මේ ගැටුම ඇති කලේ පාක්ෂිකයන් - අජිත් වීරසිංහ
මෙගා ස්ටාර් අවසන් තරගය ඉතාමත් සාධාරණ අයුරින් පැවැත්වුන කිසි බලවේගයක් ක්‍රියාත්මක නොවුන තරගයක්.අපේ උස මිටිකම් තානාන්තර පිළිබද සැලකිල්ලක් දැක්වුවේ නැහැ.බොහොම සාධාරණ තරගයක් පැවැත්වුනේ.මෙගා ස්ටාර් තරගයේදී කලබලකාරී තත්වයක් ඇති කල පිරිසෙන් බහුතරයක් පාක්ෂිකයන්.ඔවුන්ට බත් පැකට් හා මත්පැන් පොවලා මෙම තරගයට ගෙන එම නිසා තමයි ගැටලුව ඇති වුනේ. මේක සුළු පිරිසක් ඇති කල ගැටුමක්.
මෙගා ස්ටාර් නොවුන එක හොදයි - දයාසිරි ජයසේකර
අවසාන තරගය ඉතාමත් සුන්දර අත්දැකීමක්.ජනතාවගේ තිරණය අනුව මෙගා ස්ටාර් තෙරුනානම් එකේ ගැටළුවක් නැහැ.නමුත් ජනතාවට මෙගා ස්ටාර් තරගයේ තීරණය ගැන පහදීමක් තිබුනේ නෑ. ඒක නිසයි අජිත්ට මේ තරගයේ ජයග්‍රාහී සම්මානය දෙන්න ඉඩ නොදුන්නේ.කොහම උනත් මෙගා ස්ටාර් වෙන්න නොලැබීමත් දැන් හොදයි කියල දැන් හිතනවා.මට හිතෙන්නේ මෙගා ස්ටාර් වෙන්න ලබෙනවටත් වැඩ හොද ප්‍රතිචාර මට දැන් ලැබෙනවා කියලයි.කොච්චර ඉහල ප්‍රතිචාර ලැබෙනවද කිව්වොත් මගේ ජංගම දුරකථනය පවා ක්‍රියා විරහිත කරන්න වුනා.
මම හිටියේ නැත්නම් මෙගා ස්ටාර් දයාසිරි - සුරේෂ් ගමගේ
මේ තරගයෙන් පස්සේ මට සැහෙන්න කලකිරීමක් ඇති වුනා.ඒ ජයග්‍රහණය ලබන්න බැරි වුනා නිසා නෙවෙයි.අපිටත් එක්ක ජිවත් වෙන්නේ මිනිස්සුද කියල මට හිතාගන්න බෑ.මගේ ප්‍රර්ත්නය මේ වගේ මිනිස්සු ඉන්න ලෝකෙක මම ආපහු ඉපදෙන්න එපා කියල.මේ තරගයේ අවසන් තරගකරුවන් අතරේ මම හිටියේ නැත්නම් මෙගා ස්ටාර් වියයුතු පළමු කෙනා දයාසිරි ජයසේකර. දෙවැන්නා උපේක්ෂා ස්වර්ණමාලි.තුන්වැන්නෙක් නැහැ. ඒ තැනට දක්ෂ කෙනෙක් ඒ අතරේ හිටියේ නැහැ.
මෙගා ස්ටාර් විය යුත්තේ දයාසිරි ජයසේකර - උපේක්ෂා ස්වර්ණමාලි
මේ තරගයේ අවසන් විනිශ්චය පිළිබද මම පුදුමයට පත්වෙනවා,මෙගා ස්ටාර් කිරුල හිමිවිය යුත්තේ දයාසිරි ජයසේකරට.ඔහුට වඩා සුදුස්සෙක් අවසන් තරගයේ ජයග්‍රාහකයන් අතරේ හිටියේ නැහැ.
පිරිස පාලනය කරන්න අපි ඒක පතුරමක්වත් බාවිතා කලේ නැ-මර්වින් සිල්වා
එදා ඔබ ඇතුළු විනිශ්චය මණ්ඩලය කිව්වේ කිරුල හිමිවිය යුත්තේ දයාසිරි ජයසේකරට බවයි?
