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

a_003

තමාගේ බලාපොරොත්තුව ලංකාවෙන් බිහිවු ප්‍රථම අභ්‍යවකාශගාමියා වෙන්න පමණක් නොවෙයි ලෝකයේ බිහිවූ ළාබාලම අභ්‍යවකාශගාමියා වීම බව ජනාධිපතිවරයාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ පවසනවා.
ඔහු මේ අදහස් පල කලේ කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරඟාවලියේදී මෝටර් රථ ධාවන තරඟයට සහභාගී වී දෙවන ස්ථානය ජයග්‍රහනය කිරීමෙන් පසුව පැවති විශේෂ සාකච්ඡාවකට සහභාගී වෙමිනි.

ඇයි මේ වගේ මෝටර් රථ ධාවන ඉසව් වලට සහභාගි වෙන්න තීරණය කලේ?
ඇත්තටම අපි ක්‍රීඩාවට හරිම ආසයි. අපේ මවුපියන් පොඩි කාලෙ ඉඳලම අපි ක්‍රීඩාවට යොමු කරලා තියෙන්නෙ. යාළුවොත් එක්ක උනත් අපි තරඟයක් දෙන්න ආසයි. අපි ගහගන්නවත් තවත් කෙනෙක්ව පරද්දලා සතුටු වෙන්නවත් නෙවෙයි තියන ආසාවටයි ක්‍රීඩාව කරන්නෙ. සහයෝගයෙන් තරඟයක් දෙන්න තමයි උත්සාහ කරන්නේ.
වෙන ක්‍රීඩාවක් තෝරගන්න තිබුණානේ...?


