Hot Gossip Story's

Sri Lankan Gossip News Updats

Sinhala Fonts

Send Us

Fan on Facebook

English | Sinhala Latest news

Now Online

GPS for Bussesඇතැම් පෞද්ගලික බස් රථ මඟීන් පටවාගන අධික වේගයෙන් ධාවනය කරන අතර තවත් ඒවා මඟීන්ගේ කාලය කා දමමින් ඉබි ගමනින් ධාවනය කරනවා.
මෙම වැරදි අල්ලාගන දඬුවම් පැමිණිවීම සඳහා ජී.පී.එස් තාක්ශණය (පුද්ගලයා සිටින ස්ථාන හඳුනාගැනීමේ චන්ද්‍රිකා තාක්ෂණය) උපයෝගී කරගැනීම දිවයින පුරා ක්‍රියාත්මක කරන බව පෞද්ගලික ප්‍රවාහන ඇමති සී.බී රත්නායක මහතා පවසනවා.
නව වැඩපිළිවෙළ යටතේ බස් රථ නිරීක්ෂණය කිරීම සඳහා පෞද්ගලික අමාත්‍යාංශය හා ගමනාගමන කොමිෂන් සභා කාර්යාලයේ අධිතාක්ෂණික උපකරන ස්ථාපනය කෙරෙන බවයි සඳහන් වෙන්නේ.


මෙම අධිතාක්ශණික උපකරණ මඟින් පුද්ගලික බස් රථ ගමන් කරන වේගය, නවතා තබාගන සිටින ස්ථාන හා වේලාවන් ආදී සියළු තොරතුරු හෙළිකරගැනීමට හැකිවන අතර බස්‍ රථ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට හැකිවන බවද පැවසෙනවා.

මේ අතර කොන්දොස්තර වරු මඟින් ප්‍රවේශ පත්‍ර නිකුත් නොකිරීම සහ මාරු කාසි නොමැති බව හඟවමින් මඟීන්ට ප්‍රවේශ පත්‍ර වල ඉතිරි මුදල් නොගෙවන අවස්ථා පිළිබඳව දිනපතාම පැමිණිලි ලැබෙන බැවින් ඊට පිළියමක් ලෙස පෙරගෙවුම් කාඩ්පත් හඳුන්වාදීමටද ක්‍රියාකරන බවයි වාර්තා වෙන්නේ.
මෙම කාඩ්පත් ප්‍රයෝජනයට ගනිමින් බස් රථය තුළ සවිකරනු ලබන යන්ත්‍රය මඟින් ප්‍රවේශපත්‍ර ගාස්තුව ගෙවීමට මඟීන්ට පහසුකම් සැළසෙන අතර මෙමඟින් කොන්දොස්තරවරු හා මඟීන් අතර සිදුවන ගැටුම් හා බහින්බස්වීම් වැළකී යන බවද විශ්වාස කරනවා.

0 comments

Post a Comment

Your comment will be visible after approval

Related Posts Plugin for WordPress, Blogger...

Popular Gossips

Like It!

Visitor Map

visitors by country counter