ඔව් ඒක ඇත්ත. මුල් තරගයේ ඉදල අපි ප්‍රේක්ෂකාගාරයට යම් යම් විනිශ්චයන් ලබා දුන්න.එහෙම විනිශ්චයන් ලබා දුන්නේ ප්‍රේක්ෂකයන් ඒවා තේරුම් අරන් නිවරදි ජයග්‍රාහකයා තෝරයි කියන බලාපොරොත්තුවෙන්.නමුත් තරගයේ මුල පටන් එහෙම දෙයක් වුනේ නැහැ.
මේ තරගයේ ගැටුමක් ඇති වුනා නේද?
ඔව් රියලිටි ගැන දැනුමක් නැති ය නිසා ගැටුමක් ඇති වුනා.ඔවුන් රියලිටි වැඩසටහන්වල තේරුම නොදන්නා නිසයි එහෙම දෙයක් වුනේ.
මෙයට ඔබේ මැදිහත්වීම සිදුවුනේ කුමන ආකාරයටද?
ස්වර්ණවාහිනිය කියන වැදගත් ආයතනය කෝටි ගානක් වියදම් කැටල කරන්න හදපු දේ එක්තරා පිරිසක් කඩාකප්පල් කරන්න හැදුව.ඒ ය කාමර කුඩු කරන්න හැදුව.මෙහෙම දෙයක් වෙද්දී මම අකමැත්තෙන් වුනත් ඒ දේට මැදිහත් වුනා. ඒ ප්‍රහාරය වැලැක්වීම සදහා.මම බොරු කියන කෙනෙක් නෙවේ. මම කීප දෙනෙක්ට ගැහුවා.කව්රු මට බැන්නත් දොස් කිව්වත් කරන්න ඕන දෙය මම ඒ වෙලාවට කරනවා.මේ වගේ මර කණ්ඩායම් වලට ස්වර්ණවාහිනී ආයතනයේ කාමර කුඩු කරන්න, අලභාහනි කරන්න දෙන්න බැහැ.මගේ ආරක්ෂක බටයන් අතේ තුවක්කු තිබුන.නමුත් මේ පිරිස පාලනය කරන්න අපි ඒක පතුරමක්වත් බාවිතා කලේ නැහැ.
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiwBuG32vqIC8CQ6c71Q-J0bguKXRqPLgoOsDT5lpjNP2KTjbcgsddU0yI8OIJ9olGJhBlpo_8EmLNLJbzCns5GQqFCt7hH8LGM9QglsYH3wZFH4o-fFW_3tS-UE8zE8SdqbyVMZxvvuUq3/s320/mega32.jpg)
මේක ජනතා තීන්දුව නොවේ-රෝසි සේනානායක
අපිට පෙන්නුවෙත් නැහැ. අපි බැලුවෙත් නැහැ - ෂර්ලි
තරගය තුලදී අපි ලබා දුන්න ලකුණු වුනත් එස්.එම්.එස්. නිසා බිද වැටුන.කොහම වුනත් තරගයේ එස්.එම්.එස්. ප්‍රමාණය අපිට පෙන්නුවෙත් නැහැ. අපි බැලුවෙත් නැහැ.
ගැටුමක් ඇතිවීම සාමාන්‍යයි - කමල් අද්දරආරච්චි
වින්ශ්චය මණ්ඩලයේ ය වගේම මමත් හිතුවේ තරගයේ ජයග්‍රාහකයා දයාසිරි වෙයි කියල.මේක එස්.එම්.එස්. තරගයක් නොවුන නම් අනිවාර්යයෙන් ජයග්‍රාහකයා විය යුත්තේ දයාසිරි ජයසේකර.ජයග්‍රහණය දැනුම් දෙද්දී නොසන්සුන්තාවයක් ඇති වුනා.එස්.එම්.එස්. මනාපය පිළිගන්නේ නැති නිසා මේ වගේ දෙයක් ඇතිවීම සාමාන්‍යයි
Post a Comment
Your comment will be visible after approval