වෙන ක්‍රීඩාවක් කරනවා. ප්‍රධාන වශයෙන්ම රගර් ක්‍රීඩාවයි කරන්නේ. ඊට අමතරව විනෝදයක් වශයෙන් තමයි රේසිං ක්‍රීඩාව කරන්නේ.
රේසිං වලට එන්න කවුරුත් උපදෙස් දුන්නද?
කවුරුත් කියල දුන්නෙ නැහැ. දෙවෙනි අයියා රේසිං කරනවා. එයා කරනවා බලං ඉඳලා ආශාවට තමයි රේසිං වලට ට්‍රයි කරලා පටන්ගත්තේ. මුලින්ම පටන්ගත්තෙ තිස්සමහාරාමයේ රේස් එකෙන්. එහිදී දෙවන ස්ථානය ලබාගත්ත. ඊටපස්සෙ ෆොක්ස් හිල් පලමුවැනි ස්ථානය ලබාගත්තා. ඊටපස්සෙ නැවත මේ රේස් එකේ දෙවෙනි ස්ථානය ලබා ගත්තා.
අම්ම තාත්ත රේසිං පදින්න එපා කිව්වෙ නැද්ද?
නැහැ. අම්මයි තාත්තයි අපි ක්‍රීඩා කරනවට ආසයි. මොකද සාමාන්‍ය ජනතාවගේ ඇතුලට යන්න අවස්ථාව මේක තමයි කියල දන්නවා.අපි වෙන රටවල ඉගනගන්නේ. ලංකාවේ ජනතාවත් එක්ක හැසිරෙන්න වෙන අවස්ථාවක් නැහැ. ඒ වගේම ගමට ඇවිල්ලා අපේ කට්ටියත් එක්කම ක්‍රීඩාවේ යෙදෙන්නත් මම ආසයි.
වෙන රටවල ඉගනගන්නවා කියන දේ විස්තර කළොත්?
මම දැනට එංගලන්තයේ අභ්‍යාවකාශ විද්‍යාව හදාරනවා. දැන් කරන මාස්ටර් විභාගය තව මාස තුනකින් ඉවරයි. උපාධිය කරලා තියෙන්නේ එරොස්පේස් ඉංජිනියරින් (Aerospace Engineering) වලින්. රුසියාවේ ගිහිල්ලා ඇස්ට්‍රොනොට් (Astronaut) කෙනෙක් වෙන්න තමයි බලාපොරොත්තුව. ඒ බලාපොරොත්තුවත් ඉෂ්ටවෙයි කියලා හිතනවා. ඒ අතරතුර රගර් හා රේසිං ක්‍රීඩාව කරන්නයි අදහස.
රගර් ක්‍රීඩාව ගැන කතාකලොත්?
ගිය අවුරුද්දේ නේවි කණ්ඩායමට ක්‍රීඩා කළා. අයියා සෙල්ලම් කරන නිසා ඊට උඩ අවුරුද්දෙත් නේවි කණ්ඩායමට සෙල්ලම් කළා. මේ අවුරුද්දෙත් සමහරවිට වෙන කණ්ඩායමකට සෙල්ලම් කරන්න ඉඩ තියනවා.
අපේ තාත්තා මට කිව්වා එකම කණ්ඩායමකට සෙල්ලම් කරන්නේ නැතුව අනෙක් කණ්ඩායම්වල අයත් හඳුනාගන හැමතැනම සෙල්ලම් කරන්න. එක තැනකට වෙලා අනෙක් කට්ටියත් එක්ක ගහන්න එපා කියලා. තාත්තගේ උපදෙස් අනුව අපි වෙන ක්ලබ් එකකට යන්නත් ඉඩ තියනවා.
අනාගත බලාපොරොත්තුව මොකක්ද?
රේසිංවලින් නම් මේ මාර්ච් ඉවෙන්ට් එකයි හොන්ඩ ඉවෙන්ට් එකයි කරල රේසිං අතින් දියුණු වෙලා වෙන හොඳ ඉවෙන්ට් එකකටත් තරඟ කරන්න බලාපොරොත්තුවක් තියනවා.
මොන වගේ රැකියාවක් කරලද රටට සේවයක් කරන්න බලාපොරොත්තුවෙන්නේ?
ලංකාවෙන් බිහිවූ ප්‍රථම අභ්‍යාවකාශගාමියා වෙන්නයි බලාපොරොත්තුව. ලංකාවේ හා ලෝකයේ බාලතම අභ්‍යාවකාශගාමියා වෙන්න අවස්ථාව මට ලැබිලා තියනවා. දැනට ලෝකයේ ඉන්න ලාබාලතම අභ්‍යාවකාශගාමියාගේ වයස අවුරුදු 28ක්. මට තවම වයස අවුරුදු 22යි. මට අවුරුදු 24ක් 25ක් වෙනකොට ඒ තැනට යන්න අවස්ථාව තියනවා. දැනට අවුරුදු 28 වයසේ ඉන්නේ එංගලන්ත ජාතිකයෙක් අනෙක් අය ගොඩාක් ඉන්නේ ඇමරිකන්ස්ල.
දේශපාලනයට එන්න අදහසක් නැද්ද?
දෙශපාලනයට කැමති නැහැ. ලොකු අයියා දේශපාලනය කරනවා. දෙවැනි අයියා නාවික හමුදාවේ ඉන්නේ. මම ඊට අමතරව වෙනස් දෙයක් කරන්න ඕනේ කියලා හිතුවා. මොකද පොඩි කාලේ ඉඳලා දේශපාලන බෑක්ග්‍රවුන්ඩ් එකකින් ආපු හින්ඳා දේශපාලනයට වැඩි කැමැත්තක් දක්වන්නේ නැහැ. ඊට වඩා සම්පූර්ණ වෙනස් පුද්ගලයෙක් වශයෙන් ලෝකෙට ඉදිරිපත් වෙන්න මම ආසයි.
ලංකාවට මොන වගේ සේවයක් කරන්නද බලාපොරොත්තුව?
ප්‍රථම අභ්‍යාවකාශ ගවේශකයා වෙලා ලංකාවට කීර්තියක් ගෙනදෙන්න තමයි බලාපොරොත්තුව.
කාල්ටන් ස්පෝර්ට්ස් තරඟාවලිය ගැන ඔබේ මතය ප්‍රකාශ කළොත්?
මේ වගේ තරඟ උත්සව තවත් තියන්න ඕනේ. මේක අවුරුද්දකට එකයි තියන්නේ මීට වඩා ක්‍රීඩාව ගමට ගෙනියන්න ඕනේ. ක්‍රීඩව කියන්නේ තරඟ කරන එකම නෙවෙයි. එකිනෙකා අතර සහයෝගීතාවය දියුණු කරන්න ක්‍රීඩාව යොදාගන්න අවශ්‍යයි.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter